UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

පොසොන් පුර අටවක 2015.05.25

පොසොන් දිනය

කල ලක් වැසියන් කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සිරිලකට වැඩම කළ අනුබුදු මිහිඳු හිමියන්ට කෘතෝපහාර දක්වනු වස් වාර්ෂිකව ඓතිහාසිකව මිහින්තලා පුණ්‍ය භූමිය කේන්ද්‍ර කර ගනිමින් අසිරිමත් ආගමික උළෙලක් පැවැත්වෙයි. එම ආගමික පුණ්‍ය මහෝත්සවය මෙවර දින පහක් පුරා පැවැත්වීමද සුවිශේෂි කරුණකි. එම ආගමික උළෙල නම් මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවයි. ඊට සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය මඟිනි.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන් ලංකාවේ සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම උතුරු මැද පළාතේ පාසල් හා දහම් පාසල් දරුවන් වෙනුවෙන් පවත්වනු ලබන බුදුසරණ කථික තරගයද පසුගියදා මිහින්තලේ මහා විද්‍යාලයේදි පවත්වන්නට යෙදුණි. ඊට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අනුග්‍රහයෙන් ත්‍යාග පිරිනැමේ. මිහින්තලේ ප්‍රදේශයේ දහම් පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා සිල්රෙදි පිරිනැමීමද මහා භාරකාර දෙපාර්තමේන්තුව අනුග්‍රහයෙන් මෙවරද පසුගියදා පැවැත්වූ අතර දහම් පාසල් ගුරුවරුන් සඳහා ද එම සිල් රෙදි පිරිනමන ලදී. එදින පෙහෙවස් සමාදන්වන දහම් පාසල් දරුවන් හා ගුරුවරුන් සඳහා උදේ දවල් උපාසක දානය පිරිනමනු ලබන්නේද ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මඟිනි.

උතුරුමැද පළාතේ කථික තරගයේ කණිෂ්ඨ හා ඡ්‍යොෂ්ඨ දෙඅංශයේ ප්‍රථම ස්ථාන සඳහා සහ දීප ව්‍යාප්ත රචනා තරගයේ ප්‍රථම ස්ථානයට ලේක්හවුස් බෞද්ධ සංගමය මඟින් ඩී.ආර්.විජයවර්ධන අනුස්මරණ කුසලානය පියසේන නිශ්ශංක කුසලානය හා බුදුසරණ කුසලානයද පිරිනමනු ලැබේ.

මිහින්තලා රජමහා විහාරයේ වාර්ෂික සති පිරිත් දේශනාව පසුගිය 24 වනදා මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ආරම්භ වූ අතර මෙම 29 වනදා දොරකඩ අස්න දේශනාව පැවැත්වේ.

මැයි මස 30 සිට ජුනි 03 වනදා දක්වා මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව පැවැත්වේ.

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ පාදස්පර්ශය වූ පුදබිමක් ලෙස මිහින්තලා පුද බිම මෙම ඓතිහාසික පොසොන් සමයේදි වැඳ පුදා ගැනීම මහත් භාග්‍යක් ලෙස කල්පනා කරමින් මෙරට නන්දෙසින් බෞද්ධ ජනතාව මෙම ඓතිහාසික මිහින්තලා පුණ්‍ය භූමිය වෙත පැමිණෙති. මිහින්තලා පව්ව තරණය කරමින් අම්බස්ථල මහා සෑයත්, සේල චෛත්‍යයත් දැක වැඳ පුදා ගනිමින් මිහිඳු මහ රහතන් වහන්සේ වැඩ සිටි ගල්ලෙනද දැක බලාගෙන සැදැහැ සිත් උපදවා ගනිමින් සසර මග කෙටිකර ගැනීම එම වන්දනා ගමනේ අභිප්‍රාය වන්නේය.

අතීතයේ දී මිහින්තලා පුදබිම වැඳ පුදා ගැනීම කෙතරම් දුෂ්කර කටයුත්තක්ද යනු ඇතැම් බෞද්ධයෝ එම වන්දනා ගමන ආරම්භ කළේ සිය දේපළ , ධනය තම දරුවන් වෙත පවරා දීමෙන්ය. ඈත අතීතයේදී කලක් මිනිස් වාසයෙන් තොරව පැවැති මිහින්තලා පුදබිම වන සතුන්ගේ රජ දහනක්ව පැවැතිණි. එවැනි කාලවලදි පවා ජනතාව මිහින්තලා පුදබිමට පැමිණියේ මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු තෙරුවන් කෙරෙහි පැවැති අප්‍රමාණ ගෞරවය හා ශ්‍රද්ධාව නිසාමය. ඒ ගෙවී ගිය යටගියාවේ රාත්‍රි කාලයේදි සීතලේ ගැහි ගැහී හුළු අත්තේ පන්දම් එළියෙන් සැදැහැවතුන් ගලින් ගල තරණය කළේ මිහින්තලා පුදබිම වන්දනා කිරීමටය. ජනතාව එතෙක් විඳි දුෂ්කරතාවයන් මග හරවමින් ලේක්හවුස් ආයතනයේ ආදි කර්තෘ ඩී.ආර්.විජයවර්ධන ශී‍්‍ර මතාණන්ගේ සංකල්පය ක්‍රියාවට නඟමින් එවකට ලේක්හවුස් සභාපති ආර්.එස්. විජයවර්ධන මහතා 1963 දී මිහින්තලා පුදබිම ආලෝකවත් කිරීමට කටයුතු යෙදීම මිහින්තලා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් විය.

විදුලි ජනක යන්ත්‍ර මාර්ගයෙන් ඇරැඹුණු මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවට පසු කලෙක ලංකා විදුලිබල මණ්ඩලයේද සම අනුග්‍රහයද හිමි වූ අතර ඊට රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක සහායද මේ වන විට හිමිව තිබීම පැසසිය යුත්තකි.

 

  

 පොසොන් මස පුර අටවක පෝය

පොසොන් මස පුර අටවක පෝය මැයි මස 25 වැනිදා සඳුදා පූර්වභාග 9.36 ට ලබයි. 26 වැනිදා අඟහරුවාදා අපරභාග 12.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 25 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජූනි 02 වැනිදා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 25

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]