UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වස් ආරාධනා

වස් ආරාධනා

කැලණි රජ මහා විහාරය

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරස්ථානයේ වාර්ෂික වස් ආරාධනා පින්කම කැලණි රජමහා විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ උපදෙස් පරිදි මෙම මස 31 වන දින (ඇසළ පසළොස්වකදා ) කැලණි රජමහා විහාරස්ථානයේ සිදු කෙරේ.


කොළඹ 10 ශ්‍රී මහින්දාරාමය

කොළඹ 10 මරදාන ශී‍්‍ර මහින්දාරාම විහාරස්ථානයේ ඇසළ පෝය පින්කම සහ වස් ආරාධනය විහාරාධිපති මාපලානේ ධම්මාලෝක නා හිමියන්ගේ අනුශාසනා පරිදි ඇසළ පෝයදින සිදුකිරීමට කටයුතු යොදා ඇත. එදින සවස 5.30 ට අටවිසි බුද්ධ පූජාව සිදුකිරීමෙන් අනතුරුව සවස 6.30 ට වස් ආරාධනය සිදුකිරීමට නියමිතය. මෙවර වස් ආරාධනා පින්කමේ ප්‍රධාන දායකත්වය රාජගිරිය නාවල පාසල් මාවත අංක 21/5 දරන නිවසේ පදිංචි තනුජ ගුණසේකර මහත්මා සහ සුබෝධා ගුණසේකර මහත්මිය විසිනි.


පුලියන්කුලම ශී‍්‍ර මහින්දාරාමය

පුත්තලම් අනුරාධපුර ඉහළ පුලියන්කුලම ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ වස් ආරාධනය විහාරාධිපති මාපලානේ ධම්මාලෝක නාහිමියන්ගේ අනුශාසනා පරිදි අගෝස්තු 01 වෙනි දින උදේ 9 ට වස් ආරාධනා පින්කම් සිදුකිරීමට කටයුතු යොදා ඇත.

මෙවර මෙම වස් ආරාධනා පින්කමේ ප්‍රධාන දායකත්වය නාමෙල් වීරමුනි මහත්මා සහ මාලනි වීරමුනි මහත්මිය දෙපළ විසිනි.


අනුරාධපුර බෞද්ධ මණ්ඩලය

අනුරාධපුර බෞද්ධ මණ්ඩලය වසරක් පාසා පවත්වනු ලබන වස් පින්කම් මාලාව, මෙවරද මෙම ජූලි මස 31 වෙනි දින සිට ආරම්භ කෙරේ. බෞද්ධ මණ්ඩල සංඝාවාසය වෙත වැඩම කරවනු ලබන සංඝරත්නය වෙත පෙර සිරිත් ප්‍රකාර දැහැටි ගොටු පිළිගන්වා වස් ආරාධනා කිරීමෙන් පසු, ඇරඹෙන වස් පින්කම් මාලාව, ලබන ඔක්. 27 වෙනි දින දක්වා ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස නොකඩවාම පැවැත්වේ. හිමිදිරි උදෑසන පැන් නොමුසුව සකස් කළ ක්ෂීරපායාස පූජාවද, ව්‍යාංජන තිස්දෙකකින් සමන්විත දහවල ආහාර පූජාවද, සවස පාන වර්ග 32 කින් යුත් ගිලන්පස බුද්ධ පූජාවද උතුම් වූ ජය ශ්‍රී මහා බෝසමිඳුන් උදෙසා මහත් වූ හරසරින් සිදු කිරීමට බෞද්ධ මණ්ඩලය සියලු කටයුතු යොදා ඇත. ඒ අතර වස් සමාදන්ව වැඩ සිටින සංඝයා වහන්සේලාට සිව් පසයෙන් උපස්ථාන කිරීමත්, උන්වහන්සේලා විසින් ධර්මදේශනා, ධර්ම සාකච්ඡාව, භාවනා වැඩසටහන් ද පැවැත්වේ.


දෙහිවල නව පොළොන්නරු විහාරය

දෙහිවල නව පොළොන්නරු ගල් විහාරස්ථානයේ වස් ආරාධනා පින්කම විහාරාධිපති ශාස්ත්‍රවේදී හැව්ඕවිට ගුණානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මේ මස 31 වැනි දා (පොහෝ දා) ඉහත විහාරස්ථානයේදී සිදු කෙරේ. එයට සමගාමීව ජය ශ්‍රී මහා බෝධි ශාඛාව රෝපණය කර වසර 54ක් පිරීම නිමිත්තෙන් පිච්චමල් සහ ඖෂධ පූජාවක් ද එදින පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

  ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 30 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 07.01 ට ලබයි. 31 වැනිදා සිකුරාදා අපරභාග 4.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 31 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 07 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14

First Quarterපුර අටවක

අගෝස්තු 22


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]