UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අධි සිල් ලබති

අධි සිල් ලබති

වීරියගම අනුරුද්ධ හිමි

කොබවක, ශ්‍රී සුමනාරාම විහාරාධිපති හා ප්‍රවාහන අමාත්‍යාංශයේ මගී සංගම් උපදේශක දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ ශිෂ්‍ය කොබවක, ශ්‍රී සුමනාරාම විහාරවාසී ගෝවින්න, රැටියල ශ්‍රී ධම්මාලෝක පිරිවෙනේ හා හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යා පීඨයේ අධ්‍යාපනය ලැබූ වීරියගම අනුරුද්ධ සාමණේරයන් වහන්සේගේ උපසම්දා පුණ්‍ය මහෝත්සවය ජූනි මස 19 වන සිකුරාදා මහනුවර, ඓතිහාසික මල්වතු මහා විහාරීය රාජකීය මංගල උපෝසථාගාරයේදී පැවැත්වේ.

උන්වහන්සේ සූරියවැවේ, වීරියගම පදිංචි එස්.වී.කේ. සෝමපාල මහතාගේ සහ කරුණාවතී වන්නිගම මහත්මියගේ කනිටු පුත්‍රයායි.
 


දේවාලේගම ඤාණරතන හිමි

පොල්ගස්ඕවිට, අම්බලන්ගොඩ ශ්‍රී සුධර්මාරාම විහාරවාසී, කැස්බෑව නන්දන පිරිවෙන් විහාරස්ථානයේ ඉගෙනුම ලබන දේවාලේගම ඤාණරතන පොඩිහාමුදුරුවෝ ජූනි 09 දින ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මහනුවර මල්වතු මහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබීය. පූජ්‍ය කිරම නන්දරතන, කරගොඩ, උයන්ගොඩ ජිනරතන ස්වාමින් වහන්සේලාගේ ශිෂ්‍යවරයා ද වන උන්වහන්සේ පිළිගැනීමේ පෙරහර හා උත්සව සභාව ජූනි 13 දින එම විහාරස්ථානයේ දී පවත්වාලීමට කටයුතු යොදා ඇත.

ඤාණරතන පොඩිහාමුදුරුවෝ ‘බුදුසරණ’ පුවත්පත සඳහා ද ගැදි පැදි සපයා ඇති අතර උන්වහන්සේගේ මංගල ධර්මදේශනය එදින රාත්‍රී 7 ට එම විහාරස්ථානයේ දී පවත්වනු ඇත.


තලාවේ සුගුණ හිමි

බත්තරමුල්ල, උතුරු තලංගම හීනටිකුඹුර පුරාණ මහා විහාරාධිපති වරාපිටියේ ආනන්ද හිමියන්ගේ ශිෂ්‍ය වූද, ඩබ්.ඒ. කරුණාදාස හා ධම්මිකා නිලන්ති යන දෙපළගේ පත්‍ර වූද දැනට මරදාන පධානඝර පිරිවෙන් විහාරයේ උසස් අධ්‍යාපනය හදාරන තලාවේ සුගුණ පොඩි හාමුදුරුවෝ උපසම්පදා ශීලයෙහි පිහිටති.

ජූනි මස 18 වැනිදා කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරිමංගල උපෝසථාගාරයේ දී මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමශ්‍රීධර්ම මහ සංඝ සභාවේ පූජනීය මහානායක හිමියන් ප්‍රමුඛ පැවිදි විශාල පිරිසකගේ ප්‍රධානත්වයෙන් මෙම පින්කම සිදු කෙරේ.

 


රන්සෑගොඩ විමලරතන හිමි

දෙහිවල සරණංකර පාරේ ශ්‍රී සංඝරාජ විහාරාධිපති ශාස්ත්‍රාචාර්ය මාකඳුරේ සිරිරතන ස්වාමීන් වහන්සේගේ පි‍්‍රය ශිෂ්‍ය රන්සෑගොඩ විමලරතන සාමණේර හිමි මහනුවර මල්වතු මහා විහාරයේ දී පසුගියදා උපසම්පදාව ලැබීය.

 

   පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූනි මස 15 වැනිදා සඳුදා අපරභාග 08.41 ට ලබයි. 16 වැනිදා අඟහරුවාදා අපරභාග 07.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 16 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූනි 24 වැනිදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24

Full Moonපසෙලාස්වක

ජූලි 01

Second Quarterඅව අටවක

ජූලි 08


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]