UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

පූජාච පූජනීයානං

හලලියේ සිරි ධම්මානන්ද මා හිමි

ඉඹුලන්ගල ලොකු හාමුදුරුවන් නමින් චිරප්‍රසිද්ධව සිටි හලලියේ සිරි ධම්මානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1892 සියනෑ කෝරළය බඳ කුඹල්ඔලුව හලලියේ ප්‍රභූ දෙමාපියන්ගේ දරුවකු ලෙස උපත ලදී. මේ දරුවා ඉතා ළාබාල වියේදීම මීරිගම හාපිටිගම් කෝරළේ ඉඹුලන්වල පුරාණ විහාරාධිපති මාරාපොළ ශී‍්‍ර රේවත මාහිමියන් ආචාර්යවරයා කොටගෙන වර්ෂ 1902 දී බෝරුක්ගමුව අලෝකාරාමයේදී පැවිදි බව ලැබීය.

බණ දහම් හා භාෂා ශාස්ත්‍ර මෙන්ම පැවිදි දිවියට අවශ්‍ය චාරිත්‍රධර්ම ගුරු හිමියන් වෙතින් ප්‍රගුණකොට අනතුරුව ගංගොඩවිල සුභද්‍රාරාම රජමහා විහාරයේ විහාරාධිපති ව වැඩවිසූ තම ජ්‍යෙෂ්ඨ පැවිදි සහෝදරයාණන් වහන්සේවූ බෝරුක්ගමුවේ ශ්‍රී රේවත මාහිමිපාණන්ගේ සෙවණෙහි වෙසෙමින් ප්‍රාචීන අධ්‍යාපන ආයතනය වූ විද්‍යෝදය පිරිවෙනට ඇතුළත්ව උසස් අධ්‍යාපනය ලබා ගත්හ.

වර්ග පටිපාටියෙන් අධ්‍යාපනය ලබමින් ත්‍යාග හා සහතික පත්‍රද ලැබ ගත්හ. එසමයෙහිම මල්වතු මහා විහාරීය රාජකීය මංගල උපෝසථාගාරයේදි මාරාපොළ ශී‍්‍ර රේවත මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ සහ මහගොඩ ඥානේශ්වර මාහිමියන් යන දෙනම ආචාර්යවරු ලෙස තබාගෙන 1918 දී අධිශීල සංඛ්‍යාත උපසදම්පදාව ලැබීය.

ඉඹුලන්වල ධම්මානන්ද විද්‍යාලය ඉදිකොට රජයට පවරා දුන්හ. ප්‍රයෝජනවත් ගිහි පැවිදි ශිෂ්‍ය ප්‍රජාවක් ඇතිකොට ඉදිරිපත් කිරීම උන්වහන්සේගේ සේවාවන් අතර ප්‍රධාන විය. එම ශාසනික සේවාවන් අගය කළ මල්වතු මහා විහාරිය මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව විසින් පසු කලක සද්ධර්ම වාගීශ්වර යන ගෞවර උපාධිය සහිතව මංගල උපෝසථාගාරයේ විශේෂධ කර්මාචාර්ය ධුරයක් සඳහා සමානච්ඡන්දයෙන් පත් කරනු ලැබීය.

ඉඹුලන්වල පුරාණ විහාරය සියලු විහාරාංගයන්ගෙන් සම්පූර්ණ කොට තැබීම ධම්මානන්ද මාහිමියන් කළ තවත් සේවාවකි. දැනට තිස් වසරකට පෙර එනම් 1985 ජුනි 10 දින අපවත් වී වදාළ සිරි ධම්මානන්ද මාහිමියන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා පින්කම් රැසක් මේ දිනවල සිදුකිරීමට නියමිතව තිබිණි . එම පුණ්‍ය කර්මයන් හේතුකොටගෙන අප නාහිමිපාණන් වහන්සේට නිවන් සුව ලැබේවා!


දාහිගමුවේ සුමංග ල නා හිමි

දඹදෙණිය විජයසුන්දාරාරාම රජමහා විහාරය, වනමන්දාවේ වනවාසී රජමහා විහාරය, සිරිගල පුරාණ විහාරය, ගල්ගමුවේ පුරාණ විහාරය, දීකිරිකෑව පුරාණ විහාරය යන විහාරයන්හි භාරකාර විහාරාධිපති, සමස්ත ලංකා සසුන්මඟ භික්ෂු සංවිධානයේ ආරම්භක සභාපති, වත්මන් ප්‍රධාන සංවිධායක දාහිගමුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ 2015.08.05 දිනට සැට වයස් සපුරති.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දාහිගමුව ගම් පියසේ දී මාරසිංහ මුදියන්සේලාගේ ගුණරතන, රත්නායක මුදියන්සේලාගේ රන්මැණිකේ යන දම්පතීන් මව්පියන් කොටගෙන 1955.08.05 දින පින්වත් කුමරුවකු මෙලොව ජනිත විය. තමන් උපන් ගමෙහි විදුහලෙන් ගිහිකල අධ්‍යාපනය හදාළ මේ පින්වත් කුමරුවන්ට කුඩාකලම පැවිදිවීමේ භාග්‍ය උදා විය.

