UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනන්ත සම්බුදු ගුණයට අසිරිමත් පින්කම් මාලාවක්

මුන්දලම අඟුණවිල ශ්‍රී බෝධිරාජාරාම පින්බිම තුළ දී මහා සම්බුදු පූජෝපහාර පින්කම් මාලාවක් පැවැත්වේ. නිකවැරටිය ඇළවක කුඹුක්වැව ශ්‍රී ගෝනම ශාසන භාවනා මධ්‍යස්ථානයේ සිට දහවල් 12.00 ට සකසන ලද බෞද්ධ කොඩි 84000 ක් සමඟ සකසන ලද අනෙකුත් පූජාවන් ද සමඟ ධාතුන් වහන්සේලා රැගත් දා කරඬුව මේ මස 13 වැනිදා වැඩමවීම.

ඉතිරිය»

දහම් පණිවුඩය ලැබිය යුතුමය

දරුවන්ට ධර්ම දානය දිය යුත්තේ දෙමව්පියන්ය. ඇසුරු කළ යුතු නොකළ යුතු පුද්ගලයන් පිළිබඳව දරුවන්ට පහදා දෙමින් බාලයන්ගෙන් දරුවන් ඉවත්කර ගැනීමේ ධර්ම දානමය අත්තිවාරම මුලින්ම දැමිය යුත්තේ දෙමාපියන්ය. මුළු දවසම දරුවන් පිළිබඳව ගින්දරෙන් සිත සිතා සිටින දෙමව්පියන් දැනගත යුතු මූලිකම කරුණ ‘අසේවනාච බාලානං” යන්න පිළිබඳව දරුවාට පැහැදිලි කර නොදීම තුළ ගැටලු මතුවන බවයි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ඉවසීම පුරුදු කරමු

අද ධර්ම දේශනාවට මාතෘකා කළේ, ධම්ම පදයේ නාග වග්ගයට ඇතුළත් ගාථාවක්. බුදුරජාණන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිතාරාමයේ වැඩ සිටි අවස්ථාවක, ඇතිවූ සිද්ධියක් මූලික කරගෙන තමයි මේ දේශනාව කරන්නේ. කොසඹෑනුවර ප්‍රසිද්ධ ආරාම තුනක් තිබුණු බව පොත්පත්වල දැක්වෙනවා එනම්, පාවාරිකාරාමය, ඝෝෂිතාරාමය හා කුක්කුටාරාමයයි. බුදුරජාණන් වහන්සේ මේ අතරින් ඝෝෂිතාරාමයේ අවස්ථා කීපයකදී වැඩ සිටි බවත් සඳහන් වෙනවා.

ඉතිරිය»

අසිරිමත් සුද්දැල්ලාව පින් බිම

283 ක් නැග කඳු මුදුනට පිවිසි කළ සධාතුක චෛත්‍ය රාජයාණන් වහන්සේ ද ගල්තලාවේ වැඩසිටින බෝධි රාජයාණන් වහන්සේ ද එම ගල්තලාව මත වැඩසිටින සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේද ලුම්බිණිය , බුද්ධගයාව, ඉසිපතනය, කුසිනාරාව යන දඹදිව පිහිටි ප්‍රධාන සිද්ධස්ථාන වල අනුරුව සකස් කර තිබීමෙන්ද මෙම වනගත සෙනසුන දෙවි මිනිසුන්ගේ වන්දනාවට පාත්‍ර වී තිබෙන අයුරු දැක ගත හැකිය. සුවිසල් ධර්ම ශාලා පිණ්ඩපාත ශාලා, ගබඩා සංකීර්ණයන් , කුටි ගෙවල් තුදුසක් , මහජන වැසිකිලි , කාර්යාල , පැන් පොකුණු කිහිපයක්, ළිං දෙකක් සෑදවීමේ සෙනසුන පෝෂණය වී ඇත. සෙනසුනට එන මාවත කොන්ක්‍රීට් දමා සකසා ඇත. වන රොදින් ඇසෙන කුරුළු ගීතයෙන්ද වැලි කුකුළුලන්ගේ හා දඬුලේනුන්ගෙන්ද සෝබමාන වූ මේ පින් බිම වටා ගමන් කරන දොළ පහරේ දිය දහර ජනතාවගේ සරතැස නිවාලන බව දැකිය හැකිය.

ඉතිරිය»

 

සුජාතාව විසින් කිරිපිඬු පිළිගැන්වීම සිතුවම -සරත් නන්ද කුමාර

 

   පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූනි මස 15 වැනිදා සඳුදා අපරභාග 08.41 ට ලබයි. 16 වැනිදා අඟහරුවාදා අපරභාග 07.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 16 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූනි 24 වැනිදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24

Full Moonපසෙලාස්වක

ජූලි 01

Second Quarterඅව අටවක

ජූලි 08


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]