UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොටපොල ගැටබරු රජ මහා විහාරස්ථ රජ්ජුරු බණ්ඩාර දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය

කොටපොල ගැටබරු රජ මහා විහාරස්ථ රජ්ජුරු බණ්ඩාර දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය


චෛත්‍යය

ගැටබරු ලෙන් විහාරය

පෙරහර ගිය වසරේ වීථී සංචාරය කළ අයුරු.

පාරිසරික සුන්දරත්වයෙන් අනූන ඓතිහාසික සිද්ධීන් රැසක් ගොනුකර ගත් පසුබිමකින් සමන්විත මාතර දිසාවේ මොරවක් කෝරළයේ කොටපොල ගැටබරු කඳු පියසේ පිහිටි ගැටබරු රජමහා විහාර බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවොලේ ඉතිහාසය වළගම්බා රජ සමය දක්වා පැතිරී යයි.

සිංහරාජ වනාන්තරයේ දියදාව රක්ෂිතයේ සොබාවික අලංකාරයෙන් පෝෂිත වූ එම විහාර දේවාලය මොරවක් කෝරළයේ "පුංචි කතරගම" යනුවෙන් දනන් අතර ප්‍රචලිත වී ඇත. වළගම්බා රජතුමා විසින් ශෛලමය ලෙනක් තුළ කරවන ලද එම විහාරය සහිත දේවාලය අද පූජා භුමියක් ලෙස සංවර්ධනය වී ඇත. සියලුම විහාර අංගවලින් සමන්විත මෙකී පුදබිම අද ජනතාව තුළ ප්‍රචලිතව ඇත්තේ රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ අණසක පවතින ස්ථානයක් බවට පත්ව තිබීම නිසාය. ඈත අතීතයේ රුහුණු පුර සතර දිග් භාගයෙන් බස්නාහිර දිග් භාගයට අයත් පෙදෙසක් ලෙස සැලකූ මොරවක් කෝරළයේ අණසක පතුරන රජ්ජුරු බණ්ඩාර දෙවිඳුන් වැඩ සිටින අඩවියක් ලෙසට ගැටබරුව හැඳින්වේ.

බටහිර දෙසට අධිපති වූ නිසාම රජ්ජුරු බණ්ඩාර දෙවිඳුන් බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන් වශයෙන් හඳුන්වන බවටද විශ්වාසයක් පවතියි. මෙම දෙවිඳුන්ගේ තෙද අණසක පවතින ගැටබරු දෙවොල කොටපොල නගරයේ සිට කිලෝමීටර් තුනක් පමණ ගිය තැන කඳු මුදුන් තලයේ සැතපෙන බුදු පිළිම වහන්සේ සහිත ලෙන් විහාරස්ථානය හමුවෙයි.

තෙරුවන් සරණ යමින් රජ්ජුරු බණ්ඩාර දෙවිඳුන්ගේ පිහිට පතා වර්ෂිකව පවත්වනු ලබන පුද පූජෝපහාර ඇසළ පෙරහර මංගල්‍යය 59 වෙනි වරටත් සැප්තැම්බර් 23 සිට 29 දක්වා සතියක් පුරා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.

ගැටබරු ඇසළ උත්සව කමිටුවේ ලේකම් ආචාර්ය කිරින්දේ ආනන්ද හිමියන් සහ ගැටබරු ඇසළ උත්සව කමිටුවේ ප්‍රධාන සංවිධායක දක්ෂිණ සංවර්ධන අමාත්‍ය අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ප්‍රමුඛ උත්සව සංවිධාන කමිටුව මෙම උත්සවය මැනවින් සංවිධානය කර තිබීම පැසසිය යුතුවේ.

උත්සව සමයේ පැමිණෙන බැතිමතුන් සඳහා අවශ්‍ය පහසුකම් විහාරාධිපති බෙරලපනාතර චන්දවිමල හිමියන්ගේ අනුශාසකත්වයෙන් උත්සව කමිටුව විසින් සළසා ඇත. රුහුණු පුරවරයේ සංස්කෘතික මහා සැණකෙළිය ලෙස දනන් තුළ ප්‍රචලිත මෙම පෙරහර මංගල්‍යය 23 දා ආරම්භ වූයේ හිගුරුපනාගල සිට විහාරස්ථානය දක්වා වීථී සංචාරය කෙරෙන පේලි පෙරහරෙනි.


විහාරාධිපති බෙරලපනාතර චන්දවිමල නා හිමි

ආචාර්ය කිරින්දේ ආනන්ද හිමි

ගැටබරු ඇසළ උත්සව කමිටුවේ ප්‍රධාන සංවිධායක දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක

දෙවෙනි හා තෙවෙනි පේලි පෙරහර වරල්ල හා කොස්මෝදර සිට 24,25 යන දිනයන්හි වීථි සංචාරය කෙරේ.

සංස්කෘතික සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් උඩරට පහතරට සහ සබරගමු නර්තන අංගවලින් අලංකාරවත්වන රන්දෝලි මහ පෙරහර වීථී සංචාරය කෙරෙනුයේ 26, හා 27 යන දිනයන්හි රාත්‍රි කාලයේය. සැප්තැම්බර් 28 දා රාත්‍රී උඩ මළුවේ පැවැත්වෙන දේව තොවිලය 29 දා අලුයම ගිනි පෑගීමෙන් අවසන් කෙරේ.

වාර්ෂික ඇසළ මංගල්‍යය අවසන් කෙරෙනුයේ සැමට සෙත්පතා 29 දා දවල් පිරිනැමෙන දේව දානයෙනි.

උත්සව සමය තුළ පුදබිම් ප්‍රවේශ මාර්ගය අසළ තොරණ ප්‍රදර්ශනය කෙරෙන අතර වාර්ෂික සල්පිලද සිරිත් පරිදි පැවැත්වේ.

 

 

 

 

 

 

 

     ‍  බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 27 වැනිදා ඉරිදා දිවා 12.06 ට ලබයි. 28 වැනි දා සඳුදා පූර්වභාග 08.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 04 වැනිදා ඉරිදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04

Full Moonඅමාවක

ඔක්තෝබර් 12

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]