UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරාධපුර ස්වර්ණපාලි බාලිකාවන්ගෙන් ආදර්ශවත් පින්කමක්

අනුරාධපුර ස්වර්ණපාලි බාලිකාවන්ගෙන් ආදර්ශවත් පින්කමක්


ස්වර්ණපාලී දියණියන් ආබාධ සොයුරියකට කෑම කවන අයුරු.



ස්වර්ණපාලී බාලිකාවන් සහ ආබාධ දරුවන්ගේ නැටුමක්.

සුහදත්වය, එකමුතුකම, අන්‍යයන්ට උදව් කිරීම, පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩ සටහනක් අනුව වෙසක් පොහොය සමරමින් අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා දියණිවරුන් හාරදහසක් පමණ දෙනා සමඟ ගුරු මණ්ඩලය විසින් එකතු කරගත් මුදලින් අනුරාධපුර සාලියපුර සතුටු නිවස ආබාධ සහිත අය සතුටු කිරීම ඉකුත් දා (30) සාලියපුර සතුටු නිවසේදී සිදුවිය.

ස්වර්ණපාලි බාලිකාවන් එදින උදෙන්ම එම ස්ථානයට පැමිණි අතර එහිදී ආබාධ සහිත අයට අලුත් ඇඳුම් පිරිනමා ඔවුන්හට ආහාරපාන දියෙන්ද මාල, වළලු, කොණ්ඩා වළලු, වෙසක් පහන් කූඩු, තවත් ත්‍යාග රැසක්ම ලබාදුන්නාය. ආබාධ සහිත වූ අය සමඟ ඉතා කුළුපගව ලෙන්ගතුව ස්වර්ණපාලී බාලිකාවන් හැසිරුණාය. සියලු දෙනාම තම සහෝදරියන් සේ සලකා ආබාධ සහිත වූ කාන්තාවන් සමඟ නටමින්, ගයමින්, නාට්‍ය ඉදිරිපත් කරමින්, සියලු දෙනාම සතුටු වූවාය. ස්වර්ණපාලී දියණියන් ආබාධ සහිත වූ අයට ආහාර කැවීමට ද අමතක නොකළාය. එක් කුස උපන් සොයුරියන් සේ මේ දහස් ගණන් දෙනා සතුටු වූ අයුරු කියා නිමකළ නොහැකි තරම් ය.

මේ අසරණ අය සමඟ පැය ගණනක් සතුටුවූ මේ ස්වර්ණපාලී දහස් ගණන් දියණියන් නැවත පාසල වෙත යාමට සැරසෙන විට ආබාධ සහිත කාන්තාවන් අඬන්නට වූවාය. ඒ සහෝදරකම, හිතවත්කම, වෙන්වීයාම පිළිබඳව කාටත්ම අපහසුතාවයක් ගෙනදෙන්නට විය. ස්වර්ණපාලී බාලිකා විදුහලේ විදුහල්පතිනිය රමණි වාසල මහත්මියගේ උපදෙස් මත අලපලාවේ අරියඥාණ හිමියන් ඇතුළු ගුරු මණ්ඩලය විසින් එම අවස්ථාව වෙසක් පොහොය නිමිති කරගෙන සංවිධානය කර තිබුණි.

එහිදී 12 බී විද්‍යා අංශයේ ඉගෙනුම ලබන තිවංගා නිර්මාණිවිතාන (16) දියණිය මෙසේ අදහස් පළ කළා ය.

ස්වර්ණාපාලියේ අපි වෙසක් එකට අලුත් වැඩක් කළා. “අසරණ සරණ” තේමාව මුල්කරගෙන එම වැඩසටහනට අප පාසලේ සොයුරියන් හාරදහසක් පමණ ද විදුහල්පතිනිය ද, සියලුම ගුරු මණ්ඩලයද මේ සඳහා මුදලින් සහභාගිත්වයෙන් සහාය ලබාදුන්නා. අප වගේම විනෝද වෙන්න සතුටු වෙන්න එකමුතුව සහෝදරත්වයෙන් ඇසුරු කරන්න මේ අයත් කැමතියි. සාරධර්ම පිරිහිලා තිබෙන කාලයක මේ වාගේ වැඩක් කිරීම තුළින් අප වාගේම මේ අයත් ඉතාම සතුටු වුණා. ඒ සතුට කියන්නේ පින. අපට කලාතුරකින් අත්විඳින්නට වන අවස්ථාවක්, සමාජයේ දී අනුකම්පාව සහ දානය පිළිබඳව හොඳ අවබෝධයක් අප ලැබුවා. අප හැමෝම ඉතාම සතුටු වුණා. මේ සතුට අපට කිසි දිනෙක ලබන්න බැරිවේවි. එම අවස්ථාවට අනුරාධපුර ස්වර්ණපාලි විදුහලේ විදුහල්පතිණිය රමණි වාසල මහත්මිය, එම විදුහලේ ආචාර්ය අලපලාවේ අරියඥාණ හිමි ඇතුළු ගුරු මණ්ඩලය සමඟ කේ.පී. අවන්ති මේනකා මහත්මිය, සතුටු උයන් ස්ථානභාර නිළධාරී සිසිර කුමාර මහතා ඇතුළු දියණියන් විශාල පිරිසක් සහභාගී වූහ.

 

 

 

 

   වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය මැයි මස 17 වැනිදා ඉරිදා දවල් 12.00 ට ලබයි. 18 වැනිදා සඳුදා පූර්වභාග 09.43 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 17 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි 25 වැනිදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]