UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අස්ගිරිපාර්ශ්වයේ අභිනව මහා නාහිමියන්ට සහ අනුනාහිමිවරු දෙනමට ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවයෙන්...

අස්ගිරිපාර්ශ්වයේ අභිනව මහා නාහිමියන්ට සහ අනුනාහිමිවරු දෙනමට ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවයෙන්...

සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට එම පදවියට අදාළ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් ද (06) ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික මඟුල් මඩුවේ දී පැවැත්විණි.

පෙර රජ සමයේ සිට පැවැති චාරිත්‍ර ඉටුකරමින් ජනාධිපතිතුමා විසින් අභිනව මහානායක මා හිමිපාණන් වහන්සේ වෙත සන්නස් පත්‍රය පිළිගැන්වීය.

එමෙන්ම අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පදවි දෙක සඳහා අභිනවයෙන් පත්වූ ඓතිහාසික බදුලු මුතියංගණ රජමහා විහාරාධිපති වරකාගොඩ ශ්‍රී ඥානරතන අනු නාහිමියන් සහ පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති වේඩරුවේ උපාලි අනු නාහිමියන් වෙත අක්ත පත්‍ර පිළිගැන්වීමද එහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය මැතිතුමා ඇතුළු මැති ඇමැතිවරුන්ද, ඓතිහාසික දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු බස්නායක නිලමේවරුන් ද දෙස් විදෙස් සම්භාවනීය ආරාධිත පිරිසක් ද එම මහෝත්සවයට එක්ව සිටියහ.

 

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් විසින් අස්ගිරි පාර්ශ්වයේ අභිනව මහා නා හිමියන් වෙත ශ්‍රී සන්නස්පත්‍රය පිළිගැන් වූ අවස්ථාව

ජනාධිපතිතුමන් විසින් වරකාගොඩ ඤාණරතන අනු නා හිමියන් වෙත ශ්‍රී සන්නස්පත්‍රය පිළිගැන්වූ අවස්ථාව

ජනාධිපතිතුමන් විසින් වේඩරුවේ උපාලි අනුනාහිමියන් වෙත ශ්‍රී සන්නස්පත්‍රය පිළිගැන්වූ අවස්ථාව

අස්ගිරි මහා නා හිමියන් විසින් ජනාධිපතිතුමන් වෙත රන්කරඬුවක් පිරිනැමූ අවස්ථාව

අස්ගිරි මහා නා හිමියන් විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට රිදී කරඬුවක් පිරිනැමූ අවස්ථාව

අස්ගිරි මහා නා හිමි ප්‍රමුඛ කාරක සංඝ සභික හිමිවරු සහ ජනාධිපතිතුමා, අගමැතිතුමා, මැති ඇමතිවරු සහ නිලමේවරු සමඟ සමූහ ඡායාරූපයට පෙනී සිටි අයුරු

ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය සහ ගාමිණී රණසිංහ



 

 
 

 අධි ඇසළ අමාවක පෝය   

අධි ඇසළ අමාවක පෝය ජූලි මස 15 වැනිදා බදාදා පූර්ව භාග 06.39 ට ලබයි.
16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 15 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 24 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]