UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |


අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බිනර පුර අටවක 2015.09.21
 

සිතිවිලි පාලනය නොකළොත්

මනුෂ්‍යයා යනු උසස් මනසකින් හෙබි තැනැත්තාය. සිතීමේ නිදහස මෙන්ම විමසීමේ නිදහසද පවතිනුයේ මිනිස් මනස තුළය. මිනිසත් භවයක් හෙවත් මනුෂ්‍ය ආත්ම භාවයක් ලබාගැනීම පවා ඉතා දුර්ලභ කරුණකි. සත්ව වර්ගයා අතර මනුෂ්‍යයෙකු ලෙස උපත ලැබීමම පවා දුර්ලභ නම් එහි ඇති වටිනාකම එයින් පැහැදිලි වෙයි. සසර අනන්ත කාලයක් පුරා ඉපදෙමින්, මැරෙමින් ගමන් කරන සත්වයා දුගතිගාමීව උපත ලබන අවස්ථාවන් අප්‍රමාණය. එහෙත් සුගතිගාමීව උපත ලබන්නේ ඉතා කලාතුරෙකිනි. කවර හෝ පිනකින් එසේ ලබන උපත තව තවත් දුගතියට ගෙන යා යුතුද? නැතහොත් සුගතියට ගෙන යා යුතු ද? සසර පුරා කර්ම රැස් කරන හෙයින් කර්මානුරූපව දුගති, සුගති උපත ලබයි.

කෙසේ හෝ වාසනාවකට මෙන් ලබා ගන්නා මනුෂ්‍ය ආත්මභාවය තමා විසින් ම අඳුරු කර ගත යුතුදැයි කල්පනා කළ යුතුව ඇත. කවර කෙබඳු සිතිවිල්ලක් ඇති වුවද එසේ ඇතිවන සියලු සිතිවිලි ක්‍රියාත්මක කිරීමට බුද්ධිමත් මනුෂ්‍යයා සූදානම් නොවේ. තමා විපතට, කරදරයට, දුකට, පසුතැවීමට පත් කරන සිතිවිලි ක්‍රියාවට නැඟුවහොත් එහි සියලු දුක් කරදර විඳිනු ලබන්නේ ද තමාමය. බුද්ධිමත් මනුෂ්‍යයා සදාචාර සම්පන්නව, ලජ්ජා, භය දෙකෙන් යුක්තව සිතට ගලා එන අනන්ත අප්‍රමාණ සිතිවිලිවල වැරැදි නිවැරිදි බව තම බුද්ධිමට්ටම අනුව තෝරා බේරා ගැනීමට ක්‍රියා කරනු ලැබේ. හිරි ඔතප් හෙවත් ලජ්ජා භය නොහඳුනන තැනැත්තා මනුෂ්‍ය ආත්ම භාවයක් ලබා ගත්තද තිරිසන් ගත සත්වයෙකු මෙන් දිවි ගෙවනු ලැබේ. ඇතැම් විට තිරිසන්ගත සත්වයෙකුටවත් නොගැළපෙන ක්‍රියාවන්හි යෙදේ. එබඳු තැනැත්තා හොඳ නරක නොහඳුනයි. පින පව ගැනවත් කිසිදු තැකීමක් ඇති කර නොගනී. ශිෂ්ට සම්පන්න සමාජයක් තුළ සදාචාරවත් දිවි පෙවෙතක් ගත කරන මනුෂ්‍යයා හැම විට හොඳ නරක, පින පව තදින්ම විශ්වාස කරනු ලැබේ. තම සිතට පටහැනි කිසිවක් කිරීමට නොපෙළඹෙයි. එහෙත් කලාතුරකින් හෝ මනුෂ්‍ය නාමයෙන් පෙනී සිටින ඇතැමෙක්ගේ ක්‍රියා කලාපයන් මිනිසත්කමට නොවටී. සදාචාරයට පිටුපා ක්‍රියා කරන්නා තම හිතින්ම පසුතැවීමට ලක්වෙයි.

යම් අපරාධකරුවෙක් යම් අපරාධයක් කිරීමට පෙර මෙබඳු අපරාධයක් කර තමාට ඉන් සැඟවී සිටීමට හැකිවනු ඇතැයි ඇතැම් විට කල්පනා කරනු විය හැකිය. එහෙත් කවර අපරාධකරුවකුටවත් එසේ සැඟව සිටීමට නීතියෙන් ඉඩක් නොලැබේ. අපරාධයක ස්වභාවය අනුව ඇතැම්විට දින සති ගෙවී ගියද වසර ගණනාවක් ගතව ගියද අපරාධ කරුවකුට ඉන් සැනසීමෙන් සිටීමට නීතියෙන් ඉඩක් නොලැබෙනු ඇත. නීතියේ රැහැනට කවර මොහොතක හෝ ගොදුරු වනු ඒකාන්තය. අපරාධයක් සිදු කරන්නාට නීතියෙන් පමණක් නොව සොබාව දහමින් පවා දඬුවම් පමුණුවනු ලැබේ. ඒ සියල්ලටත් වඩා අපරාධකරුවා තමා කළ අපරාධය ගැන මොහොතක් පාසා පසුතැවීමට පත්ව කළ අපරාධය මෙන් සිය දහස්වර දුකෙන් සැකයෙන් හා බියෙන් කල් ගෙවීමටද සිදු වේ. හිත් පිත් නැති අපරාධකරුවෝ මෙලොව පමණක් නොව පරලොව දී ද අනන්ත කාලයක් පුරා දුකෙන් දුකටම පත්වේ.

නීතියේ රැහැනට හසුවන නිසාවත් සමාජ සදාචාරයට එරෙහි වන නිසාවත් නොව අපරාධකරුවා හැම විටම සිතිය යුත්තෙත් කල්පනා කළයුත්තෙත්, වටහා ගත යුත්තෙත් අපරාධයක් සිදුකර නීතියේ රැහැනින් බැහැර වී සිටිය නොහැකි බව ය. පාපකාරී සිතිවිලි පාලනය කර ගත යුත්තේ තම සිතින්මය.

 

     ‍ බිනර පුර අටවක පෝය 

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 21 වැනිදා සඳුදා පූර්වභාග 02.23 ට ලබයි. 22 වැනිදා අඟහරුවාදා පූර්වභාග 2.23 දක්වා පෝය පවතී. සිල්සමාදන්වීම සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 27 වැනිදා ඉරිදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04

Full Moonඅමාවක

ඔක්තෝබර් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]