UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරාධපුර මහා විහාරයේ භාවනා වැඩසටහන්

අනුරාධපුර මහා විහාරයේ භාවනා වැඩසටහන්

අනුරාධපුර මහාවිහාරය මඟින් පවත්වනු ලබන ‘මාසික භාවනා වැඩසටහන් මාලාවේ’ වෙසක් මස භාවනා වැඩසටහන මැයි මස 17 වැනි ඉරුදින මහාවිහාරයේ ‘සන්නිපාත ශාලාවේ දී’ පැවැත්වේ. අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා යටතේ මෙම භාවනා වැඩසටහන සංවිධානය කෙරේ. ශාස්ත්‍රපති පූජ්‍ය රන්පත්විල විමලරතන නාහිමි භාවනා වැඩසටහන මෙහෙයවති.

පෙරවරු 6.00 ට අටසිල් සමාදන්වීමෙන් ආරම්භ කෙරෙන භාවනා වැඩසටහන පස්වරු 6.00 ට සිල් පවාරණය කිරීමෙන් නිමා වීමට නියමිතය. ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය අනුව යමින් භාවනාව සඳහා අවශ්‍ය ධර්මානුකූල උපදෙස් ලබාදීම සහ නිසි පරිදි මෙහෙයවීම මෙම භාවනා වැඩසටහන මඟින් සිදු කෙරේ. එමඟින් පුද්ගලයාගේ සිතට සැනසීම, ශාන්තිය මෙන්ම අධ්‍යාත්මික වර්ධනය ඇතිකිරීම ද බලාපොරොත්තු වේ.

භාවනා වැඩසටහන සඳහා සහභාගී වන සියලුම සැදැහැවතුන් අටසිල් ගැනීමට සුදුසු වන සේ සුදුවතින් සැරසී පැමිණිය යුතු වේ. සෑම මසකම මෙම භාවනා වැඩසටහන පැවැත්වීමට අනුරාධපුර මහාවිහාරය මගින් කටයුතු සංවිධානය කර ඇත. මහාවිහාරයේ බෝමළුව විහාරවාසී කිරින්දේ ඥානදර්ශන හිමියෝ මෙම භාවනා වඩසටහන සම්බන්ධීකරණය කරති.

 

   වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය මැයි මස 17 වැනිදා ඉරිදා දවල් 12.00 ට ලබයි. 18 වැනිදා සඳුදා පූර්වභාග 09.43 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 17 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි 25 වැනිදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]