UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වෙසක් අමාවක 2015.05.17

මෙහෙවර

පොසොන් පුර පසළොස්වක පොහොය උදාවීමට ඇත්තේ තවත් දින කීපයක් බව අපි පසුගිය වෙසක් අව අටවක පෝදා ද සිහිපත් කළෙමු. ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පරම පූජනීය ආගමික දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනයයි. ලක්වැසි බෞද්ධ ජනතාවට වෙසක් පොහොය දිනය හැරුණු විට අනෙකුත් සුවිශේෂීම පොහොය දිනය වනුයේ පොසොන් පුර පසළොස්වක පොහොය දිනයයි. ඒ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ලංකාගමනය සිහිපත් කැරෙන සුවිශේෂී ආගමික දිනය වන බැවිනි.

එදා මිහින්තලා කන්දෙන් පැන නැගි ලක්දිව සිව් දෙසට ගලා ගිය සදහම් අමා ගඟ නිසාම මෙරට වැසියන්ගේ ජීවිත ලෞකික ලෝකෝත්තර දෙඅංශයෙන්ම සැනසීමට පත්වූහ.

අනුබුදු මිහිඳු මා හිමියන් මිහින්තලා පුදබිමට වැඩම කළ ඓතිහාසික අවස්ථාව සිහිපත් කරමින් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම අඩසිය වසරකටත් අධික කාලයක් පුරා මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව පවත්වාගෙන එනු ලැබේ. ඊට ලංකා විදුලිබල මණ්ඩලය සම අනුග්‍රහය දක්වයි. ඊට අමතරව රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් ද දායකත්වය සැපයනු ලැබේ.

පොසොන් පොහොය උදාවෙත්ම මෙරට බොදු ජනතාව අනුරාධපුර වන්දනා චාරිකාවේ යෙදෙන අතර මිහින්තලා පුදබිමට ගොස් වැඳ පුදා ගනිමින් අනුබුදු මාහිමියන් වෙනුවෙන් බැති කුසුම් පිදීමට අමතක කරනු නොලැබේ. පොසොන් සමය තුළ ලක්ෂ සංඛ්‍යාත වන්දනාකරුවන් පිරිසක් මිහින්තලා පුදබිමට පැමිණ වන්දනාමාන කරමින් ආගමික වතාවත්වල යෙදීම සැබැවින්ම පින් දෙමින් අගය කළ යුතුව ඇත.

මෙරට සතර පොහොයටම නිකුත්වන බුදුසරණ පුවත්පත 1965.06.13 වනදා පොසොන් පෝදා මුල් පිටපත දොරට වැඩම කර ඇත්තේ ද ඓතිහාසික මිහින්තලා පුද බිමේදීය. ඒ අනුව ‘බුදුසරණ’ට පොසොන් පුර පසළොස්වක පොහොය සුවිශේෂී වටිනාකමක් ඇත. ගෙවී ගිය අඩ සිය වසරක කාලය පුරා මෙරට බුදුසරණ පාඨක ජනතාව ලක්ෂ ගණනක් බුදුසරණ සාරධර්ම සංග්‍රහයක් ලෙස බොදු හදවත් වැලඳගෙන ඇති බවද ඉතා කාරුණිකව ගෞරවයෙන් සිහිපත් කළ යුතුව ඇත. අඩ සිය වසරක කාලය පුරා මෙරට වැඩ සිටි අග්‍රගන්‍ය සංඝ පීතෘන් වහන්සේලා මෙන්ම ධර්ම විනයධර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා උගත් ගුණවත් සිල්වත් මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මෙන්ම නවක ස්වාමීන් වහන්සේලාද ගිහි ලේඛකයන්ද බුදුසරණ පුවත්පත මඟින් ලිපි සම්පාදනය කරමින් මෙරට බෞද්ධ ජනතාවගේ දහම් පිපාසාය සංසිඳවීමට ලබාදුන් අප්‍රමාණ සහාය ගෞරවයෙන් සිහිපත් කරමි. “බුදුසරණ” පුවත්පතෙහි පිටපත් මිලදීගෙන ධර්මදානයක් වශයෙන් සිල් සමාදන් වන උවැසි උවසුවන් සඳහා නොමිලයේ පිරිනමන සැදැහැවත් පරිත්‍යාගශීලීහු ද රට පුරා අප්‍රමාණ වෙති. එසේ ධර්මදානමය පින හිමිකරගන්නා වූ සියලු සැදැහැවතුන්ද සිහිපත් කළ යුතු වේ. බුදුසරණ ශත වර්ෂාධික කාලයක් සිය ලෝක ශාසනික ආගමික උදාර මෙහෙවර ඉටු කිරීමට ඇප කැප වී කටයුතු කරනු ලැබේ. මෙතෙක් “බුදුසරණ” සමඟ සිටි පාඨක ජනතාවට තවත් බොහෝ කාලයක් “බුදුසරණ” සදහම් දැනුම ලබා ගැනීමට තව තවත් පාඨක ජනතාව ඒකරාශී කර ගැනීමට ශක්තිය හිමිවේවා.

 

   වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය මැයි මස 17 වැනිදා ඉරිදා දවල් 12.00 ට ලබයි. 18 වැනිදා සඳුදා පූර්වභාග 09.43 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 17 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි 25 වැනිදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]