UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

මහමූකලංයාය, බෝගමුව හංදිය ‘සැනසුම ’ හි පදිංචි නදීෂා නිමන්ති අබේවික්‍රම (33) එක් දරු මවකි. ඇයගේ වකුගඩු දෙකම අක්‍රීය වී ඇති බව වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව දන්වා ඇත. ඇයට බී හෝ ඕ කාණ්ඩයට අයත් වකුගඩුවක් පරිත්‍යාග කරන ලෙස ඉල්ලීමක් කරයි. වැඩිවිස්තර 0718185969 හෝ 0772974348 ට දැනුම් දිය හැක.

 


කොළඹ 15, මෝදර, පදිංචි වෛද්‍යවරයෙක් සඳහා ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව දන්වා ඇත. පරිත්‍යාගශීලින් වේ නම් දුරකතන 0756740303 ට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


204, රංගමාලි, ලියගොඩ, හබරාදුව, එම්.පී. ජෙසිකා ගංගානි (අවු. 30 ) යන අය දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව දන්වා ඇත. එබැවින් ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව ගාල්ල කරාපිටිය රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරයා දන්වා ඇති බව කියා සිටියි. මෙම ශල්‍යකර්මයට විශාල මුදලක් අවශ්‍ය වන අතර මෙම මුදල ඇයට සොයාගත නොහැකි බව කියයි. පරිත්‍යාගශීලීන් වේ නම් සම්පත් බැංකුවේ ගිණුම් අංක 118154305277 මුදල් බැර කළ හැක. වැඩිවිස්තර දුරකථන අංක 077 3483907 (නිශාන්), 071 0451764 (නිලංග) දැනගත හැක.


කඳාන, තෙරේසා මාවත අංක 95/4 හි පදිංචි ඊ.එන්.පී. සොයිසා දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව දන්වා ඇත. ඔහුට “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇත. පරිත්‍යාගශීලීන් වේ නම් දුරකථන අංක 0773054330 හෝ 0776775030 දැනුම් දිය හැක. මුදල් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වේ නම් කොමර්ෂල් බැංකුව, කඳාන හි ගිණුම් අංක 8310036497 මුදල් බැර කළ හැක.


කඳාන ජයසමරුගම 31/4 ලිපිනයෙහි පදිංචි කේ.එස්. දිල්රුක්ෂි නැමති 36 එක් දරු මව දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. ඇයගේ ජීවිතය බේරා ගැනීමට ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය රුෂික ලැනරෝල් මහතා නිර්දේශ කර ඇති බව කියා සිටියි. මෙම ශල්‍යකර්මය සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් දුරකථන අංක 0713917111 හෝ, 0777 007214, 071 4404783 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


මහනුවර, පේරාදෙණිය පාර,අංක 151 හි පදිංචි තිදරු මවක් දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව දන්වා සිටියි. ඇයට ඕ (ර්‍ණ) පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වෙ නම් දුරකතන 0768739397 දැනුම් දිය හැකිය.


ගම්පහ ,මාදෙල්ගමුව අංක 157 හි පදිංචි එස්.ඩී. රම්‍යකාන්ති (57) දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව දන්වා ඇත. ඇයට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට මාලිගාවත්ත වකුගඩු රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා නිර්දේශ කර තිබෙන බව කියයි. වකුගඩුවක් ලබා දීමට හැකි පරිත්‍යාගශීලි අයෙක් ඇත්නම් 0332248021 හෝ 0719862213 දුරකථනයට දැන්විය හැක.


කොස්ගම, පහළ කොස්ගම අංක 372/2 (වාසනා) හි පදිංචි කේ.පී. කරුණාරත්න යන අය වකුගඩු රෝගයෙන් පෙලෙන බව දන්වා ඇත. ඔහුට “ඕ”හෝ “ඒ” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කොට ඇති බව දන්වා සිටියි. වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලින් වේ නම් දුරකතන අංක 0718088239 ට දැනුම් දිය හැක. මුදල් ආධාර කළ හැකි නම් අවිස්සාවේල්ල මහජන බැංකුව , ගිණුම් අංක 029200130248190 මුදල් බැර කළ හැක.


