UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අරමුණට පිය නැගීමේ අදිටන

අරමුණට පිය නැගීමේ අදිටන

කෙනෙකුගේ ජීවිතයේ වැදගත්කම වෙන්නේ ඒ පුද්ගලයා තමන් පොරොන්දු වුණු තමන්ගේ අරමුණ වුණ ජීවන අරමුණුවල ගමන් කරනවා නම් පමණයි. තමන්ගේ අරමුණුවල ගමන් කරන්නේ නැතිව හුදෙක් ප්‍රසිද්ධිය පතාගෙන ආර්ථික ලාභ ප්‍රයෝජන පතාගෙන කීර්ති ප්‍රශංසා පැසසුම් පතාගෙන කෙනෙක් යනවා නම්, උතුම් මිනිසුන් එයා තමන්ගේ ගෝලයාද, තමන්ගේ දරුවාද තමන්ගේ රටවැසියාද කියලා හිතන්නේ නැහැ.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් වැඩ වාසය කළා. ඒ හාමුදුරුවන් චුල්ල ශාරිරික නමින් වැඩ සිටියත් රහත් භාවයට පත්ව වැඩ සිටි රහතන් වහන්සේ නමක් නොවුණ නිසාම පෘතග්ජනයි. සැරියුත් මහරහත් වහන්සේගේ ගෝල නමක් ලෙස පැවිදි වුණා. ඕනෑම රෝගයක් නිවැරැදිව හඳුනාගෙන එම රෝගයට බෙහෙත් හේත් කර එම ලෙඩාව සුවපත් කිරීමේ විශේෂ හැකියාවක් මේ හාමුදුරුවන්ට තිබුණා. වෛද්‍යවරයෙකු කළ යුතු කාර්යයන් සිවුර පොරවා ගත්තාටත් පසුව මේ හාමුදුරුවන් ඒ කටයුතු කාරණා කරනු ලැබුවා.

