UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ සාහිත්‍ය උත්සවය 2559/2015 අන්තර් දහම් පාසල් රචනා කුසලතා ඇගයීමේ වැඩසටහන

බෞද්ධ සාහිත්‍ය උත්සවය 2559/2015 අන්තර් දහම් පාසල් රචනා කුසලතා ඇගයීමේ වැඩසටහන

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සහ බුද්ධශාසන අමාත්‍යාංශය ඒකාබද්ධව නවවන (09) වරටත් පවත්වනු ලබන බෞද්ධ සාහිත්‍ය උත්සවය සම්මේලන ප්‍රධාන ශාලාවේ 2015.09.20 වන දින පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතී. බෞද්ධ සාහිත්‍ය උත්සවයට සමගාමීව මෙම වසරේදී බෞද්ධ දරු දැරියන්ගේ සිංහල භාෂා ඥානය, ලේඛන කෞශල්‍ය වර්ධනය කිරීම අරමුණුකොට ගනිමින් පහත සඳහන් මාතෘකා යටතේ රචනා ලිවීමේ හැකියාව ඇගයීමකට ලක් කිරීමට සංවිධායක කමිටුව පියවර ගෙන ඇත. 1. කනිෂ්ඨ අංශය (6, 7 සහ 8 ශ්‍රේණිවල සිසුන්) පූජ්‍ය මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිපාණෝ මාතෘකාකොට ගනිමින් වචන 750 රචනාවක්, 2. අන්තර් මධ්‍යම අංශය – (9, 10 ශ්‍රේණිවල සිසුන්) ශ්‍රීමත් අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ මාතෘකාකොට ගනිමින් වචන 1000 රචනාවක්. 3. ජ්‍යෙෂ්ඨ අංශය (අවසාන සහ ධර්මාචාර්ය ශ්‍රේණිවල සිසුන්) වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමාණේ මාතෘකාකොට ගනිමින් වචන 1500 රචනාවක්.

ජයග්‍රාහක සිසු දරු දැරියන් සඳහා මුදල් ත්‍යාග, අගනා බෞද්ධ පොත් සමඟ සහතික පත්‍රයක් සාහිත්‍ය උළෙල පැවැත්වෙන අවස්ථාවේදී පිරිනැමීමට ක්‍රියාකොට ඇත.

ඊට අදාළ අයදුම් පත්‍රය සහ තරග කොන්දේසි ඇතුළත් විස්තර සම්මේලනයේ ඹඹඹ. ඒජඡජ.තඬ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක. එසේත් නොමැති නම් කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ අංක 380 දරන ස්ථානයේ පිහිටි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන කාර්යාලයෙන් ලබා ගැනීමට පහසුකම් සපයා ඇත. අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 2015.09.01 දින වන අතර, සම්පූර්ණ කරන ලද අයදුම්පත සමඟ ඔබගේ රචනා පහත සඳහන් ලිපිනයට එවීමට පියවර ගන්න.

ගරු සමලේකම්වරු, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, 380, බෞද්ධාලෝක මාවත, කොළඹ 07, 011 2 691695, 011 2688517 දුරකථනයෙන් වැඩි විස්තර විමසිය හැක.

 

  ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 30 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 07.01 ට ලබයි. 31 වැනිදා සිකුරාදා අපරභාග 4.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 31 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 07 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14

First Quarterපුර අටවක

අගෝස්තු 22


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]