UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු ගුණ භාවනාව විජ්ජාචරණ සම්පන්න ගුණය - 17

බුදු ගුණ භාවනාව

විජ්ජාචරණ සම්පන්න ගුණය - 17

පොසොන් අව අටවක (09)පත්‍රය හා සම්බන්ධයි

15. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථය ප්‍රහාණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( වැරැදි සීල ගැට )

16. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඉදං සච්චාභිනිවෙන් කාය ග්‍රන්ථය ප්‍රහානය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( මෙය සත්‍යයි )

17. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ කාමා ආසාව ප්‍රහාණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( කාම තෘෂ්ණාව )

18. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ භව ආසව ප්‍රහාණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( භව තෘෂ්ණාව )

19. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දිට්ඨි ආසව ප්‍රහාණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( දෘෂ්ටි ආශ්‍රවය )

20. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අවිද්‍යා ආසාව ප්‍රහාණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( මෝහ ආශ්‍රවය )

21. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සීල විසුද්ධිය පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( සීලයේ පිරිසුදු බව )

22. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ චිත්ත විසුද්ධිය පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( චිත්තයේ පිරිසුදු බව )

23. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දිට්ඨි විසුද්ධිය පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( දෘෂ්ටියේ පිරිසුදු බව )

24. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ කංඛාවිතරණ විසුද්ධිය පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( සැක දුරු කිරීම )

25. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මග්ගා මග්ග ඤාණ දස්සන විසුද්ධිය පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( නියම මඟ )

26. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පටිපදාඤාණ දස්සන විසුද්ධිය පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( නිවන් මඟ )

27. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඤාණ දස්සන විසුද්ධිය පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( අර්හත්වය )

28. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සද්ධාධන පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

29. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සීලධන පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

30. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ හිරීධන පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

31. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඔත්තප්පධන පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

32. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සුතධන පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

33. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ත්‍යාගධන පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

34. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ප්‍රඥාධන සෘද්ධි පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

35. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අධිට්ඨාන සෘද්ධි පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

36. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ විකුබ්බන සෘද්ධි පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

37. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මනෝමය සෘද්ධි පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

38. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඤාණ විප්ඵාර සෘද්ධි පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

39. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ආර්ය සෘද්ධි පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

40. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ කර්ම විපාක සෘද්ධි පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

41. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ විජ්ජාමය සෘද්ධි පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

42. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පුණ්‍ය සෘද්ධි පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

43. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පයෝග සෘද්ධි පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

44. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ප්‍රථමධ්‍යාන පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

45. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දුතීයධ්‍යාන පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

46. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ තෘතීයධ්‍යාන පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

47. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ චතුර්ධ්‍යාන පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

48. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ආකාසානඤ්චායතන ධ්‍යාන පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

49. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ විඤ්ඤාණංචායතන ධ්‍යාන පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

50. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

51. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ නේවසංඥානාසංඥායතන ධ්‍යාන පිළිබඳ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

සෝභගවා ඉතිපි විජ්ජාචරණ, සම්පන්නෝ
සෝභගවා ඉතිපි විජ්ජාචරණ, සම්පන්නෝ
සෝභගවා ඉතිපි විජ්ජාචරණ, සම්පන්නෝ
සාධු ! සාධු ! සාධු !

 

   පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූනි මස 15 වැනිදා සඳුදා අපරභාග 08.41 ට ලබයි. 16 වැනිදා අඟහරුවාදා අපරභාග 07.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 16 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූනි 24 වැනිදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24

Full Moonපසෙලාස්වක

ජූලි 01

Second Quarterඅව අටවක

ජූලි 08


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]