UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

කැලණි රාජ මහා විහාරය

පෙරවරු 6.00 – 6.30 සීල සමාදානය හා උදෑසන බුද්ධපූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී රන්දිලිගම මහින්ද හිමි, 8.00 – 9.00 භාවනාව මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි. 9.00 – 10.00 ධර්මදේශනාව ශාස්ත්‍රවේදී සෙවනගල සමාධි හිමි, 10.00 – 11.00 ධම්මපදයෙන් බිඳක්, දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11.00 – 11.30 දිවා බුද්ධ පූජාව ගොඩපොල නන්ද හිමි, පස්වරු 2.00 – 3.00 වෛද්‍ය දේශනය 3.00 – 4.00 ධර්මදේශනාව ශාස්ත්‍රවේදී යටිමාඳුරේ ධම්මානන්ද හිමි, 4.00 – 5.00 පිරිත් දේශනය මහ සඟරුවන සමඟ පෙහෙවස් සමාදන් වූ සියලු දෙනා, 5.00 – 6.00 භාවනාව මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 – 6.30 වස් ආරාධනා පින්කම, 6.30 – 7.00 ගිලන්පස බුද්ධ පූජාව ආචාර්ය දෙනියාගේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 7.00 – 8.00 ධර්මදේශනාව ශාස්ත්‍රවේදී කළුබෝවිල පදුම හිමි.


බම්බලපිටිය සිරි වජිරාරාමය

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත තිරිකුණාමලයේ ආනන්ද මහානායක හිමි, 7.45 – 8.45 ජාතක කතා පොතෙන්, පිටිපන සාසනරතන හිමි, 8.45 – 9.45 ධර්මානුශාසනාව වේරදූවේ මහින්ද හිමි, 9.45 – 10.45 භාවනාව සහ අනුශාසනාව ග ම්පහ පාසාදික හිමි, 10.45 – 11.00 බුද්ධ පූජාව කුරුණෑගල චරණධම්ම හිමි, පස්වරු 12.30 – 1.30 සෙත් පිරිත්, කඹුරුගමුවේ මහානාග හිමි, 1.30 – 2.45 ධර්ම සාකච්ඡාව මීගොඩ සුඛිත හිමි, 3.00 – 4.00 ධර්මානුශාසනාව රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි, 4.00 – 5.00 ගිහිදේශනය, පරිසර සමාජ සංවර්ධන හා මාර්ග සංවර්ධන අධ්‍යක්ෂක හඩ්සන් ද සිල්වා මහතා. 5.00 – 5.45 ධර්මානුශාසනාව ඤාණසීහ හිමි, 5.45 – 6.30 වස් ආරාධනාව, සිල් අලුත් කිරීම හා අටවිසි බුද්ධ වන්දනාව සිරි වජිරාරාමවාසි ස්වාමීන්වහන්සේලා.


කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාමය

පෙරවරු 6.00 – 6.30 ට උපෝසථශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමි 7.00 – 7.30 ට දක්වා සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි 8.00 – 9.00 භාවනාව කන්තලේ සුමිත්ත හිමි 9.15 – 10.15 ධර්ම දේශනය ගැට්ටුවානේ සුමේධ හිමි, 10.30 – 11.00 ට දහවල් සම්බුද්ධ පූජාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12.15 – 12.45 පස්වරු බුද්ධානුස්සති භාවනාව 2.15 – 3.15 ට ධර්ම දේශනය, බඹරවානේ කෝවිද හිමි, 3.30 – 4.30 ට දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, තලල්ලේ සිරි මහින්ද නාහිමි, 4.30 – 5.30ට ධර්ම දේශනය සෙවනගල අජිත හිමි, 6.00 ට සිල් පවාරණය, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 6.45 – 7.45 දක්වා ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව, 8.00 – 9.00 ට රාත්‍රී ධර්ම දේශනය, (පටිගත කරන ලද දේශනයක්)


