UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජීවිතය ජයගැනීමට අවශ්‍ය වීය්‍යීය

ජීවිතය ජයගැනීමට අවශ්‍ය වීය්‍යීය

ලොව මෙතෙක් මිනිස් අතින් බිහිවූ සියල්ලක්ම මිනිසා තුළ සැඟවී සිටින වීර්යයේ ප්‍රතිඵලයන්ය. ඕනෑම කටයුත්තකදී කෙනෙකුට විවිධ බාධක සම්බාධක හමුවෙයි. මේ සියලු බාධාකිරීම් යටපත් කොට ස්වකීය අරමුණූ සඵලකර ගැනීමට අවශ්‍ය චිත්ත ශක්තිය වීය¸ නම් වේ. ජාතක පොතෙහි දෙවෙනි ජාතක කථාවස්තුව වන “වණ්ණුපථ’ ජාතකය වීර්ය පාරමිතාව පිළිබඳ ගැඹුරු ආදර්ශයක් සපයයි.

වාලුකා කාන්තාරයක ගැල් පන්සියක ගොනුන් දහසක් හා සේවකයන් පන්සියයක් සමඟ අතරමං වූ බෝසත් සාත්තු නායකයාණෝ බීමට ජලය සොයා නොගතහොත් සියලු දෙනා ජීවිතක්ෂයට පත්වන බව වටහාගෙන ජලය ගැන හෝඩුවාවක් දැන ගැනීමට කාන්තාරයේ ඇවිදි ගියේය. හදිසියේම බෝසතුන්ගේ නෙත ගැටුණේ සරුවට වැඩුණ තණ පඳුරකි. තියුණුූ බුද්ධියක් ඇති බෝසතාණෝ ජලය නොමැතිව තණ පඳුරක් නොවැඩෙන බව හේතුඵල ධර්මයට අනුව සිතා රළු පොළව කැණීමට පටන් ගත්හ. බොහෝ වෙහෙසගෙන බඹ ගණනක් පොළව කැණීමෙන් පසුව අවසානයේ හමුවූයේ වතුර නොව විශාල කළුගලකි. බෝසතාණෝ උත්සාහය අත නොහැරියහ. කථා නොකරම කළුගලට කන තබා, බලන විට ගලයටින් ගලනා වතුර පාර හඩ ඇසුණි. කුළු ගෙඩියක් ගෙන්වා ගල දෙබෑවීමට පහරක් දෙන ලදී.අවසානයේ වීය¸යේ ප්‍රතිඵලයක් වශයෙන් විශාල ජලකඳක් උඩට නැඟුණි. සියලු දෙනාගේ දිවිරැකුණේ බෝසතුන්ගේ වීය¸යේ ප්‍රතිඵලයක් වශයෙනි.

මිනිසකුගේ වීය¸යේ කැපවීමෙන් ලබාගත් දෙයක් සියලු දෙනාගේ යහපත සඳහා හේතුවේ. අප බෝසතාණෝ සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් වෙරවීරිය වඩා බුද්ධත්වය පසක් කරගැනීම හුදු අතිශයෝක්තියක් නොවේ. සම් ඇට නහර ඉතිරිවී ලේ මස් වියළී ගියත් බුදුවීමේ උත්සාහය අත නොහරිමියි, යනුවෙන් වැඩු චතුරාංග සමන්නාගත වීය¸ය නිසා සිදුහත් බෝසතුන්ට බුද්ධත්වය පසක්කරගැනීමට හැකිවිය. වීය¸ය ලෝකෝත්තර සුවය සඳහා පමණක් නොව ලෞකික සැප සාධනය කර ගැනීමෙහිලා ද අත්‍යවශ්‍ය මානසික සාධකයකි. උට්ඨාන සම්පදා, සම්මා වායාම වීය¸ය හා සම්බන්ධ වේ. කර්මයෙන් දිළිඳු තත්වයට පත්වූ කෙනෙකුට උත්සාහය හා උපායදන්නා නුවණින් ලෞකික දියුණුවට පත්විය හැකි බව බුදුදහම උගන්වයි. දැහැමිව වීය¸ සම්පන්නව ලෞකික දියුණුව සලසා ගන්නා කෙනෙකුට ලෝකෝත්තර දියුණුවද ඉන් සලසා ගැනීමට ඉඩක් සැලසේ. ලෞකික වේවා ලෝකෝත්තර හෝ වේවා කෙනෙකුගේ දියුණුවට බාධාවන කුසීත කරුණුූ අටක් අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයෙහි දැක්වේ.