හෘද රෝග සැත්කමට ආධාර

කඩුවෙල, හේවාගම, කැකිරිදෙණිය පාර අංක 238 ඒ / 1 හි පදිංචි ඒ ඒ රෝහණ ගුණසේකර (58) දරුණු හෘදයාබාධයකින් පෙළෙන බව දන්වා ඇත. ඒ සඳහා ඔහුට ශල්‍ය කර්මයක් කළයුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කොට ඇතැයි ද කියති. ඒ සඳහා විශාල මුදලක් වැය වන බැවින් ඔහුට ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති බවත් දන්වා ඇත. මුදලින් ආධාර කළහැකි නම් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුම් අංක 100950205281 ගිණුමට මුදල් බැර කළ හැක. වැඩි විස්තර දුරකථන 0112537426 හෝ 071 6105176 දැනගත හැක.


ලුණුවිල, උ/ මිරිස්සන්කොටුව, අංක 84 හි පදිංචි ඩබ්. ටී. ලලිත් ප්‍රනාන්දු මහතා දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව දන්වා ඇත. ඔහුට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධකළයුතු බව වෛද්‍යවරු නිර්දේශ කොට ඇති බැවින් පරිත්‍යාගශීලින් වේනම් දුරකතන 0777042395 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


දොඩන්ගොඩ, ශාන්ත පිලමිතාවත්ත 14, පටුමඟ අංක 310 හි පදිංචි ගිහාන් කැළුම් රාජපක්ෂ (28) එක්දරු පියෙකි. ඔහු දරුණු වකුගඩු රෝගයට ලක් වී ඇතැයි දක්වා ඇත. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් 072 8182138 හෝ 072 6766700 දුරකථනයන්ට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

 


බෙලිඅත්ත, පැගිරියත්ත අංක 33 හි පදිංචි(58) තිදරු මවක් වන එන්.එම්.එස්.එච්. කල්‍යාණි යන අයගේ වකුගඩු දෙකම අක්‍රීය වි ඇති බව දන්වා ඇති බැවින් ඉතා ඉක්මණින් වකුගඩුවක් බද්ධකළ යුතු බව විශේෂඥ වෛද්‍ය චූලා හේරත් මහතා නිර්දේශ කොට ඇතිබව කියයි. මේ සඳහා ඕ පොසිටිව් හෝ නෙගටිව්, බී පොසිටිව් හෝ නෙගටිව් වකුගඩුවක් පරිත්‍යග කළහැකි නම් දුරකථන 0774390927 ට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


අක්මාවෙන් කොටසක් ලබා ගැනීම

මහනුවර හි පදිංචි උපුල් නිරංජන් ජයසූරිය (56) දරුණු අක්මා රෝගයකින් පෙළෙන අතර ඔහුට හැකි ඉක්මණින් අක්මාවෙන් කොටසක් බද්ධ කළයුතු බවට වෛද්‍ය රෝහාන් සිරිවර්ධන මහතා නිර්දේශ කොට ඇතිබව දන්වා සිටී. ‘ඕ’ වර්ගයේ ලේ පංතියට අයත් තමාගේ අක්මාවෙන් කොටසක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලි අයකු වේ නම් ඒ බව 0718319889 අංකයට දැනුම් දිය හැක.


දරුණු වකුගඩු ආබාධයකට ලක්ව දැනට ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාරය ලබමින් සිටින විශ්ව විද්‍යාල තරුණ කථිකාචාර්යවරයෙක් සඳහා වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය වී ඇති බව දන්වා ඇත. මේ සඳහා ඒ පොසිටිව් හෝ බී හෝ ඕ කාණ්ඩයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති කෙනෙක් වේනම් දුරකතන 0772738461 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


ගණේමුල්ල, මිදෙල්ලවිට අංක 24 හි පදිංචි ජී.ඩී. නෙවිල් ඇලැක්සැන්ඩර් දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව දන්වා ඇත. ඔහුට වකුගඩුවක් බද්ධ කළයුතු බව විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම් නසාර් මහතා නිර්දේශ කර ඇති බව දන්වා සිටී. ඔහුට ඒ පොසිටිව් වර්ගයේ වගුකඩුවක් පරිත්‍යාග කළහැකි අයෙකු වේනම් දුරකතන 0112244502 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

 

     ‍  බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 27 වැනිදා ඉරිදා දිවා 12.06 ට ලබයි. 28 වැනි දා සඳුදා පූර්වභාග 08.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 04 වැනිදා ඉරිදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04

Full Moonඅමාවක

ඔක්තෝබර් 12

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]