තලවතුගොඩ - සංඝමිත්තාරාමය

අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ද පෙරවරු 8.00 – 9.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කන්දෙගම දීපවංශාලංකාර හිමි 9.00 – 10.00 දක්වා භාවනාව වැලිවේරියේ ගෝතමී දසසිල් මාතාව 10.00 – 11.00 ධර්ම දේශනාව වල්පොල ගෝතම හිමි, පෙ.ව. 11.00 ට දහවල් බුද්ධ පූජාවෙන් පසු පස්වරු 12.30 – 1.00 දක්වා ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00 – 1.30 දක්වා සක්මන් භාවනා 1.30 – 3.30 දක්වා ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රවේදී බඹරැන්දේ වජිර හිමි 4.00 – 5.00 ධර්මදේශනාව නෙළුවේ මේධාවී දසසිල් මාතාව තුන්සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදු කෙරේ. සවස 6.00 ට මල්, පහන්, ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ඕපනායක නිරාශා දසසිල් මාතාව විසින් සුපුරුදු පරිදි සිල්වත් පිරිස අතර ධර්ම දානය ලෙස බුදුසරණ පත්‍රය බෙදාදෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මිය විසිනි.


කළුතර බෝධිය

පෙරවරු 6.15 – 7.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව පනාපිටියේ විජිත නන්ද හිමි, 7.30 – 9.45 ධර්ම දේශනය කඩවත පඤ්ඤානන්ද හිමි, 10.00 – 11.30 ධර්ම සාකච්ඡාව මීගොඩ සුඛිත හිමි, පස්වරු 1.00 – 3.00 ධර්ම සාකච්ඡාව ශේන් බ්ලොක් මහතා, 3.15 – 5.00 ධර්ම දේශනය මාරඹේ කුසලධම්ම හිමි, 6.15 – 7.00 පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ බෝධිපූජාව, 7.15 – 9.00 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව. 9.15 සිට රූපවාහිනී තුළින් බෞද්ධ වෙහෙර විහාර ස්ථාන නැරඹීම.


කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරය

පෙරවරු 5.30 – 6.00 කිරි ආහාර බුද්ධ පූජාව - බෞද්ධයා රූපවාහිනි නාලිකාවේ සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමි, 6.00 – 7. 30 සීල සමාදානය බුද්ධ වන්දනාව – දරණාගම කුසලධම්ම නාහිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව ගලිගමුවේ ඤාණදීප හිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව - දොඩම්දූවේ සිරිකර හිමි, 11.00 – 11.30 ව්‍යංජන තිස්දෙකක් සහිත සම්බුදු පූජාව – අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 – 2.00 දම්සභා මණ්ඩලය – වැලිමිටියාවේ සීලරතන නා හිමි, හිටපු කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මෙහෙයවීම නීතිඥ ශෂික ජයතිලක 2.00 – 3.00 ධර්ම දේශනාව කැලණියේ අජිත හිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව - රදාවඩුන්නේ ඤාණවිමල හිමි, 5.30 – 6.00 සත්බුදු වන්දනාව - මහරගම පදුම හිමි.


විජයරූපාරාම ධර්මායතනය

අලුයම 5.30 ට කිරිපිඬු දානය සහිත පෙරහර පෙරවරු 6.30 සිට 7.30 දක්වා උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, සම්බුද්ධපූජාව සහ කෙටි අනුශාසනාව ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නාහිමි, 8.00 – 9.00 දක්වා භාවනාව වඳුරඹ ඤාණාලෝක හිමි, 9.30 – 10.30 දක්වා ජාතක කතා දේශනාව පරිවේනාචාර්ය ශාස්ත්‍රපති නිමල් අමරවංශ මහතා, 10.30 – 11.00 දක්වා බුදුසරණ පත්‍ර බෙදාදීම ඔක්කම්පිටිය, බුරුතගොල්ල හි පදිංචි චමිලා පි‍්‍රයදර්ශනී මෙනවිය විසිනි. 11.00 – 12.00 දක්වා දහවල සම්බුද්ධ පූජාව දම්පහළ ඤාණසුධීර හිමි, පස්වරු 12.30 – 2.00 දක්වා ඇසළ පුර පොහෝ දින පිළිබඳ දේශනය ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා, 2.00 – 3.00 දක්වා ගිහි දේශනය හෝමාගම ජාතික සාරධර්ම ප්‍රවර්ධන මධ්‍යස්ථාන ප්‍රධානී ආචාර්ය පී‍්‍රති කුලතුංග මහතා, 3.00 – 4.00 දක්වා ධර්ම දේශනාව නිල්මල්ගොඩ සද්ධාවිහාරි හිමි, 4.00 – 5.00 දක්වා මහපිරිත් දේශනාව සහිත මහා සමය සූත්‍ර දේශනාව ධර්මායතනයේ ස්වාමීන් වහන්සේලා, 5.00 – 6.00 දක්වා අටවිසි ගිලන්පස බෝධි පූජාව සිදු කිරීම ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නාහිමි, 6.00 ට වස් ආරාධනාව සිදු කිරීම, රාත්‍රී 7.00 ට උපසම්පදාලාභී වඳුරඹ ඤාණාලෝක පොඩි හාමුදුරුවන් වහන්සේ විසින් පවත්වනු ලබන මංගල ධර්ම දේශනාව.