වැඩක් ආරම්භ කිරීමටත් පෙර මම වෙහෙසෙන්නට වේයැයි සිතා අලසව නිදා ගැනීම, දැන් මම වැඩක් කළා මට වෙහෙසැයි සිතා ඉදිරි කටයුතු නොකොට අලසව නිදා ගැනීම, ගමනක් යාමට තිබෙන විට වෙහෙසීමට තිබේයයි සිතා නිදා ගැනීම ගමනක් ගොස් පැමිණිවිට මම දැන් බොහෝ වෙහෙසී සිටිමි යයි සිතා නිදාගැනීම, දැන් මට ප්‍රමාණවත් ආහාරයක්. නොලැබුවෙමි යැයි සිතා කුසීතව නිදාගැනීම , කුස පුරා ආහාරයක් ගත් විට දැන් වැඩ කිරීම අපහසුයයි සිතා නිදා ගැනීම, මඳ රෝගී බවක් දැනෙන විට මම අසනීපයැයි නිදා ගැනීම රෝගය සුවවූ විටත් මම දුබලයැයි සිතා නිදා ගැනීම, මෙම කුසීතවන්තු අට මිනිසාගේ වීර්යය උත්සාහය විනාශ කරන අතර වීර්යාරම්භ වස්තු අටක්ද පෙන්වා දී ඇත. ඉහත දැක්වූ කරුණු අටට සපුරා වෙනස් ආකාරයෙන් වීර්ය වැඩීම මේ වීර්යාරම්භ වස්තු අටෙන් ප්‍රදර්ශනය වෙයි. මට ඉදිරියේදී වැඩක් කිරීමට ඇති නිසා පැවරී තිබෙන වැඩම කටයුතු සම්පූර්ණ කළ යුතුයයි වීය¸ වැඩීම , පැවරුණු වැඩ මම දැන් කළායයි සතුටුවී අතපසුවූ කටයුත්ත කිරීමට වීය¸ දැරීම, කුස නොපිරිණු නිසා දැන් කය සැහැල්ලුයයි සිතා වීය¸යෙන් කටයුතු කිරීම. කුස පුරා ආහාරයක් ලැබුණුවිට දැන් මම ශක්ති සම්පන්නයයි සිතා වීය¸ කිරීම මේ කරුණු අටම වීය¸යට අදාළ වෙයි වීය්‍යවන්තයා කිසිම කරුණකදී පසුබට නොවී වීර්යයෙන් කටයුතු කිරීම මනාව පැහැදිලි කෙරෙයි.

වීය¸යට ප්‍රතිවිරුද්ධ මමෝභාවයකි ථීනමිද්ධය”. ථීන මිද්දය යනු යහපත් ක්‍රියාවට ඇති අකැමැති ස්වභාවයයි. යහපත් කටයුත්තක් සඳහා සිතෙහි හාකයෙහි මැළිබව ථීන මිද්ධිය නම් වේ. ථීන මිද්ධය නැති කිරීමට අදාළ කරුණු සයක් පෙන්වාදී ඇත. පමණට වඩා ආහාර නොගැනීම ඉරියව් වෙනස් කිරීම, අඳුරට නොගොස් එළිමහනට යාම, යහපත් මිත්‍රයන් ඇසුර, දැහැමි කථා කිරීම, මිනිසාගේ කය සිතෙහි අලස බව හෙවත් ථීන මිද්ධය දුරු කර ගැනීමට අනුබල දෙයි.

