UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු ගුණ භාවනාව

බුදු ගුණ භාවනාව

මෙහි හත්වන කොටස දුරුතු අමාවක (20වනදා) පත්‍රයේ පළ විය

විජ්ජාචරණ සම්පන්න ගුණය
(පළමු කොටස)

15. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආහාර ප්‍රත්‍ය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

16. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ ඉන්ද්‍රිය පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

17. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ ධ්‍යාන පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

18. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ මග්ග පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

19.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සමීප යුක්ත පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

20. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ විප්පයුත්ත පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

21.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ අත්ථි පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

22. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ නත්ථී පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

23. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ විගත පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

24.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ අවිගත පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

25. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සූවිසි ප්‍රත්‍ය මහා ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

26.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සම් අසාධාරණ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

27. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඉන්ද්‍රිය පරෝපරියප්ත ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

28.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ ආසයා නුසයේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

29. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ යමක ප්‍රාතිහාර්ය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

30. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සබ්බඤ්ඤුත ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

31. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනාවරණ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

32. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ බෝධිපාක්ෂික ධර්ම ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

33. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ කායවේදනා, චිත්ත, ධම්ම යන සතර සතිපට්ඨාන ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

34. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

35. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඡන්දචිත්ත විරිය වීමංස ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

36. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සද්ධා විරිය, සති සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය ධර්ම ඤාණයන්ගෙන් බල ධර්ම ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වනසේක.

37.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සති ධම්ම විචය, වීර්ය, පී‍්‍රති, පස්සද්ධී සමාධි, උපේක්ඛා යන බොජ්ඣංග ඤාණයන්ගෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

38.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප , සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන ආර්ය මාර්ග ඤාණයන්ගෙන්ද සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

සාධු! සාධු! සාධු!


(දෙවෙනි කොටස)

භාවනා පූර්ව කෘත්‍යය

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ මෙසේද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

1.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ ප්‍රාතිමෝක්ෂය සංවර ශීලයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

2. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නවදහස් එකසිය අසුකෝටි පනස් ලක්ෂ තිස්හයදහසක් පමණ වු ශික්ෂාපදයන්ගෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

3. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඉන්ද්‍රිය සංවර ශීලයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

4. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඇස සංවර කරගත් බැවින්ද, කන සංවර කරගත් බැවින්ද, නාසය සංවර කරගත් බැවින්ද, දිව සංවර කරගත් බැවින්ද, කය සංවර කරගත් බැවින්ද සිත සංවර කරගත් බැවින් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

5. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ බෝජන මාත්‍රඤ්ඤතාවයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ආහාරයෙහි පමණ දැන වැළඳීම)

6.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ ජාගරියානුයෝගයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (නිදි වර්ජිත බව)

7.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ ශ්‍රද්ධාවෙන් සමන්නාගතව බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

8.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ ශීලයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

9.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ හිරියෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක (පාපයට ලජ්ජාව)

10. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ ඔත්තප්පයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක (පාපයට භය)

11. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ බහුශ්‍රැත භාවයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

12. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පරාක්‍රමයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක( විර්ය)

13. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සිහිකල්පනාවෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක (සති)

14. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ ප්‍රඥාවෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක (මති)

15. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ මහා ප්‍රඥාවෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

16. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ ප්‍රථමධ්‍යානයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

17. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ දුතීය ධ්‍යානයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

18. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ තෘතීය ධ්‍යානයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

19.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ චතුර්ථ ධ්‍යානයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

20. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පසොලොස්චරණ ධර්මයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

21.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ හේතු පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

22. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ ආරම්මන පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

23. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අධිපති ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

24. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනන්තර පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

ඉතිරි කොටස නවම් පුර පසළොස්වක (පෙබරවාරි 03වනදා) පත්‍රයේ පළ වේ.

 

 

නවම් පුර අටවක පෝය 

නවම් පුර අටවක පෝය ජනවාරි මස 26 වැනි දා සඳුදා අපරභාග 10.52 ට ලබයි. 27 වැනි දා අඟහරුවාදා අපර භාග 09.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 27 වැනිදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 03 වැනි දා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 27

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03

Second Quarterඅව අටවක

පෙබරවාරි 12

Full Moonඅමාවක

පෙබරවාරි 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]