මාතර තරුණ බෞද්ධ සංගමය

මාතර තරුණ බෞද්ධ සමිති ශාලාවේ දී පෝදා පින්කම් පැවැත්වේ. මෙම වැඩසටහන රොටුඹ සෝමරතන, බැදිගත්තොට සමිත හිමි, ගම්මැදගම චන්ද්‍රජෝති, හදුගල සමිඳු ජුලම්පිටියේ සෝමින්ද, ජුලම්පිටියේ සුසිත යන හිමිවරු පින්කම මෙහෙයවති. ධර්මාචාර්ය නීතීඥ නිලන්ත හෙට්ටිගේ ශූරීන්, ධර්මාචාර්ය ආර්.ඩබ්.ඒ ලක්ෂ්මන් රාජපක්ෂ ශුරීන්, දේශමාන්‍ය කාවින්ද සිරිවර්ධන වැඩසටහන සංවිධානයේ දී සහාය වෙති. බුදුසරණ පත්‍රය ධර්මදානය සඳහා බෙදාදීම ජී.ඒ. ගාමිණී මහතා විසිනි.


අනුරාධපුර මහාවිහාරය

ඓතිහාසික මහාවිහාරයේ පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන් මාලාවක් දවස පුරා ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා පරිදි, කණුබිච්චියේ රතනජෝති හිමියන්ගේ සම්බන්ධීකරණයෙන් වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 6.00 අටසිල් සමාදන් වීම, 6.30 උදෑසන බුද්ධ පූජාව 8.00 ධර්ම දේශනාව ත්‍රිපිටකවේදී උඩුදුම්බර කාශ්‍යප හිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම, 9.15 ගිහි දෙශනය ශාස්ත්‍රවේදී, නීතිඥ ඩබ්.එම්. කරුණාරත්න මහතා, 10.15 දේශනයට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 10.30 දහවල් බුද්ධ පූජාව 12.00 ජාතක කතා දේශනාව පණ්ඩිත ඉහළ දිවුල්වැවේ විමලවංශ හිමි, 1.00 ධර්මදේශනාව ශාස්ත්‍රවේදී, පණ්ඩිත කුඩාගාලවැවේ ඥානවිමල හිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම, 2.45 දම්සභා මණ්ඩපය ආචාර්ය කේ.එම්.අයි. ස්වර්ණසිංහ මහතා ශාස්ත්‍රපති රත්න ශ්‍රී බණ්ඩාර මහතා සහ ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා, ප.ව. 4.00 භාවනාව පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි, 5.00 බෝධි පූජාව කෙහෙල්වල රේවත හිමි.


හුණුපිටිය ශි‍්‍ර විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී පෝදා පෙ.ව 6.00 සිට පසුදා පෙ.ව 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය කටයුතු යොදා ඇත. එම වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි අම්බලන්ගොඩ සුමනනන්ද දේවගොඩ පියරතන, ඇලපිටිවෙල නන්දවිමල, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, වේවැල්දූවේ ධම්මකිත්ති යන හිමිවරුද ගාල්ලේ සුධම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කරති.


තලවතුගොඩ ශ්‍රී ඥානාරාමය

පෙරවරු 6.00 – 7.00 කිරිපිඬු පූජාව ශීල සමාදානය හා අනුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00 – 9.30 – භාවනාව, 8.30 – 10.30 ධර්ම දේශනා , 10.30 – 11.00 දෙතිස් ව්‍යාංජන සහිත සම්බුදු පූජාව, පස්වරු 12.15 – 1.00 ධම්මචක්ක පවත්වන සූත්‍ර දේශනාව, 1.00 – 2.00 ධර්ම දේශනාව බොරැල්ලේ කෝවිධ හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව -ගම්පහ පාසාදික හිමි, 3.30 සිට වස් ආරාධනාව සිදුකරනු ලැබේ. පස්වරු 6 ට බෝධි පුජාව පැවැත්වේ.