අංගුත්තර නිකායේ අත්තකාර සූත්‍රයෙහි මිනිසා කෙරෙහි පවත්නා සුවිශේෂ ශක්ති විශේෂයක් නැතහොත් ධාතු විශේෂයක් පිළිබඳ පෙන්වා දෙයි. එනම් ආරම්භ ධාතු නික්ඛමධාතු, පරක්ඛම ධාතු, ථාම ධාතු, උපක්කම ධාතු ආදී මේ මිනිසා සතු ධාතු විශේෂයෙන් පෙන්නුම් කරන්නේ වීය¸යයි. මිනිසාගේ කුසීත බව අලස බව දුරු කරගත යුත්තේ මිනිසා විසින්මය.අනාගතය පිළිබඳ සිහින මවමින් තමන් කරන්න යන දේ ගැන අන්‍යයන් සමඟ දොඩමළු වෙමින් කාලය කාදමමින් අනුන්ගැන විවේචනය කරමින් තමන්ටත් අනුන්ටත් යහපතක් සඳහා තුඩුදෙන කිසිවක් නොකොට කල්මරන අවීර්යය කටයුතු කරන්නා අතින් බොහෝ පව් සිදුවේ. අකුසල රැස්කරගනී. එබඳු මිනිසකු තමා සතු ආරම්භධාතු, පරක්කමධාතු උපක්කම ධාතුන් පිළිබඳ විශ්වාසයක් නොමැති කම නිසා එම ශක්ති විශේෂය ඔහුත් සමඟ වැලලීයයි.

ලෞකික,ලෝකෝත්තර දියුණුව සලසා ගැනීමෙන් කෙනෙකුට අවශ්‍ය චිත්ත ශක්තිය වීය¸යයි. කාලගුණය , දේශගුණය, ඉදිරියේදී මුහුණ පෑමට තිබෙන දුෂ්කරතා ආදිය ගැන සිතමින් වීය¸ නොකොට කල්මැරීමෙන් තමන් අපේක්ෂා කරන දියුණුවක් කිසිවකුට ලබාගත නොහැක.

අති සිතං අති උණහං
අතිසායං මිදං අහු.
ඉති විස්‍ය ටඨ කම්මන්තෙ
අත්ථා අඛෙකනනි මානවේ

ලොව ලෞකික හෝ වේවා ලෝකෝත්තර හෝ වේවා කවරනම් දියුණුවක් ලබාගත්ත කෙනෙකුගේ ජීවිතයේ අතීතය ගැන බැලුවොත් ඔවුහු නිතර නිදාගත් අලසව වැතිරීසිටි, අනුන් සමඟ නිසරු කථා බස් කරමින් කුසීතව දිවි ගෙවූ අය නොවන බව පැහැදිලි වනු ඇත. ඉහතින් දැක්වූ මිනිසා සතු ආරම්භ ධාතු ආදි ශක්ති විශේෂය භාවිතා නොකිරීමෙන් කිසිවකුට දියුණුවක් අපේක්ෂා කළ නොහැක.

ආරම්භ ධාතු යනු තමන් අපේක්ෂා කරන අරමුණ කෙසේ හෝ අධිෂ්ඨාන පූර්වකව ආරක්ෂා කිරීමයි. ඉහත කී වැරැදි පුරුදු ඉවත්කිරීම නික්ඛම ධාතුවයි. පැමිණෙන අභියෝග ජය ගැනීමට චිත්ත ගතියක් හැම කෙනෙකුටම තිබුණත් ඒ ශක්තිය බොහෝ අය භාවිතා කර නොගනිති. එය පරක්කම ධාතුවයි. කොතරම් බාධා පැමිණියත් තමන් ආරම්භ කළ කටයුත්ත ජයගැනීම සඳහා නොසැලී සිටීමේ ශක්තියක් මිනිසාට ඇත.

එය වාම ධාතුවයි. මෙකී මිනිසාට සුවිශේෂ වූ මේ ශක්ති විශේෂයන් දුබල කිරීමට බලපාන සමාජ ආර්ථික ආදී බාහිර හේතුන් රැසක් අප අතර දක්නට ඇත.

බෞද්ධ ලෝකයෙහි නිතර භාවිතාවන මංගල සූත්‍රයෙන් මිනිසාගේ මෙලොව පරලොව, ලෞකික ලෝකෝත්තර දියුණුව සඳහා හේතුවන කරුණු තිස් අටක් සඳහන්ව ඇත. මංගල සූත්‍රය දේශනා කරන්නේ කෙනෙකුගේ දියුණුවට හේතුවන කරුණු මොනවාද?යනුවෙන් දෙවි මිනිසුන් අතර ඇතිවූ ප්‍රශ්නයක් පිළිබඳව එක්තරා දෙවියෙක් බුදුරදුන්ගෙන් විමසු අවස්ථාවේදීය.

