UNICODE

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ළමා නිර්මාණ පිටුව

ළමා නිර්මාණ පිටුව

ළමා ලොවයි සදහම් සුවයයි

දක්ෂ දරුවෝ

දීපව්‍යාප්ත රචනා තරගයේ දෙවනි තැන ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ මිහිරි ලක්තිළිණි ලියන ගුණවර්ධනට

පොසොන් උත්සවයට සමගාමීව ලේක්හවුස් ආයතනයේ බුදුසරණ පුවත්පත හා එක්ව සංවිධානය කරන ලද දීපව්‍යාප්ත රචනා තරගාවලියේ දෙවන ස්ථානය ලබා ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ 9 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන මිහිරි ලක්තිළිණි ලියන ගුණවර්ධන ශිෂ්‍යාව සමත්වූවාය. මීට අමතරව පසුගිය වසරේ ලේක්හවුස් ආයතනයේ මිහිර පුවත්පතට වසර පනහක් සපිරීම නිමිත්තෙන් පැවැත්වූ දීපව්‍යාප්ත රචනා තරගාවලියෙන් ද දෙවන ස්ථානය ලබා ගැනීමට සමත්විය. 2014 ප්‍රාදේශීය සාහිත්‍ය තරගාවලියේ ගද්‍ය රචනා තරගයෙන් ගාල්ල කොට්ඨාසයේ දෙවන ස්ථානය ද මහරගම තරුණ බෞද්ධ සංගමය මෙහෙය වූ අනගාරික ධර්මපාල ගුණ සමරු රචනා තරගාවලියෙන් ද විශිෂ්ට සම්මානයක් හිමි විය.

අකුරැස්ස මලිදුව ශ්‍රී විජයානන්ද දහම් පාසලේ දීප්තිමත් ශිෂ්‍යාවක් ද වන ඇය 2006 වසරේ සිට 2014 වසර දක්වා සමස්ත ලංකා සිසු නිපුණතා තරගාවලිවල දී රචනා හා පද්‍ය ගායනා ප්‍රථම ස්ථානය මේ දක්වා අඛණ්ඩව ලබාගෙන ඇත. 2015 වර්ෂයේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමි අනුස්මරණ රචනා තරගාවලියෙන් ද ඇය තෙවන ස්ථානය ලබා ගැනීමට සමත් විය. ඉරිදා ජාතික පුවත්පත ළමා විශේෂාංග ලේඛිකාවක් ද වන ඇය ලේඛන කලාවට අමතරව නර්තනය, ගායනය, වාදනය, චිත්‍ර, පරිගණක ආදී විවිධ ඉසව්වලින් මේ දක්වා ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියක් ලබාගෙන ඇත.

විවිධ රූපවාහිනි නාලිකාවලින් තම දක්ෂතාවයන් දක්වා ඇති ඇය මලිදුව ශ්‍රී විජයානන්ද දහම් පාසලේ ශිෂ්‍ය නායිකාවක් මෙන්ම ‘සැළලිහිණියෝ’ සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායන ශිල්පිණිය ද වන්නීය.මෙවන් සුවිශේෂී හැකියාවන්ගෙන් සපිරි ඇය ‘මුතුහර’ රූපවාහිනී ළමා සමාජයේ සංවිධායකවරියක වශයෙන් ද කටයුතු කර ඇත. ‘බුදුසරණ’ පාඨකයකු වන ඇයගේ බලාපොරොත්තුව රටට වැඩදායි දරුවකු වීමයි.

ඇසළ පොහොය

මේ ජූලි මාසයයි. ජූලි මාසය අප සිංහල ක්‍රමයට හඳුන්වන්නේ ඇසළ මාසය ලෙසයි. මෙම මාසයේ ඇති පෝය ඇසළ පෝය ලෙස හැඳින්වේ. බෞද්ධයන් වන අප හට ඇසළ පොහෝදින ශාසනික වශයෙන් ඉතා වැදගත් වේ. එනම් සිදුහත් කුමරා මහමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම, සතර පෙර නිමිති දැක සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමණය කිරීම, රාහුල කුමරා ඉපදීම, බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර පෑම වැනි සිදුවීම් ආදිය වේ. මේ අතරිනුත් ප්‍රධාන වන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීමය. බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයේ දී දම්සක් පැවතුම් සූත්‍රය පස්වග මහණුන් අරභයා දේශනා කරන ලදී. ඇසළ පොහෝ දින වෙනුවෙන් දිවයින පුරා පෙරහර පැවැත්වේ. මෙවැනි අසිරිමත් සිදුවීම් රාශියකට මුල පුරනා ඇසළ, පොහෝ දින බෞද්ධයන් ලෙස සැමරිය යුත්තේ පන්සලට ගොස් අටසිල් සමාදන් වීමෙනි.