එහි ප්‍රතිඵල වශයෙන් දඹදෙණිය රජමහා විහාරය ඇතුළු වනමන්දාවේ වනවාසී රජමහා විහාරය, සිරිගල පුරාණ විහාරය, දීකිරිකෑවේ පුරාණ විහාරය, ගල්ගමුවේ පුරාණ විහාරය ඇතුළු වනමන්දාවේ යන විහාර ගණයෙහි අධිපතිව වැඩ විසූ ඇටඹේ සීලරතනාභිධාන කටුගම්පල හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක මාහිමි තත් විහාර ගණයෙහි අධිපති මංගෙදර සිරිරතනාභිධාන සූවිසිපත්තුවේ සංඝනායක මාහිමි, තත් විහාරගණයෙහි අධිපති නාරංගොඩ සංඝානන්ද දඹදෙණි හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක නාහිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් 1969.12.10 දින සුබමොහොතින් උතුම්වූ පැවිදි දිවියට ඇතුළත් වූහ.

තම ගුරුදේවයන් වහන්සේලාගේ පා සෙවනේ දී බණදහම් හදාරා ප්‍රගුණ කළ ගුරුදේවයන් වහන්සේලාගේ සිත් දිනාගනිමින් මළුපෙත්මන් ඇමදීම තෙරුවන් වන්දනා කිරීමෙන් ආධ්‍යාත්මික ගුණදියුණු කරගනිමින් සුමංගල හිමිපාණන් කුඩාකල සිටම සිල් ගුණදම් සපුරාලූහ. අනතුරුව නාරම්මල ප්‍රවචනාලංකාර මහ පිරිවෙනට වැඩම කර ධර්ම විනය භාෂා ශබ්ද ශාස්ත්‍ර පිළිබඳව හසළ දැනුමක් ලබාගත්හ. අනතුරුව උසස් අධ්‍යාපනය සඳහා මාබිම විද්‍යාදීප විද්‍යායතන මහ පිරිවෙනට වැඩම කර සිංහල, පාලි, සංස්කෘත භාෂා පිළිබඳ හසළ දැනුමක් ලබාගත්හ.

විසිවයස් ඇති සුමංගල හෙරණපාණන් වහන්සේ 1977.06.28 දින මහනුවර අස්ගිරි මහා විහාර උපෝසථාගාරයේ දී පරම පූජනීය පලිපාන ශ්‍රීචන්දානන්ද මහනාහිමිපාණන් වහන්සේ උපාධ්‍යාය කොටගෙන සීලරතන, සිරිරතන, සංඝානන්ද යන නාහිමිවරුන් ඇදුරුකොටගෙන උතුම් උපසම්පදා සීලය ලබාගත්හ.

සතිපිරිත් දේශනාව ඒ පිළිබඳ පෞරාණික සිරිත් විරිත් පිළිබඳ හසළ දැනුමක් ඇති සුමංගල හිමිපාණෝ බාල සඟ පරපුරටද ඒවා පුරුදු පුහුණු කරවීම සඳහා සමස්තලංකා සසුන්මඟ භික්ෂු සංවිධානය 2001.06.25 දඹදෙණිය රජමහ විහාරය කේන්ද්‍රකොටගෙන ආරම්භ කරන ලදී. එම සංවිධානයෙහි ආරම්භක සභාපතිවරයා ලෙසත් වර්තමානයේ ප්‍රධාන සංවිධායක ලෙස සිදුකරනුයේ උදාර අමිල මෙහෙවරකි කලක් දීකිරිකෑව පුරාණ විහාරාධිපති තනතුරට පත්ව එහි වත්මන් ප්‍රගතිය ඇතිකර ලෝ සසුන් වශයෙන් උදාර අමිල මෙහෙවරක් සිදු කරන ලදී. 2013 වසරේ දඹදෙණිය රජමහා විහාරයේ භාරකාර විහාරාධිපති තනතුරට පත්ව ලෝ සසුන් වශයෙන් උදාර අමිල මෙහෙක් සිදුකරනු ලැබූහ. සුමංගල හිමියන්ගේ මෙම උදාර ලෝ සසුන් සේවාවන්ට උපහාර වශයෙන් අස්ගිරි මහා විහාරීය මහානායක මාහිමියන් ප්‍රධාන සානුනායක කාරක මහා සංඝ සභාව මඟින් 2000 වසරේ දී විශේෂ කර්ම වාගාචාර්ය තනතුරක් උන්වහන්සේට පිරිනමන ලදහ.

දඹදෙණිය විහාර පරපුරේ භාරකාර විහාරාධිපතීන් වහන්සේ වශයෙන් එම විහාරස්ථානවලද අනාගත අභිවෘද්ධිය සඳහා ලෝ සසුන් වශයෙන් සිදුකරනුයේ උාදර මෙහෙවරකි.

තම දිවිමගේ සැටවන වියටත්, පැවිදි දිවියේ සය සතළිස් වන වියටත්, උපසම්පදාවෙන් අටතිස් වියටත් පා තබා වැඩ වසන දාහිගමුවේ සුමංගල නාහිමියන්ට චිරාත් කාලයක් ලෝ සසුන් වැඩ වඩන්නට දිගාසිරි ලැබේවා.

 

   පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූනි මස 15 වැනිදා සඳුදා අපරභාග 08.41 ට ලබයි. 16 වැනිදා අඟහරුවාදා අපරභාග 07.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 16 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූනි 24 වැනිදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24

Full Moonපසෙලාස්වක

ජූලි 01

Second Quarterඅව අටවක

ජූලි 08


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]