UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කතරගම මහාදේවාලයේ ඇසළ පෙරහැර

රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර ජූලි මස 17 දින ආරම්භ වී ජූලි මස 31 දින අවසාන මහා පෙරහර පැවැත්වෙන බවත් අගෝස්තු මස 01 දින මැණික් ගඟේ දිය කැපීමෙන් පෙරහර කටයුතු අවසන් වන බව රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතා ප්‍රකාශ කළේය.

ඉතිරිය»

සදහම් ආලෝකය ලොව පැතිර ගිය ඇසළ පොහොය

සිද්ධාර්ථ බෝසතාණෝ උතුම් වූ බුද්ධත්වයට පත්ව සත් සති ගෙවා නැවත අජපාල නුග රුක වෙත වැඩම කළහ. එහි දී තමා විසින් අවබෝධ කරගත් ධර්මය ඉතා ගැඹුරුය. පහසුවෙන් අවබෝධ කරගත නො හැකිය. මිත්‍යාදෘෂ්ටි වලින් පිරී පවතින සමාජයට අවබෝධ කරගත් ධර්මය දේශනා කිරීම උඩු ගංබලා යාමක් වැනිය යි සිතූහ. මේ සිතිවිල්ලත් සමඟ මහා බ්‍රහ්මයා බුදුරදුන් හමුවට පැමිණ වැඳ, ධර්මය අවබෝධ කර ගැනීමට සමත් අපමණ සත්වයන් සිටින නිසා ධර්මය, දේශනා කරන සේක්වා යි අයැද සිටියේය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

අරි අටගි මග

“තං ඛොපන ධම්ම චක්කං අප්පති වත්තියං සමණෙන වා බ්‍රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ්මුණා වා කෙනෙචි වා ලොකස්මින්ති ධම්ම චක්කං”  මේ චතුරාර්ය සත්‍ය ධර්මය කිසිම දෙවි කෙනෙකුටවත් මාරයෙකුටවත් බ්‍රහ්මණයෙකුටවත් වෙන කිසිම ශ්‍රමණ බ්‍රාහ්ම ආදි කෙනෙකුටවත් පවත්වන්නට බැරි අති උත්තරීතර ධර්ම දේශනාවක් බැවින් මීට ධර්ම චක්‍රය කියනවා කියන අර්ථය පටිසම්භිදා මග්ග පාලියේ ධර්ම සේනාධිපති සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ පහදා වදාළා.

ඉතිරිය»

අනුරාධපුර මහා විහාර පුරාණය

අනුරාධපුර මුල් කරගත් මහාවිහාරය වනාහි ශ්‍රී ලංකාවේ ප්‍රථම භික්ෂු මූලස්ථානය ලෙසින් මෙන්ම බෞද්ධාගමික හා සංස්කෘතික නිජභූමිය ලෙසින්ද හැඳින්වීම නිවැරදිය. ක්‍රි.පූ. තෙවැනි සියවසේදී මිහිඳු මහරහතන් වහන්සේගේ නායකත්වයෙන් ලක්දිවට වැඩම කළ ධර්මදූත කණ්ඩායම විසින් මහාවිහාරය මුල්කරගත් භික්ෂු සම්ප්‍රදායක් ආරම්භ කරන ලදී. ථෙරවාදී බුදුදහම මෙරටට හඳුන්වාදීමෙන් පසු සංවර්ධනය වී ස්ථාවරත්වයට පත්වනුයේ අනුරාධපුර මහාවිහාරය කේන්ද්‍රගත කරගනිමින්ය. ථෙරවාදී සම්ප්‍රදාය ගරු කළ බැවින් ථේරයන් නැතහොත් ථෙරවාදීන් යනුවෙන් සාමාන්‍යයෙන් හඳුන්වනු ලැබූ මහාවිහාර වාසින් බෞද්ධාගම මෙරට පිහිට වූ තැන් සිට එහි ආරක්ෂකයන් වු අතර සිය සම්ප්‍රදායේ පැවැත්ම අරභයා මහත් වෙහෙසක් දීර්ඝ කාලයක් දැරූ බව ශ්‍රී ලංකා ඉතිහාසයෙන් පැහැදිලි වේ. මුල් කාලයේ මහා විහාරයේ අනුගාමිකයන්ගේ තර්කය වූයේ සැබෑ ථෙරවාදී සම්ප්‍රදායක් නියෝජනය කරන ලද්දේ තමන් විසින් පමණක් බවත් අනෙක් නිකා දෙකේ (අභයගරි හා ජේතවන) අනුගාමිකයන් භේදකාරි බවත්ය. මහාවිහාරයේ ස්ථාවරත්වය න්‍යායාත්මකව නියෝජනය කරන මතවාද දෙසිය තිස් දෙකක් පැවැති බව ප්‍රංශ ජාතික ආන්ද්‍රෝ බාරෝ විසින් හඳුනාගෙන ඇත.

ඉතිරිය»

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක ධුරන්දර

ගලගම ධම්මසිද්ධි ශී‍්‍ර ධම්මානන්ද අත්ථදස්ස්‍යභිධාන  මහා නායක මා හිමිපාණන් වහන්සේ

අක්තපත්‍ර පිරිනැමීමේ රාජ්‍ය උත්සවය ජූලි 06 දින පස්වරු 2.30 ට මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික මඟුල් මඩුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ

ඉතිරිය» 

 

කුරුණෑගල රම්බඩගල්ල මොණරාගල විද්‍යාසාගර පිරිවෙන් මහා විහාරයේ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ

කුරුණෑගල, රිදීගම, රම්බඩගල්ල මොනරාගල විද්‍යාසාගර පිරිවෙන් විහාරභූමියේ පිහිටි ශෛලමය පර්වතයක 2002.09.13 වැනිදා ආරම්භ කර ඉන්දියානු ශිල්පි පද්ම ශ්‍රී ඇම්.ඇම්. ස්තපතිතුමන් ඇතුළු ශිල්පීන් විසින් අමරපුර අරියවංශ සද්ධම්ම යුත්තික නිකායේ මහා නායක එගොඩමුල්ලේ අමරමෝලි මහ නාහිමියන්ගේ අනුශාසනා පරිදි වසර 12කුත් මාස 5 ක් හා දින 17 ක් පුරා කාලය කැප කර පොදු ජනතාවගේ නොමද ශ්‍රමය හා ධන පරිත්‍යාගයෙන් නෙළනු ලැබූ ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ (උස අඩි 67.5 ) ඉකුත් අප්‍රේල් 05 වන දා ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහ නායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිරාවරණය කරන ලදී. අද බුදුසරණ මුල් පිටුවේ පළ කර ඇත්තේ එම බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකි.
ජායාරූපය - සුදම් ගුණසිංහ

 

   අධි ඇසළ පුර පසළොස්වක පෝය

අධි ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 01 වැනිදා බදාදා පූර්වභාග 9.30 ට ලබයි. 02 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 7.49 දක්වා පෝය පවති. සිල් සමාදන් වීම ජූලි මස 01 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 08 වැනිදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 08

Full Moonඅමාවක

ජූලි 15

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]