සදහම් සිසිල

බුදු සමිඳුන්ගේ දෙසුමත් හද පිළිරැව් දෙන්නේ
විහාර යන නාමය හද පත්ලෙහි කිමිදෙන්නේ
ජීවමාන බුදු සමිඳුන් නෙත ඉදිරියෙ ඉන්නේ
විහාර ගේ බලමහිමය ලොවට කියා දෙන්නේ

බුදු සමිඳුගෙ රුවක් මවන ප්‍රතිමූර්තිය වන්නේ
විහාර ගෙයි බුදු පිළිමය සිත හීලෑ කෙරුණේ
දුර ගමනක් යන්න කියා සිත එළියට බැස්සේ
නමුදු සමිඳු දුටුව ගමන් සිත තැම්පත් වන්නේ

සදහම් රැල්ලේ කිමිදෙන සිතිවිලි පැමිණෙන්නේ
දහම් සිසිල ගත දවටන් සුළඟ හමා එන්නේ
ඒ සුළඟයි සිතිවිල්ලයි එක ලෙස මුසු වන්නේ
විහාරයේ වැදගත් කම ලොවට කියා දෙන්නේ

ලෝකය අනියතයි

ඇස මෙහෙයවා කරනා විමසුම් නිතර
මනසින් කියයි රාගෙට බරවූ ගොදුර
අපුල එපා කර විපුලට බැමි මාර
අනියත බවත් සැඟවුනි ඔබේ පව් කාර

සැපසුව පතා වෙහෙසෙන මනසෙහි කෙරුම
ඉමිහිරි සුවඳමද? දුඟදක් හැර ලොවම
සැප දුක මෙලෙස පවතින දහමකි පරම
බව දුක නසන අවියකි අනියත දහම

කය සතපන්න ආහාරෙහි පමණ දැන
දිව පිනවමින් නැත සරණක් ලැබ ගන්න
පැවැතුම කෙටි කලෙකි අතහැර යන්න
අනියත දිවි ගමන නුවණින් දැන ගන්න

මොහොතින් මොහොත කුණුකය බිඳෙමින් යනවා
නව දොරකින් පිළිකුල් දෑ වැගි රෙනවා
කය සතපන්න දිවි හිමියෙන් කැප වෙනවා
අනියත කයම ලෝකය බව දහමින් දෙසුවා

මව්ගුණ වර්ණනාව

දස මස කුසයේ මා හොවාලා
තම ඇඟ ලේ කිරි කර පොවාලා
මා ඇති දැඩි කළ පෙම්බර අම්මේ
වඳිනෙමි ඔබේ දෙපා

මගෙ අම්මා සුදු අම්මා
බුදු වේවා මගෙ අම්මා
පාසල වෙත මා නිදි නොවෙලා
ශිල්ප සතර මා හට කියලා

යහ මඟ යාමට මඟ පෙන්නු මගෙ
ගෙදර බුදුන් ඔබ වේ අම්මා
මගෙ අම්මා සුදු අම්මා
බුදු වේවා මගෙ අම්මා

ලෙඩ සෑදී මා සිටිය දිනේ
කඳුළු සලා අසරණව අනේ
නිදි නොල සැනසූ හැටි මට මතකයි
පෙම්බර සුදු අම්මේ

මගෙ අම්මා සුදු අම්මා
බුදු වේවා ඔබ අම්මා

වත්තල ඕ.කේ.අයි ජාත්‍යන්තර විදුහලේ 2015 වසරේ පැවැත්වූ පොසොන් බැති ගී සරණිය පසුගියදා ප්‍රාථමික විදුහල් රඟහලේ දී පැවැත්විණි. එහිදී ප්‍රාථමික අංශවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් එම ගීත ගැයූ අයුරු.

ළමා පිටුවට නිර්මාණ

පාසල් සහ දහම් පාසල් සිසු දරුවන්ගේ ගැදි, පැදි නව නිර්මාණ, සිතුවම් ආදිය මෙන්ම දරුවන්ගේ විශේෂ දක්ෂතා ඡායාරූප සහිතවද මෙම පිටුවෙහි පළ කැරේ. පාසල් හෝ දහම් පාසල් බෞද්ධ සංගම් මඟින් එකම පාසලක හෝ දහම් පාසලක සිසු දරුවන්ගේ ළමා නිර්මාණ එක් දිනකදී වුවද එම ළමා නිර්මාණ පිටුවෙහි පළ කර ගත හැකි වේ. ළමා නිර්මාණ ළමා පිටුව, බුදුසරණ, ලේක්හවුස්, කොළඹ ලිපිනයට යොමු කරන්න.

   අධි ඇසළ පුර පසළොස්වක පෝය

අධි ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 01 වැනිදා බදාදා පූර්වභාග 9.30 ට ලබයි. 02 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 7.49 දක්වා පෝය පවති. සිල් සමාදන් වීම ජූලි මස 01 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 08 වැනිදා බදාදාය.
 
පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 08

Full Moonඅමාවක

ජූලි 15

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

|   PRINTABLE VIEW |

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]