ගිහි ඇත්තන් අසනීප වූ විට ඒ ඇත්තන් සමීපයට ගිහිල්ලා එම අසනීප තත්වයන් වටහාගෙන එයට අදාළ බෙහෙත් කරමින් ලෙඩාව සුවපත් කරන නිසා මිනිස්සුත් හාමුදුරුවන්ට හරිම කැමැතියි. හාමුදුරුවොත් මිනිසුන් අතර හරිම ජනපි‍්‍රයයි. මිනිසුන්ගේ රෝගාබාධවලට බේත්හේත් කළාම තුටු පඬුරු පූජාකරන විට හාමුදුුරුවොත් හරිම ආසාවෙන් හරිම කැමැත්තෙන් බාරගන්නවා. රෝගය සුවකිරීම වෙනුවෙන් දෙන නිසා තුටු පඬුරු හැටියට දක්වන්න පුළුවන්. මෙම හාමුදුරුවන් මෙම කාර්යභාර්ය අඛණ්ඩව කරගෙන ගියා. මිනිස්සුත් හාමුදුරුවන්ට හරිම කැමැතියි. හාමුදුරුවොත් වැඩිපුරම බණ භාවනාවලට නැඹුරු වුණේ නැතිව අනෙක් අයගේ අසනීපවලට බේත්හේත් කරමින් ඒ අය සුවපත් කරමින් ඒ අය සුහදව ඇසුරු කරමින් ලැබෙන ලාභ සත්කාර සතුටින් පිළිගනිමින් ආර්ථිකතත්වයත් ගොඩනගාගෙන සමාජයේ කිසියම් මට්ටමකට ජීවත්වුණා. මේ චුල්ලසාරික හාමුදුරුවන් එක දවසක් එක්තරා ලෙඩෙක් සුවපත් කිරීමට එම රෝගියාගේ ගෙදරට වැඩම කරනු ලැබුවා. ගෙදරට වැඩම කරල බේත් ලබාදීමට පෙර රෝගියා සමඟ කතාබහ කරල ඔහුට තිබෙන රෝගය ඉතා නිවැරැදිව හඳුනාගෙන අදාළ ප්‍රතිකර්ම කළා. ඒ ප්‍රතිකර්ම කළාට පසුව ඒ ගෙදර පිරිස මෙම හමුදුරුවන් පිළිබඳව හරිම පැහැදීමක් හරිම සතුටක් ඇතිකර ගෙන කලාතුරකින් වැළදීමට ලැබෙන මිහිරි පළතුරු හාමුදුරුවන්ට පූජාකළා. හාමුදුරුවන් ඒ පුජාව පිළිගත්තා. පිළිඅරගෙන පන්සලට වඩින අතර මඟ හාමුදුරුවන්ට දකින්නට ලැබෙනවා තමන් වහන්සේ වඩින පැත්ත.ට වඩින සැරියුත් හාමුදුරුවන්. ඒත් සමාජයට කරන සේවය වෙනුවෙන් සැරියුත් හාමුදුරුවන් එක පැත්තකින් සමාජයේ ප්‍රසිද්ධියක් ලබනවා. සැරියුත් හාමුදුරුවන්ගේ ගෝල හාමුදුරුවන් වහන්සේ වෙනත් ආකාරයකට සමාජ සේවයක් කරනවා. සැරියුත් හාමුදුරුවන් දැකල චුල්ලසාරි හාමුදුරුවො තමන් වහන්සේ ලෙඩාට බෙහෙත් ප්‍රතිකාර කිරීම නිසා පූජාවට ලැබුණ මිහිරි පළතුරු සැරියුත් හාමුදුුරුවන්ට පිළිගැන්නුවා. තමන් වහන්සේගේ ගුරුවරයා බව සිතමින් සතුටු සිතින් තමන් වහන්සේට ලැබුණ මිහිරි පළතුරු සැරියුත් හාමුදුරුවන්ට පිළිගැන්නුවා. ඒ වෙලාවේ සැරියුත් හාමුදුරුවන් මෙම පිළිගැනීම බාර ගන්නෙත් නැතිව තමන්ගේ ගෝලයා වූ චුල්ලසාරි හාමුදුරුවන් දෙස බැලුවේවත් නැතිව නොමනාප සිතිවිල්ලක් ඇතිවන ආකාරයට දොස් පරොස් කිව්වෙත් නැතිව නිශ්ශබ්දව වැඩම කළා. තමන් වහන්සේගේ ගෝල හාමුදුරුවන් උන්වහන්සේගේ හැකියාව ප්‍රදර්ශනය කරමින් ලබාගත්ත පිරිකර සැරියුත් හාමුදුරුවන් බාරගත්තේ නැති නිසා චුල්ලසාරි හාමුදුුවන්ගේ සිතට හරිම වේදනාවක් පැමිණුනා. ඇයි? මගේ ගුරු ස්වාමින් වහන්සේ මේ පිරිකර බාර නොගත්තේ? මගෙන් ගුරුවරයාට වුණ වැරැද්ද කුමක්ද ? මගේ වුණ වරදක් නිසා මෙහෙම කළාද ? ආදි වශයෙන් මේ හාමුදුුරුවො කල්පනා කරන්න පටන් ගත්තා. කල්පනා කළා විතරක් නෙවෙයි චුල්ලසාරි හාමුදුරුවන් බුදුරජාණන් වහන්සේ හමුවීමට ගොස් බුදුහාමුදුුරුවෝ බැහැදැකළ බුදුහාමුදුරුවන්ට වැඳළ තමන් වහන්සේට සිදුවුණ මෙම ගැටලුව බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කළා.

තමන් එම නිවසේ සිටි ලෙඩාට බෙහෙත් කළා. එම ප්‍රතිකාර කිරීමේ සතුට නිසා කාලයකට වැළඳීමට නොලැබෙන දුර්ලභ මිහිරි පළතුරු පූජාවක් ලැබුණ බවත්, එම පළතුරු සැරියුත් හාමුදුරුවන්ට පිළිගැන්වුවත් උන්වහන්සේ එය බාරනොගත්තා විතරක් නොවෙයි ඒ දෙස නොබැලුව බවත් උන්වහන්සේ අහක බලාගෙන වැඩම කළ බවත් දේශනා කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ චුල්ලසාරි හාමුදුරුවන්ට කරුණුූ කාරණා කිහිපයක් පැහැදිලි කරළා දුන්නා.

