UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අ.පො.ස (උ.පෙළ) විභාගය – 2015 බෞද්ධ ශිෂ්ටාචාරය ආදර්ශ ප්‍රශ්නෝත්තර

 අ.පො.ස (උ.පෙළ) විභාගය – 2015

බෞද්ධ ශිෂ්ටාචාරය ආදර්ශ ප්‍රශ්නෝත්තර

2 අභ්‍යාසය

1. බුද්ධ කාලය වන විට භාරතය ජන පද 16 බෙදී තිබුණි. එහි පැවති එක් ජනපදයකි කාසි ජනපදය එහි අගනුවර වූයේ,

1. රජගහ නුවරය
2. බරණැස් නුවරය
3. සැවැත් නුවරය
4. විශාලා නුවරය
5. පෝතාලි නුවරය

2. බුද්ධ කාලීන ඉන්දියාවේ බුදුරදුන් වැඩි එමෙන්ම බුදු දහම පැතිර ගිය නගරයක් ලෙස කොසඹෑ නුවර හැඳින්විය හැකිය. එහි පාලකයා වූයේ උදේනි රජුය. එම නගරයේ නොතිබුණු ආරාමයක් වනුයේ,

1. රාජකාරාමයයි
2. භදරිකාරාමයයි
3. ඝෝසිතාරාඹමයයි
4. කුක්කුටාරාමයයි
5. පාවාරිකාරාමයයි

3. ක්‍රි.පූ. 6 වෙනි සියවස හෙවත් බුද්ධකාලීන භාරතය පෙරදිග දාර්ශනික යුගයයි. සියලු දාර්ශනික ගවේශකයන්ගේ ප්‍රතිඵලය බුදුදහම බවද පිළිගැනේ. එකල සුවිශේෂි දාර්ශනිකයන් ලෙස ෂඩ් ශාස්තෘවරුන් හැඳින්වේ. ඔවුන් අතුරින් “තියුණු ආයුධයක් ගෙන මිනිසුන්ගේ අත් පා කන් නාස, කපා ඝාතනය කලත් පවක් නැත” යනුවෙන් පවසන ලද්දේ.

1. අජිත කේස කම්බලීය
2. මක්ඛලි ගෝසාලය,
3. පූර්ණ කස්සපය
4. පකුධ කච්චායනය
5. සංජය බෙල්ලට්ඨි පුත්තය

4. ෂට් ශාස්තෘන් අතරින් “විශ්වය හා ප්‍රජාව“ යන සියල්ලක්ම පදාර්ථ හතකින් නිර්මිත යැයි ප්‍රකාශ කරන ලද්දේ,

1. නිගන්ඨ නාථපුත්තය
2. අජිත කේස කම්බලීය
3. සංජය බෙල්ලට්ඨිපුත්තය
4. පූර්ණකස්සපය
5. පකුධ කච්චායනය

5. යාග හෝම සිදුකරන විට ඒ සඳහා පූජක කණ්ඩායම් හතරක් සහභාගී විය යුතු යැයි බමුණෝ අවධාරණය කළහ. පහත සඳහන් පිරිස අතුරින් ඊට සහභාගී නොවන පූජකයා කවරෙක්ද?

1. භෝතෘ බමුණාය
2. උද්ගාතෘ බමුණාය
3. අද්වයිරු බමුණාය
4. යාග කාරක බමුණාය
5. නේතෘ බමුණාය

6. විශ්වයේ මානව සංහතිය ඇති වූ අන්දම ගැන අදහස් දක්වන බුදු දහම ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආ ජීවීන්ගෙන් ආරම්භ වූ බවත් ස්භාවිකව ආහාර වර්ග ද ඇති වූ බවත් ප්‍රකාශ කරයි. එම සත්වයන් නොගත් ආහාර වර්ගයක් වන්නේ,

1. රස පොළොවය
2. බදාලතා වැල්ය,
3. භූමි පප්පටකය
4. අමෘතයය
5. ස්වයංජාත හැල්ය

7. සමාජය තුළ අසද්ධර්මය පැතිර යන විට පාලකයෙකුගේ අවශ්‍යතාවය ඇතිවිය. එසේ පත්කළ තැනැත්තා “මහා සම්මත” යනුවෙන් හඳුන්වයි. එනමින් ඔහු හඳුන්වනුයේ,

1. රජ පෙළපතින් පත් වූ නිසාය
2. මෙතෙක් රජ කළ අය පත්කළ නිසාය
3. ප්‍රභූවරුන්ගේ කැමැත්තෙන් පත්කළ නිසාය
4. මහජන කැමැත්තෙන් පත්කළ නිසාය
5. මහබඹු විසින් පත්කල නිසාය

8. බුදුරදුන්ගේ ආදර්ශ සම්පන්න චරිතය තුළින් බ්‍රාහ්මණයන් ඇගයීම් කළ වර්ණ ධර්මය බැහැර කළ අයුරු දැකිය හැකිය. එය තහවුරු වන නිදසුනක් වශයෙන්,

1. වස් විසීම දැක්විය හැකිය
2. රජ මාලිගාවට පමණක් වැඩමවීම දැක්විය හැකිය
3. සිටු මාලිගාවලට කිසිවිටෙක නොවැඩීම දැක්විය හැකිය
4. උදෑසන පිඬු පිණිස වැඩමවීම දැක්විය හැකිය
5. සිව් කුලයේ ම අය පැවිදි කිරීම දැක්විය හැකිය.

9. මක්ඛලිගෝසාල ශාස්තෘවරයා විසින් ඉදිරිපත් කළ දර්ශනය නියතිවාදය යනුවෙන් හඳුන්වයි. ඉන් අදහස් කරන්නේ පින් පව් කුමක් කළත් නිශ්චිත කාලයකදී සියලු සත්වයෝ සසර ගමන අවසන් කරන බවය.එම නියතිවාදය සඳහා භාවිත කළ නම්වලට අයත් නොවන ප්‍රකාශය කුමක්ද?