අම්පාර සිව්මුණි සෑය

පෙරවරු 5.30 – 6.00 කිරි ආහාර බුද්ධ පූජාව විහාරාධිපති ඇත්පිටියේ චන්දානන්ද හිමි, 6.00 -7.30 සීල සමාදානය, බුද්ධ වන්දනාව අනුශාසනාව ඇත්පිටියේ චන්දානන්ද හිමි, 8.00- 9.00 ධර්ම දේශනාව අම්පාරේ ධම්මානන්ද හිමි 9.00 – 10.00 ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව, 10.30 – 11.15 දහවල සම්බුද්ධ පූජාව, පස්වරු 12.30-1.30 සෙත් පිරිත් දේශනාව, 1.30 – 3.30 ධර්ම දේශනාව - ඇත්පිටියේ චන්දානන්ද හිමි, 3.30 – 4.30 ජාතක කතා දේශනාව, 4.30 – 5.30 භාවනාව - විහාරාධිපති හිමි, 5.45 – 7.30 අෂ්ඨඵල සහිත අටවිසි බුද්ධ පූජාව - ඇත්පිටියේ චන්දානන්ද හිමි මෙදින රාතී‍්‍ර 7.40 ට විහාරස්ථ දායක සභාවේ මූලිකත්වයෙන් මහා සංඝරත්නය උදෙසා වස් සමාදන්වීම සඳහා දැහැත්ගොටුව පූජා කිරීම සිදුකෙරේ.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

තරුණ සීල සමාදානය

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි, 8.00 – 9.00 භාවනාව, වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව බොරැල්ලේ කෝවිධ හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ කපුගොඩ සුනන්ද හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දේශනය දොස්තර ජයන්ත සෙනෙවිරත්න මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති දොඩන්දූවේ සිරිකර නාහිමි, 4.15 – 5.00 ධම්මපදය, ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්මදේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

වැඩිහිටි සීල සමාදානය

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ගබ්බෙල වජිර හිමි. 8.00 – 9.00 භාවනාව, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 සූත්‍ර දේශනාව වැලිමඩ පසන්න මානස හිමි, 10.00 – 11.00 අභිධර්ම දේශනය පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව මීගොඩ මධුහානී හිමි, පැනසිහගම ඛේම හිමි, පස්වරු 12.35 1.00 පිරිත් හා තෙරුවන් ගුණ අනුරාධපුර ධම්ම සිද්ධි හිමි, බලංගොඩ ධම්මරක්ඛිත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව විනයාචාර්ය රන්වල ඥාණාවාස හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත ගොම්බද්දල දමිත හිමි, 3.00 – 3.45 මංගල ධර්ම දේශනාව උඩුදුම්බර උපරතන හිමි, 4.00 – 5.00 වස් ආරාධනාව, 5.00 – 6.00 ධම්මපදය, ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.


අනුරාධපුර සදහම් සෙවණ

අනුරාධපුර වේළුවනගම, අංක 38 හි ඉදිකරන ලද සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානය භාවනා වැඩසටහන් පැවැත්වීම සඳහා විවෘතකොට වසරක් සම්පූර්ණ වේ. ඒ නිමිත්තෙන් 2015 ජූලි මස 30 වැනි දා පස්වරු 6.00 ට අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේදී විශේෂ බුද්ධ පූජා පින්කමක් පැවැත්වේ. එම පින්කමට සහභාගිවන්නන්ට සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසින් සංස්කරණය කරන ලද ‘සිංහල තේරුම් සහිත වන්දනා ගාථා සහ භාවනා’ දහම් පොත නොමිලයේ බෙදා දෙනු ලැබේ. සෑම පුර පසළොස්වක පොහොය දිනයකදී ම පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 දක්වා පුන් පොහොය වැඩසටහන, පුන් පොහොය දිනට පසු දින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 දක්වා භාවනා වැඩසටහන, සෑම සෙනසුරාදාවකම සහ ඉරිදාවකම පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වා භාවනා වැඩසටහන්, සෑම බ්‍රහස්පතින්දාවකම පස්වරු 3 සිට 5 දක්වා ළමා භාවනා වැඩසටහන ද පැවැත්වේ.

 

  ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 30 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 07.01 ට ලබයි. 31 වැනිදා සිකුරාදා අපරභාග 4.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 31 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 07 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14

First Quarterපුර අටවක

අගෝස්තු 22


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]