කෙනෙකුගේ ජීවිතයේ වැදගත්කම වෙන්නේ ඒ පුද්ගලයා තමන් පොරොන්දු වුණු තමන්ගේ අරමුණ වුණ ජීවන අරමුණුවල ගමන් කරනවා නම් පමණයි. තමන්ගේ අරමුණුවල ගමන් කරන්නේ නැතිව හුදෙක් ප්‍රසිද්ධිය පතාගෙන ආර්ථික ලාභ ප්‍රයෝජන පතාගෙන කීර්ති ප්‍රශංසා පැසසුම් පතාගෙන කෙනෙක් යනවා නම්, උතුම් මිනිසුන් එයා තමන්ගේ ගෝලයාද, තමන්ගේ දරුවාද තමන්ගේ රටවැසියාද කියලා හිතන්නේ නැහැ.

ඒවා ප්‍රතික්ෂේප කරනවා. ඔබ වහන්සේ වුණත් කරල තියෙන්නේ ලජ්ජ නැති වැඩක්. ඒ වගේම ශ්‍රද්ධාවෙන් තොර වැඩක්. සිවුරකුත් කරේ තබාගෙන වෛද්‍යවරු කරන වෘත්තිය කරන්නට ඔබවහන්සේ ගියහම කොහොමද සැරියුත් හාමුදුරුවන් තමන් වහන්සේගේ ගෝලයා බව කියන්නේ. කෑම බීම කාටත් වුවමනා වුණත් පළතුරු කෑමට කවුරුත් කැමති වුණත් ප්‍රශ්නය වෙන්නේ කෑම බීම නෙවෙයි. කෑම සොයන ආකාරයයි. ප්‍රශ්නය වන්නේ පළතුරු නොවෙයි. එම පළතුරු සොයා ගත්ත ආකාරයයි. එනිසා ඔබ යා යුතු මග පසෙකලා වැරැදි මඟක යන විට උගතකු හැටියට මොනවද කරන්නේ. බුද්ධිමත් සැරියුත් හාමුදුරුවන් මොනවද කරන්නේ දෙන අවවාදයක් පිළිගන්නේ නැත්නම් කියන කාරණාව පිළිබඳ අරමුණක් තමා තුළ නැත්නම් තමන් හිතල මතල කල්පනා කරන්නේ නැත්නම් අහක බලාගෙන පූජාවන් පිළිගන්නේ නැතිව වඩිනවා විනා වෙන මොනවා කරන්නද? මම කල්පනා කළ විදිහට සැරියුත් හාමුදුරුවන් නිහඬවම ඔබ වහන්සේට කියලා තියෙන්නේ ලොකු ධර්ම දේශනාවක්. කියන වග චුල්ලසාරි හාමුදුරුවන්ට ඉතාමත් සරල අයුරින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරල දුන්න. ඊට පසුව උන්වහන්සේ බුදු බණත් අහගෙන තමන්ගේ ගුරු හාමුදුරුවන් වු සැරියුත් හාමුදුරුවන් පිළිබඳව තමන් වහන්සේ තුළ තිබූ නොමනාපය දුරුකරල තමන්ගේ අරමුණ කරා පියනගනවාය කියන අධිෂ්ඨානය හිතේ ඇතිකර ගත්තා.

 

   අධි ඇසළ පුර පසළොස්වක පෝය

අධි ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 01 වැනිදා බදාදා පූර්වභාග 9.30 ට ලබයි. 02 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 7.49 දක්වා පෝය පවති. සිල් සමාදන් වීම ජූලි මස 01 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 08 වැනිදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 08

Full Moonඅමාවක

ජූලි 15

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]