1. සංසාර ශුද්ධිවාදයයි
2. පරිණාමාවාදයයි
3. දෛවවාදයයි
4. සංසයවාදයයි
5. අහේතු අප්පච්චවාදයයි

10. බුද්ධ කාලීන භාරතයේ ප්‍රසිද්ධ ස්ථානවල සංචාරය කරමින් විවිධ ශාස්තෘන්ගේ දේශනාවලට සවන් දෙමින් විවාද කරමින් සංචාරයේ යෙදුණු ශ්‍රමණ පිරිස නම්,

1. පරිබ්‍රාජකයෝය
2. තාපසයෝය
3. ආජීවකයෝය
4. ජටිලයෝය
5. නිගන්ඨයෝය

11. වෛදික යුගයේ නිර්මාණය වූ සාහිත්‍ය වේදසාහිත්‍යයි. නිර්මාණය වීමට හේතු වූයේ?

1. දෙවියන් උදෙසා ගොතන ලද ස්තූති ගීතිකා ඇතුළත් කිරීමටය.
2. තත්කාලීන සමාජ දේශපාලන ආර්ථීක තතු ඉදිරිපත් කිරීමට අවශ්‍ය වූ නිසාය.
3. යාගය සාර්ථක ආගමික පූජාසිරිතක් නිසාය
4. බ්‍රාහ්මණයන්ගේ තත්ත්වයන් හුවා දැක්වීමේ උපක්‍රමයක් සඳහාය
5. බ්‍රාහ්මණ පූජකයන්ට දිව්‍යමය තත්ත්වය ලබාදීම අදහස නිසාය

12. ආදි යුගයේ මිනිසුන් ස්වාභාවික වස්තු පිළිබඳව සැබෑ තත්ත්වය නොදත් හෙයින් ඒවා දෙවියෙකු විසින් මෙහෙයවන බව විශ්වාසය කරමින් යාග හෝම පවත්වන ලදී. ආර්යය ජනතාව එම වස්තු පිළිබඳව දක්වන ලද ආකල්පයට අයත් නොවන අදහස වනුයේ,

1. අව්ව වැස්ස ඉර හඳ තරු ආදී ස්වාභාවික වස්තූන්ගේ ක්‍රියාකාරීත්වය දේව අනුහසින් සිදුවන්නක් බව
2. දෙවිවරුන් කෝපවීමෙන් අනර්ථකාරී ප්‍රතිඵල ලැබිය හැකි බව
3. දෙවිවරුන් සතුටු කිරීමෙන් ඔවුන්ගේ ආශිර්වාදය ලැබිය හැකි බව
4. යාග හෝම කිරීමෙන් දෙවියන් සතුටට පත්වූවත් විමුක්තිය තමා විසින්ම ළඟාකර ගත යුතු බව
5. යාගය නිසි පරිදි කළ යුතු බව

13. වෛදික ඉගැන්වීම අනුව ආශ්‍රම ධර්ම දක්වා ඒ ඒ ආශ්‍රම ධර්මය තුළ කළ යුතු කාර්යයන්ද දක්වා ඇත. එම ආශ්‍රම ධර්මවලට අයත් කාර්යයක් නොවන්නේ.

1. ඉගෙනීමෙන් පසුව අඹුදරුවන් පෝෂණය කළ යුතුය
2. බ්‍රහ්මචාරියෙකු ලෙස කුඩා කල වේදය හැදෑරිය යුතුය
3. අනගාරික යෝගී ජීවිතයක් ගත කළ යුතුය
4. ප්‍රගතිශීලි මාර්ගයේ ගමන් කළ යුතුය
5. දරු මුණුපුරන් ලත් පසු වෙනත් ජීවිතයකට යායුතු බවය

14. කාන්තාව පිළිබඳව බෞද්ධ මතයට නොගැළපෙන අදහසක් වන්නේ මින් කුමක්ද?

1. මවත් පියාත් සම තත්ත්වයෙන් ලා සැලකිය යුතු බවය
2. මව නිවසේ මිතුරිය බවය
3. බිරිඳ සැමියාගේ පරම මිතුරා බවය
4. විචක්ෂණ බවෙන් යුක්ත බවය
5. සෑම අවස්ථාවකම ප්‍රතිපත්තිගරුක බවෙන් වැළකී සිටින්නියක් බවය.

15. මහා බ්‍රහ්ම සංකල්පය නිර්මාණය කරගත් බ්‍රාහ්මණයන් යාග කරන්නන් හා පිළිගන්නාක් අතර අතරමැදියා වෙමින් පොළොවේ අධිපතියා බවටද පත්විය. ඒ අනුව භූසුර යනුවෙන් හැඳින්වෙන්නේ,

1. මහා බ්‍රහ්මයාය
2. රජතුමාය
3. බ්‍රාහ්මණ පූජකයාය
4. වෛශ්‍යයාය
5. ප්‍රජා පාලකයාය

පිළිතුරු

01 - 2
02 -1
03 -3
04 - 5
05 - 5
06 - 4
07 - 4
08 - 5
09 - 4
10 - 1
11 - 1
12- 4
13 - 4
14 - 5
15 - 3

 

  

 පොසොන් මස පුර අටවක පෝය

පොසොන් මස පුර අටවක පෝය මැයි මස 25 වැනිදා සඳුදා පූර්වභාග 9.36 ට ලබයි. 26 වැනිදා අඟහරුවාදා අපරභාග 12.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 25 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජූනි 02 වැනිදා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 25

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]