මෙහිදී සමාජය තුළ එදත් අදත් කෙනෙකුගේ දියුණුවට හේතුවනවායයි පිළිගැනෙන සමාජ සම්මත තුනක් ඇත.අපගේ එදිනෙදා ඇස ගැටෙන සුභ මංගල සලකුණ දිට්ඨමංගල නම් වේ. මංගල භෙරි නාද, කුංචනාද කෝකිල නාද, සෙත් කවි ආදිය ශුභ සලකුණූ වන අතර හූනන්, කෑරලන් ආදින්ගේ හඬ අසුභ සලකුණූ ලෙස සලකනු ලැබේ. මේවා සුත මංගල නම් වේ. විවිධ මැණික් ගල් ඇල්ලු මුදු පැළඳීම, වාලංපූරි වැනි විවිධ දේ ගෙවල්වල තබාගැනීම පැළඳ ගෙන සිටී.

ආදිය මුත මංගල්‍යය වේ. එපමණක් නොව සුබ නැකත අසුභ නැකත ආදි නක්ෂත්‍රය ද අප සමාජයේ දැඩිව පිළිගත්තා වූ මිනිසාගේ දියුණුව හා පරිහානිය පිළිබඳ කරුණු සියල්ලට මිනිසාගේ වීය¸ය දුබල කරන පිළිගැනීම් බව බුදුදහම අනුව පැහැදිලි කර ගත යුතුය මංගල සූත්‍ර දේශනාවෙහි එන කරුණු 38 තුළ ඉහතකී දිට්ඨ, සුත, මුත, මංගල කරුණු ඇතුලත් කොට නැත.

එහෙත් සමාජ පිළිගැනීම්වලට එකහෙළා පහරදී ප්‍රතික්ෂේප කළ යුතු නැත. ඒවා සමාජ සම්මත වශයෙන් සලකා පරමාර්ථ සත්‍ය සමාජයක් සේ නොසලකා අනුගමනය කිරිම වරදක් නොවේ’. මක් නිසාද යත් එබඳු සත්‍යයන් බුදුදහම හඳුන්වන්නේ ‘පචෙචක සච්ච “ යනුවෙනි. එබඳු පිළිගැනීම්වලට යටවී වහල්වී මිනිසාගේ වීය¸ය යටපත් කළ යුතු නැත. උත්සාහයෙන් වීය¸යෙන් දෛවයද වෙනස් කළ හැකි බව පිළිගන්නා දහමක් නිසා බුදුදහම අන් සියලු මතවාද දෘෂ්ටිවාද ප්‍රතික්ෂේප කොට මිනිස් පෞරුෂයට ඉහළව ස්ථානය පිරිනමා ඇති බව අප වටහාගත යුතුය.

නක්ඛකතං පතිමානෙන්තං
අතෙථා බාලං උපචචගා
අත්ථො අත්ථස්‍ය නක්ඛත්තං
කිං කරිස්සන්ති තාරකා”

නැකැත් බලමින් තමාගේ කටයුතු පමාකරන හෝ ඉක්මන් කරන තැනැත්තා තමාගේ බලාපොරොත්තු විනාශ කරගන්නේය. තමා අපේක්ෂා කරන දෙයම නැකත වේ. අහසේ තරු කුමක් කරයිද? නැකැත් වලට වහල්වී කටයුතු කරන අය මිනිස් පෞරුෂය ගැන බුදුදහමේ හේතුළුල වාදය ගැන විශ්වාසය නොකරණ සැබෑ බෞද්ධයන් නොවන වග අප වටහාගත යුතුය. දියුණුවේදී අත්‍යවශ්‍ය සාධකය වන්නේ මිනිස් සිතේ පවත්නා වීය¸යයි.

 

   අධි ඇසළ පුර පසළොස්වක පෝය

අධි ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 01 වැනිදා බදාදා පූර්වභාග 9.30 ට ලබයි. 02 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 7.49 දක්වා පෝය පවති. සිල් සමාදන් වීම ජූලි මස 01 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 08 වැනිදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 08

Full Moonඅමාවක

ජූලි 15

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]