UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දියුණුවේ දොරටුව 03 - ලෞකික දියුණුව නැත්නම් ජීවිතය සාර්ථක නෑ

දියුණුවේ දොරටුව 03

ලෞකික දියුණුව නැත්නම් ජීවිතය සාර්ථක නෑ

දියුණුව නැත්නම් තම ජීවිතය සාර්ථක නෑ. හැම අතින්ම අඩු ලුහුඬුකම් තියෙනවා. සාර්ථක ජීවිතයක් ගත කරන්නට ඔබ , අප සියලු දෙනාටම මේ දියුණුව අවශ්‍යයයි.

දියුණුව ක්‍රම දෙකයි. ඒ කියන්නේ හිතේ දියුණුව සහ බාහිර අංශයේ දියුණුවයි. හිත දියුණු කරගන්න ගමන් තමන්ගේ රැකියාවේ, අධ්‍යාපනයේ දියුණුවක් සකසා ගත යුතුයි. මේ දෙකම එකට යන විට ලොකු ශක්තියක් ගොඩ නැඟෙනවා. එවිට නිවැරැදි ජීවිතයක ගමන් කරන්න පුළුවන්.

අධ්‍යාපනයෙන් ඉහළට යාම, අධ්‍යාපනය දියුණුකර ගැනීමෙන් ඔිනෑම දෙයක් සිතාබලා කටයුතු කරන්න පුළුවන් ශක්තියක් ඇතිකර ගන්න. එය සකසා ගන්න බැරිවුණ අය පිරිහීමට පත් වුණා. දියුණුව ඇඳ වැටුණා. එහෙමනම්, අප පුළුවන් තරම් අපේ දියුණුව, අපේ යහපත, අපේ ආරක්ෂාව අපම හදාගන්නට අවශ්‍යයයි. එවිට ජීවිතය සුරක්ෂිතව ඉදිරියට ගෙන යන්න පුළුවන්.

සතුන් මැරීමෙන් වැළකීම, සොරකමින් වැළකීම, බොරුවෙන්, වංචාවෙන්, කපටිකමෙන් වැළකීම, මත්පැනෙන් වැළකීම යන කරුණු පහ දියුණු වීම සඳහා දෙසූ දහමක්. ඒවායේ යෙදුණු පුද්ගලයාට දියුණුවක් නෑ. පිරිහීමමයි ඇති වෙන්නේ. කිසි දිනක සැනසුමක් නෑ. අන්න ඒවා කොයි කවුරුත් දැන කියාගෙන සෙත ශාන්තිය යහපත දියුණුව සලසාගෙන කටයුතු කරන්නට නම් පංචශීලයට ගරු කරලා එය ආරක්ෂා කර ගන්න. පෝයටත් අටසිල් සමාදන් වෙන්න. අන්න එතකොට තමන්ගේ ජීවිතයට දියුණුව ,යහපත, සකසා ගන්න පුළුවන්. ඒවායෙන් තමන්ගේ ජීවිතය පුළුවන් තරම් ආලෝකවත් කරගෙන අඩුපාඩුකම් යටපත් කරගෙන ගුණ සම්පත් දියුණුව පිණිස ඉදිරියට යන්න මහන්සි විය යුතුයි.

මෙයට ශීලය අවශ්‍යයයි. ඒ තුළින් තරහ , වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යාවෝ නැති කරනවා. දානයෙන් තණ්හාව, ලෝභය නැති කරනවා. බණ ඇසීමෙන්, භාවනාවෙන් මෝඩකම (මෝහය) නැති කරනවා. ඒ නිසා ප්‍රධාන වශයෙන් තණ්හාව, ද්වේශය, මෝහය යන මූල ධර්ම තුනක් තිබෙනවා. මේවා නැති කරන්නට දාන , ශීල , භාවනා පින්කම් තුනක් දේශනා කර වදාළේ. ඒවායෙන් යහපත මිස අයහපතක් කාටවත් වෙලා නෑ.

දෙව්ලොව, බඹලොව ගිය සියලුම දෙනා දාන, ශීල, භාවනා පින්කම්වලින් තමයි ඒ තත්ත්වයට පත් වුණේ. බුදු, පසේ බුදු , මහරහත් උතුමෝ නමින් හඳුන්වන උතුමෝ ඒ තත්ත්වයට පත් වුණේ දාන, ශීල, භාවනා පින්කම්වලින්. එසේනම් සෑම දෙනාම තම ජීවිත සාර්ථක කර ගැනීමට මේ උදාර පින්කම් තුන සිදු කර ගන්න. එවිට බෝධි පාක්ෂික ධර්ම හොඳට දියුණු වෙනවා. හිත හොඳ නම්, හිත පිරිසුදු නම් බෝධි පාක්ෂික ධර්ම තිස් හතම හිතේ පහළ වෙනවා. චිත්ත වීතියක් ගානෙම ඒ බෝධි පාක්ෂික ධර්ම පහළ වුණහම ඒ පින්කම, ඒ හිත බොහොම බලගතුයි. ඒ බලගතුකම නිසා තමන්ට ඕනෑම දෙයක් ඕිනම විදිහකට ඉෂ්ඨකර ගන්න පුළුවන්. ඒ නිසා තම ආරක්ෂාව තමන් සකස් කර ගන්නවා වගේම තමාගේ හිතේ දියුණුව, හිතේ ආරක්ෂාව ගැනත් තම තමා සොයා බලන්න ඕන. එක් දහස් පන්සියයක් තරම් කෙලෙස්වලින් හිත විනාශ කර දමනවා. සිතේ ආරක්ෂාව නැති කරනවා. හිත පිරිහීමට ලක් කරනවා. ඒ තරම් සතුරු බලවේග හිතට වැඩියි.

සිහි නුවණින් කරන්නේ සතුරු බලවේගවලට ආරක්ෂාවක් දෙනවා. එසේනම්, අපට සිත දමනය කර ගන්න, සිත ආරක්ෂා කර ගන්න පුළුවන්. සතුරු බලවේග පරාජයට පත් කරන්න. අප්‍රමාදය නැති, සිහිය නැති අය සතුරන්ට අහුවෙලා ජීවිත නැති කරගෙන, අලාභානි ඇති කරගෙන ජිවිතය අඳුරු තත්ත්වයට රැගෙන යනවා.


 

     ‍  බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 27 වැනිදා ඉරිදා දිවා 12.06 ට ලබයි. 28 වැනි දා සඳුදා පූර්වභාග 08.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 04 වැනිදා ඉරිදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04

Full Moonඅමාවක

ඔක්තෝබර් 12

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]