UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ළමා ලොවයි සදහම් සුවයයි

ළමා ලොවයි සදහම් සුවයයි

ලෝකය වෙනස් කිරීමට නම් ඔබ වෙනස් විය යුතුයි

ආදරණීය දුවේ; පුතේ,

මම දන්නවා ළමයි ගුරුවරුන්ට ගොඩාක් ආදරෙයි කියලා. ඔයාලා දන්නෙ නැති වුණාට ගුරුවරුන් ළමයින්ට ගොඩාක් ආදරෙයි. ඒ වගේම ළමයි හොඳ බවත් , ගුරුවරු දන්නවා. ඒ නිසාම තමයි මේ ලිපිය ලියන්න සිතුවේ,

ඔයාලා යාළුවෝ ආශ්‍රය කරද්දී පරිස්සම් වෙන්න. ඒ මොකද? අපි ආශ්‍රය කරන සමහර යාළුවෝ නිසා ජීවිතේ වැදගත්කම නැතිවෙලා යනවා. සමහර යාළුවෝ කියන දේ කරන්නේ නෑ . කරන දේ කියන්නේ නෑ. “ඔයා කියයි, ඔයා ඒ වගේ යාළුවෝ ආශ්‍රය කරන්නේ නෑ කියලා. ඒත්, නොදැන හෝ ඒ වගේ යාළුවෝ අප වටේ ඉන්නවා. ඔයා ඒක තේරුම් ගන්න. කාවවත් වැඩිය විශ්වාස කරන්න යන්න එපා. තමන්ව විශ්වාස කරන්න. කාටවත් දෙවැනි වෙන්න යන්නත් එපා. යහළුවො තරහා වුණාට කමක් නෑ. ඔයා , ඔයාගේ අවංකකම රැක ගන්න. ඔයා හොඳට ඉගෙනගෙන, හොඳ රැකියාවක් කරලා, දෙමව්පියන්ට සලකගෙන සතුටින් ජීවත් වෙන්න. ඔයාගේ ආදරණීය අම්මායි, තාත්තායි කරදරයක් නැතිව හොඳින් බලා ගන්න නම් , ඔයා දැන් සිටම හොඳින් ඉගෙන ගන්න. කොහොම හරි ජීවිතය ජයගන්න උත්සාහ කරන්න. කොහේ හරි යනවා නම්, ඒ ගිය තැන ඔයාගේ නම තියාගෙන, එතන ඉන්න අයගේ ආදරය දිනාගෙන හොඳින් ජීවත් වෙන්න. ලස්සනට සිනා වෙන්න. සිනාව ඔයාගේ ජීවිතය ගොඩාක් සාර්ථක කරනවා. ඔයා හමුවට එන සෑම කෙනෙකුටම දෙන පළමු තෑග්ග හිනාව කර ගන්න. ඒක කෑම වේලක් දෙනවාට වඩා බඩ පිරෙන සංග්‍රහයක්. ලස්සනට කතා කරන්න. පැහැදිලිව වචන උච්චාරණය කරලා, පිළිවෙළකට කතා කරන්න. හොඳ ලස්සන වචන මාලාවක් හදා ගන්න. අනුන්ගේ වචන තමන්ගේ වචන මාලාවට ගන්න එපා. ඔයාගේම වචන මාලාවක් හදා ගන්න. නිතරම ඔයාගේ කටින් පිටවෙන වචන ගැන සැලකිලිමත් වෙන්න. හිතාමතා කතා කරන්න. වචන වලින් ගොඩාක් දේ ඇති වෙනවා. ඒ වගේම නැතිවෙලා යනවා. ඒක හොඳට මතක තියා ගන්න. ඔයාට සිතෙනවා නම් , ඔයා කරන දේ වැරැදියි කියලා, ඒ දේ කවදාවත්ම කරන්න යන්න එපා. පාසලේ උගන්වන දේට අමතරව හොඳ හැම දෙයක්ම ඔයා ඉගෙන ගන්න. ඔයාගේ හොඳ හැදියාව ඉදිරියටත් තියා ගන්න. නිසැකවම ඔබ අනාගතයේ ලොව දිනාවි...


ජීවිත අරණ

සිහින් පොදින් වැටෙනා පින්න
සමන් පියල්ලක තැවරි
මවයි රූ රටා මනරම්
වන බිගු අතරේ...
සෙමින් හමන සුළඟ ඇවිත්
පහන් හැගුම් අවදි කරයි
ජීවිත අරණේ...
දැනෙයි දිවියේ රසමුසු තන්
සුන්දර මතකයන් රැගත්
ඇෙඳයි කවි රටා මනරම්
නුඹ හද අඹරේ...


