UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අම්පාර සිව්මුණි සෑ විහාරස්ථානය

අම්පාර සිව්මුණි සෑ විහාරස්ථානය

ශ්‍රී ලංකා විශේෂ කාර්ය බලකායේ සේවයේ නියුතුව සිටිමින් රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහි කරමින් පවත්වන්නට යෙදුණු 31 වන ගුණ සමරුව විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා මහතාගේ අනුශාසකත්වය යටතේ නැගෙනහිර පළාතේ ප්‍රධාන අණදෙන නිලධාරී විදුර දිසානායක මහතා විසින් සංවිධානය කරන්නට යෙදුණි.

මීට සමගාමීව පසුගිය මස 31 වන දින අම්පාර සිව්මුණි සෑ වෙහෙර විහාරස්ථානයේ විහාරාධිපති ඇත්පිටියේ චන්දානන්ද හිමියෝ ධර්ම දේශනාවක් ද, රාත්‍රී අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා අට විසි බෝධි පූජාවක්ද, නෙළුම්මල් පූජාවක් ද, අම්පාර සිව්මුණි සෑ වෙහෙර විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන්නට යෙදුණි.

එමෙන්ම අම්පාර විශේෂ කාර්යය බලකා කඳවුරේ දී මේ මස 01 වැනිදා මහා සංඝරත්නය උදෙසා සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද, මියගිය රණවිරුවන්ගේ පවුල්වල ඥාතීහු දහවල ආහාර ලබා දීම, ප්‍රදේශයේ දුප්පත් තරුණයින් 60 දෙනෙකු තෝරා ඔවුන්ට ඇඳුම් පැළඳුම් ලබා දීමද මෙම විශේෂ පින්කම් මාලාවට සමගාමීව සිදු කෙරිණි.

 

 

     ‍  බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 27 වැනිදා ඉරිදා දිවා 12.06 ට ලබයි. 28 වැනි දා සඳුදා පූර්වභාග 08.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 04 වැනිදා ඉරිදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04

Full Moonඅමාවක

ඔක්තෝබර් 12

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]