UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

වැවගම කන්දේගෙදර, හේමා සිල්මාතාරාමයේ වැඩවෙසෙන යටත්තාවල විමල බුද්ධිකා සිල්මාතාව දෙවන වරටත් හෘදයාබාධයක් සෑදීම නිසා රෝගීව සිටින බව කියයි. එම රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා විශාල මුදලක් අවශ්‍ය බව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රකාශ් පි‍්‍රයධර්ෂන් මහතා දන්වා ඇතැයි ද කියයි. දැනට මාසික බෙහෙත් සඳහා විශාල මුදලක් අවශ්‍යය වන බව දන්වා ඇත. ආදායමක් නැති උන්වහන්සේට මුදලක් සොයා ගැනීම ඉතා අපහසු බැවින් ආධාර ගිණුම් අංක 107870113204 ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ගිරිඋල්ල මුදල් බැර කළ හැක. වැඩි විස්තර 037 3984427, 077 6593317 දුර-කථනයෙන් විමසිය හැක.


හල්තොට පදිංචි එච්.ඩී.එස්.එස්. අබේරත්න, (අවු. 31) මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඇයට “ඕ පොසිටිව්” වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය ඒ.එල්.එම්. නෂාර් මහතා තීරණය කර ඇති බැවින් ඒ සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙක් සිටී නම් දුරකථන අංක 071 9055757 වැඩි විස්තර දැනගත හැක.

මහනුවර, ලේවැල්ල පාර අංක 43 හි පදිංචි එච්.එම්. එස්.ටී. බණ්ඩාර යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. දැනට දින තුනකට වරක් ලේ පිරිසුදු කිරීම කරනු ලබයි. ඔහු රජයේ ලිපිකරුවෙක් වන අතර දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. ඔහුට ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍යවරුන්ගේ නිගමනයයි. ඔහුට ඖෂධ සඳහා විශාල මුදලක් වැයවන බැවින් ආධාර පතයි. මහජන බැංකුව මහනුවර ශාඛාව ගිණුම් අංක 003 200 120 057 794 ගිණුමට මුදල් බැර කළ හැක. වැඩි විස්තර 071 8167463 දැනගත හැක.


155/31 පහළගම, වේවැල්දෙණියේ පදිංචි පී.ජී.ආර්.එන්.ඩී. ජයනන්දන දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් “ඒ හෝ ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය වී ඇත. දුරකථන අංක 0776906981 පරිත්‍යාගශීලීන්ට දැනුම් දිය හැක.


පේරාදෙණිය තැපැල් කාර්යාලයේ තැපැල් සේවකයෙකු වූ හිඳුගල මහකන්ද, සරසවිගම පාර යන ලිපිනයේ පදිංචි ඩී.ඩබ්. නවරත්න බණ්ඩා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බවටත්, ලේ පිරිසුදු කිරීමේ ප්‍රතිකාරයකින් පසු වකුගඩුවක් බද්ධ කළ යුතු බවටත් මහනුවර රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.ඩබ්.ඇම්. වෂීල් මහතා නිර්දේශ කර ඇතැයි කියති. පරිත්‍යාගශීලීන් වේනම් වකුගඩුවක් ලබාදීමට ඉදිරිපත් විය හැකි අතර, මුදල් පරිත්‍යාග කරන අයට, පේරාදෙණිය මහජන බැංකුවේ 057 – 2 – 001 – 8 – 0007355 ගිණුමට මුදල් බැර කළ හැකි ය.


මහගම, දෙල්පාවත්ත පදිංචි අජිත් සාන්ත සමරසේකර වන අය දැනට වකුගඩු අක්‍රීයවීමේ රෝගයෙන් පෙළෙන බව කියයි. ඔහුට ඉක්මන් සැත්කමක් සිදුකරගැනීමට අවශ්‍යව ඇති බැවින් ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියෙකු 0717428678 සහ 0772922993 දරන දුරකථනවලට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ. ඖෂධ සඳහා ආධාර, උපකාර අගලවත්ත ලංකා බැංකු ශාඛාව අංක 7682796 දරන ගිණුමට බැර කළ හැක.

 

   පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූනි මස 15 වැනිදා සඳුදා අපරභාග 08.41 ට ලබයි. 16 වැනිදා අඟහරුවාදා අපරභාග 07.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 16 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූනි 24 වැනිදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24

Full Moonපසෙලාස්වක

ජූලි 01

Second Quarterඅව අටවක

ජූලි 08


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]