UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

අධි ඇසළ අමාවක 2015.07.15

සිතෙහි සුවය

හපත් හෝ අයහපත් සෑම සිතිවිල්ලක්ම හට ගනු ලබන්නේ සිත මුල් කර ගෙනය. එසේ සිතෙහි හට ගන්නා වූ විවිධ සිතිවිලි නිසාම මනුෂ්‍යයාගේ යහපත හෝ අයහපත උදාකරවනු ලැබේ. බාහිර වශයෙන් ගලා එන අප්‍රමාණ සිතිවිලි හේතුවෙන් විටෙක ඒ සිත දුකට, සන්තාපයට පත්කරවනු ලැබේ. ඕනෑම ක්‍රියාවකට පෙර ඒ ක්‍රියාව පිළිබඳ හොඳ නරක විනිශ්චය කරනු ලබන්නේ සිත මගිනි.

එසේ හොඳට, නරකට දෙකටම බලපානු ලබන සිත ආරක්ෂා කර ගත යුතු වන්නේ කෙසේද? සිතට කෙතරම් සිතිවිලි ගලා ආවද, ඒ සියල්ල ක්‍රියාත්මක වනු ලබන්නේ මනුෂ්‍යයාගේ ක්‍රියාකාරකම් අනුවය. ඇතැම් සිතිවිලි අයහපත් බව දැන දැනද ක්‍රියාවට නගයි. යම් අයහපත් සිතිවිල්ලක් සිත තුළට ඇතුළත් වුවද එහි ඵල විපාක තෝරා බේරා ගත හැකි වන්නේ නම් සසල වන සිත නිසල කර ගැනීම අපහසු නොවේ.

පවුලක, ගමක, පළාතක, රටක වෙසෙන සියලුම මනුෂ්‍යයෝ බුද්ධි මට්ටමින් එක හා සමාන නොවේ. ඒ නිසාම සිත තුළට එන සිතිවිලි පාලනය කරගත නොහැකිවීමෙන් ඇතැම් විට තමන් වෙසෙන සමාජයට මහත් අහිතකර වේ. එබඳු තැනැත්තාට ද ඒ මගින් විවිධ දුක් කරදරවලට මුහුණ දීමට සිදුවේ. සිතට ගලා එන සිතිවිලි පාලනය කරගත නොහැකිවූ විට මනුෂ්‍යයා ඉතා පහත් මට්ටමට ඇද හෙළනු ලැබේ.

නිතර දුර ගමන් යන තනිව හැසිරෙන සිත පාලනය කරමින් ආරක්ෂා කර නොගැනීම නිසා ජීවිතයකට පැමිණෙන කරදර නිමක් නැත. නිවුණු දමනය වූ සිතම හැම විට තමාටත්, සමාජයටත් යහපතම සලසයි. සිතේ පාලනය දුරස් වූවිට ගතේ පාලනයක් ගැන සිතීමටවත් නොහැකිය. නිතර කලබලයට පත්වන සිත තැන්පත් සිතක් බවට පත් කර ගැනීමට නම් සම්බුදු දහමට නැඹුරු විය යුතුමය. ඒ දැවෙන තැවෙන සිතට සැනසීමක් උදාකර දෙනු ලබන්නේ සම්බුදු දහම මගින්ම පමණක් වන හෙයිනි.

සිතේ ආරක්ෂාව පමණක්ම නොව සිතෙහි පෝෂණයට ද කටයුතු කළ යුතුය. අයහපත් සිත මුල්වීමෙන් සිදුවන්නේ අයහපත් ක්‍රියාවන්මය. ඉහත සඳහන් කළ පරිදි අයහපත් සිත තමාටත්, අන්‍යයන්ටත් සිදු කරන්නේ අයහපතමය. යහපත් සිත තමාටත්, අන්‍යයන්ටත් සෙතක් ම සලසනු ලැබේ. සිතේ ශක්තිය වටහා නොගැනීම නිසාම හැම විට සිත කිලිටිව, නපුරට යොමුවේ.

සිතිවිලිවල ඇති දුබලකම නිසාම සන්තාපයට පත්වන සිත ආරක්ෂා කර ගත යුත්තේ වචනයෙන් හා ක්‍රියාවෙන්ය. නරක නපුරු සිතුම් පැතුම් පාලනය කර නොගැනීමෙන් පැමිණෙන විපත්, කරදර දුක් පීඩා අනන්තය. එමෙන්ම ප්‍රබල යහපත් සිතිවිලි හට ගැනීමෙන් පුද්ගලයා හැමවිට සුමගට යොමු කරවනු ලැබේ.

මනුෂ්‍යයාට පමණක් නොව සියලු සත්වයාටම ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන්නේ ආහාරය. ගතට පෝෂ්‍යදායි ආහාර ලබාදීමෙන් නිරෝගීකම ආරක්ෂා කර ගත හැකිය. නිරෝගීමත් ජීවිතයකට වුවද අනවශ්‍ය ලෙස ආහාර ලබාදීමෙන් විවිධ රෝගාබාධවලට යොමුවීම වළක්වා ගත නොහැකිය. ගත පෝෂණයට ආහාර අවශ්‍ය මෙන්ම සිතෙහි ආරක්ෂාවට හා පෝෂණයට සුබදායී සිතිවිලි අත්‍යවශ්‍යය. නරක නපුරු සිතිවිලි මගින් සිතෙහි ආරක්ෂාවක් හෝ පෝෂණයක් අපේක්ෂා කළ නොහැකිය. සිත නිරෝගීමත්ව තබා ගැනීමට පිවිතුරු සිතිවිලිම අත්‍යවශ්‍යය. බාහිරින් පැමිණෙන අනන්ත අප්‍රමාණ සිතිවිලිවලින් සිත අසහනයට පත් කරගත යුතු නොවේ. යහපත් ක්‍රියාවකින් ලබන සතුට නිසා සිතෙහි මහත් සොම්නසක් පහළ වේ. ඒ සොම්නස් සහගත සිතිවිලි භව ගමන සාර්ථක කර ගැනීමටද හේතුවේ. හිතට ඇතිවන ඊර්ෂ්‍යාව, තරහ ගතිය පාලනය කර ගනිමින් සිත ආරක්ෂා කරගත යුතු ය. ගතේ සුවයට වඩා සිතෙහි සුවය ජීවිතය පුරාම පවත්වා ගැනීමට නම් සිත පවිත්‍රව තබා ගත යුතු ය.

 

 

 අධි ඇසළ අමාවක පෝය   

අධි ඇසළ අමාවක පෝය ජූලි මස 15 වැනිදා බදාදා පූර්ව භාග 06.39 ට ලබයි.
16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 15 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 24 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]