ආදර අම්මා

දසමසක් කුස දරා මා බිහි කළ අම්මා
ඉපදුන දා පටන් සෙනෙහස දුන් අම්මා
ආදරයෙන් මා පාසල වෙත ගෙන ගිය අම්මා
ලොවට වඩා මට ආදරේ මගේම සුදු අම්මා

හොඳින් ඉගෙන ගන්නට කියනා අම්මා
හොඳ ළමයෙක් වෙන්නට කියනා අම්මා
ගුණ දම් නිති පහදා දුන් අම්මා
ලොවක් වටී මට මගෙ ආදර අම්මා


සමාධි බුදු පිළිම වහන්සේ

සසර කතර තරණයට
සමාධි මඟ මවාපාන
හිමි සමාධි පිළි රූ අභියස
සසල මනස නිසල කරමින්
වැඩ හිදිනා සමාධි බුදු හිමියනේ
හුදු මිනිසුන්හට නිවන් මාවත කරා
පිය මනින්නටත්....
අඩවන් වූ දෙනෙත් තුළ
ගැබ් වූ මහා කරුණා
අමා දහම් සුවය විඳින්නටත්
කාලය සලසනු මැනවි හිමියනි...


මා පියාණෙනි,

සිටියා හැමදාම මට නොපෙනී පිටුපසම
අඳුරෙදිත් සෙවණැල්ල නැති විටක
සිටියා කෙනෙකු හැමදාමත් අප ළඟම
පියෙක් තමා දරුවෙකුගේ එකම සඳ

අපගේ ජීවිතය හැමදාමත් එළි කෙරුව
හොඳ නරක මැනවින් කියලා දුන්න
එදා ඉඳන් කළ යුතු දේ මට කිවුව
මතු බුදු වේවා මාගේ මහිම සඳ

ඉදිරියටම යන්නට කියලා දුන්න
ඉගෙනුමෙ වටිනාකම කියලා දුන්න
ලස්සන ලොවකට අඩිතාලම ඉදි කරන
මගේ පියාමයි මගෙ ලොව එකම රජ

වරදකදී අප හට දඬුවම් දුන්න
වරද දුටු තැනදි අවවාද ද දුන්න
සිතින් දුක්වේය අප හට නොපෙනෙන්න
සසරෙ පතමි යළිත් මගෙ පියතුම වන්න


කලපළුවාව මිහිඳු දහම් පාසලේ සැදැහැ ගී ප්‍රසංගය පසුගියදා පැවැත්වුණි. එහිදී දරු දැරියන් විසින් සැදැහැ ගී ප්‍රසංගය ඉදිරිපත් කරන ලද අවස්ථාව. උනින්දුවෙල සුමනසාර හිමියන්ගේ අනුශාසකත්වයෙන් ප්‍රධානාචාර්ය ඩබ්ලිව්. එස් . බොතේජු මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය ද දෙමාපියෝ ද මේ සඳහා සහයෝගය දැක්වූහ.








 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


පන්නල හැඟව පුරාණ විහාර ධර්ම ශාලවේ තිබී වටිනා රන් මුදුවක් අසුලා අයිතිකරු සොයා බාර දීමට කටයුතු කළ දර්ශිකා වික්‍රමසිංහ සිසුවියට හැඟව ශ්‍රී සෝමානන්ද දහම් පාසලේ ආචාරිනී එච්. ඒ පේමාවතී මහත්මිය විසින් ත්‍යාගයක් ප්‍රදානය කරන ලද අයුරු. පරගම්මන නන්ද


 

 

 

 

 

 

 

 

 

 

 


ළමා පිටුවට නිර්මාණ

පාසල් සහ දහම් පාසල් සිසු දරුවන්ගේ ගැදි, පැදි නව නිර්මාණ, සිතුවම් ආදිය මෙන්ම දරුවන්ගේ විශේෂ දක්ෂතා ඡායාරූප සහිතවද මෙම පිටුවෙහි පළ කැරේ. පාසල් හෝ දහම් පාසල් බෞද්ධ සංගම් මඟින් එකම පාසලක හෝ දහම් පාසලක සිසු දරුවන්ගේ ළමා නිර්මාණ එක් දිනකදී වුවද එම ළමා නිර්මාණ පිටුවෙහි පළ කර ගත හැකි වේ.
ළමා ඔබේ නිර්මාණ ළමා පිටුව,
බුදුසරණ, ලේක්හවුස්,
කොළඹ

ලිපිනයට යොමු කරන්න.

 

     ‍  බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 27 වැනිදා ඉරිදා දිවා 12.06 ට ලබයි. 28 වැනි දා සඳුදා පූර්වභාග 08.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 04 වැනිදා ඉරිදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04

Full Moonඅමාවක

ඔක්තෝබර් 12

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]