UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්මපාල ජන්ම සංවත්සරය දීප ව්‍යාප්තව පැවැත්වේ

ධර්මපාල ජන්ම සංවත්සරය දීප ව්‍යාප්තව පැවැත්වේ

වත්මන් පරපුරට ආදර්ශ රැසක් ලබාගත හැකි අනගාරික ධර්මපාලතුමාගේ 151 වන ජන්ම සංවත්සරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වීමට රජය තීරණය කර ඇත.

අනගාරික ධර්මපාලතුමාගේ 151 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් ඉකුත් 14 වනදා සිට 21 වැනිදා තෙක් සතියක කාලයක් වෙන්කර තිබූ අතර එම සතිය තුළ දීප ව්‍යාප්ත මට්ටමින් වැඩසටහන් රැසක් පැවැත්වෙන බව ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා පැවැසීය. 14 – 20 සතිය තුළ අනගාරික ධර්මපාලතුමාගේ දර්ශනය හා දැක්ම රටට නැවත සිහිපත් කරවීම වෙනුවෙන් වැඩසටහන් සංවිධානය කර ඇති අතර, ඒ මඟින් වත්මන් පරපුරට ධර්මපාලතුමා පිළිබඳ අවබෝධයක් ලබාදීමට අපේක්ෂා කරන බැව් ජනාධිපති ලේකම්වරයා පැවැසීය.

ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පසුගිය 10 වැනිදා පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා– අනගාරික ධර්මපාලතුමා පිළිබඳව 14 වැනිදා සිට 20 වැනිදා දක්වා වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා 14 වනදා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ජාතික හා පළාත් මට්ටමින් වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. ධර්මපාලතුමා විසින් ගොඩනඟන ලද පාසල් 117 ම එතුමා පිළිබඳව සටහන් කරන ලද රුවන් වැකි සහිත පුවරු ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. ඉන් පසුව 15 වැනිදා සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ධර්මපාලතුමා පිළිබඳ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. අනගාරික ධර්මපාලතුමාගේ 151 වැනි ජන්මදින සැමරුම් වැඩසටහනේ ජාතික උත්සවය 17 වැනිදා පෙරවරු 10.00 ට මහාබෝධි අග්‍රශ්‍රාවක විහාරයේදීත් ප්‍ර‍්‍රධාන උත්සවය එදින සවස 3.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීත් පැවත්විමට නියමිතයි.

අනාගරික ධර්මපාලතුමා වෙනුවෙන් දිවයිනේ සියලුම විහාරස්ථාන ආවරණය වන පරිදි 18 වැනිදා ආගමික උත්සව වැඩසටහන් පැවැත්වීමට නියමිතයි. ධර්මපාලතුමා නිමිත්තෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයද වැඩසටහන් ගණනාවක් සංවිධානය කර ඇත.

අනගාරික ධර්මපාලතුමා යනු නූතන බෞද්ධ ප්‍රබෝධයේ නියමුවා යි. එම වැඩසටහන් ඉදිරියට ගෙනයාම රජයේ අරමුණයි. ඒ වගේම අපේ බෞද්ධ දරුවන් සියල්ල ආරක්ෂා කර ගැනීමත් රජයක් ලෙස අප කටයුතු කරනවා. අනගාරික ධර්මපාලතුමා මත් උවදුරින් රට බේරාගන්නට බොහෝ උත්සහායක් දරුවා. එය සටහනක් ලෙස සඳහන් කළ හැකියි. ඒ ආකාරයටම මත් උවදුරින් රට බේරා ගැනීම අපේ උත්සාහය යි. බොදු ජනතාව මතින්, මසින්, පවින් වැළකීම මෙන්ම උගත් බුද්ධිමත් පරපුරක් ඇතිකිරීම ධර්මපාලතුමාගේ අරමුණ වුණා.

ජනාධිපති අතිරේක ලේකම් රෝහණ දිසානායක මහතා- අනගාරික ධර්මපාලතුමා වෙනුවෙන් නම්කර ඇති සතියේදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙහි පළමු උත්සවය පැවැත්වෙන්නේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ දී. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ආරම්භ කර තිබෙන්නේ ධර්මපාලතුමා පරිත්‍යාග කළ ඉඩමක. ඒ නිසා එදින උත්සවය විශේෂයි. එම උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි කරවා ගැනීමටත් අපේක්ෂා කරනවා. අනගාරික ධර්මපාලතුමා වෙනුවෙන් හැකිතරම් ආගමික උත්සව සංවිධානය කරන ලෙස බෞද්ධ සංවිධානවලින් ඉල්ලා සිටිනවා.

මෙම අවස්ථාවට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී ඒකනායක මහතා හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය ද එක්විය.

 

     ‍ බිනර පුර අටවක පෝය 

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 21 වැනිදා සඳුදා පූර්වභාග 02.23 ට ලබයි. 22 වැනිදා අඟහරුවාදා පූර්වභාග 2.23 දක්වා පෝය පවතී. සිල්සමාදන්වීම සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 27 වැනිදා ඉරිදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04

Full Moonඅමාවක

ඔක්තෝබර් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]