UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු ගුණ භාවනාව - සම්මා සම්බුද්ධ ගුණය

බුදු ගුණ භාවනාව

සම්මා සම්බුද්ධ ගුණය

25.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ “විමුක්ත” (සසර බැඳුම් පහවන) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

26.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “නිබ්බාන”(කෙලෙසුන් ගේ නිවීම) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

27. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “විමුක්ති” (සසර බැඳුම් මුදවන) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

28. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “අපවග්ග“ (කිසිම වර්ග බවක් නැති) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

29. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ “විරාග“ (රාගයෙන් නොඇලෙන) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

30. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “යෝගක්ඛේම” (සතර යෝග බය නැති) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

31.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “ඛේම” (උවදුරු නැති) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

32. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ “සන්ති” (ක්ලේශ නැති) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

33.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “විසුද්ධී” (අතිශයන් පිරිසුදු) නම් වු නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

34.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සීල විසුද්ධි , චිත්ත විසුද්ධි ,කංඛාවිතරණ විසුද්ධි, මග්ගා මග්ගඥාන , දර්ශන, විසුද්ධි, පටිපදාදර්ශන විසුද්ධිඥාන දර්ශන විසුද්ධි , සත්ත විසුද්ධි, අනුගමනය කිරීමෙන් ලැබුනා වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

35.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් මිදීම නම් වූ “නිබ්බුත” (කෙලෙසුන්ගෙන් නිවුනු) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

36.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ‘විරජ’ (කෙලෙස් රජස් නැති) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

37.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ “වීතමල” (කෙලෙස් මළ නැත) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

38. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “අමෘත මහා” නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

39.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “මාර්ග සත්‍ය” අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

40.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “සම්මා දිට්ඨි” අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

41. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “සම්මා සංකප්ප” අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

42. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “සම්මා වාචා” අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

43. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “සම්මා කම්මන්ත” අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වනසේක.

44.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “සම්මා ආජීව“ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

45.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “සම්මා වායාම” අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

46. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “මාර්ග සතිය” අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

47.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “මාර්ග සමාධිය” අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

48. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “සංඛාර විකාර ලක්ඛණ නිබ්බාන , පඤ්ඤත්ති” යන පංච විධ ඤෙය්‍යමණ්ඩලය අවබෝධ කල බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

49. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ, “සකල ධර්මයන්” අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

50. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ ආර්ය වංශ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක. සම්මා සම්බුද්ධ නම් වන සේක. සම්මා සම්බුද්ධ නම් වන සේක.

සෝ භගවා ඉතිපී සම්මා සම්බුද්ධෝ

සෝ භගවා ඉතිපී සම්මා සම්බුද්ධෝ

සෝ භගවා ඉතිපී සම්මා සම්බුද්ධෝ

සාධු! සාධු! සාධු!


විජ්ජාචරණ සම්පන්න ගුණය
(පළමු කොටස)

විජ්ජාචරණ සම්පන්න ගුණයේ පළමු පාඩමට ඇතුළත් වී තිබෙන්නේ ඉන්ද්‍රිය පරෝප පරිය ඤාණ හයක්, ප්‍රත්‍ය ඤාණ 24 ක් ගැඹූරු ඤාණයන්ගෙන් සමන්විත බැවින්, විජ්ජාචරණ සම්පන්න වන සේක. ඤාණ හැසිරිමෙන් සම්පන්නය.

1.විජ්ජාචරණ සම්පන්නෝ ( ප්‍රඥාවෙන් සමන්විත වූ)

2.චරණ ධර්මවලින් සමන්නාගතයි, (හැසිරීම, ගමන, කථාව යන ධර්මයන්)

භාවනාව තුළින් ලැබෙන අනුහස් කවරේද?

මේ බුදු ගුණ භාවනාව බොහොම ශ්‍රේෂ්ඨයි. බොහොම බලගතුයි. මේ ගුණය සිහිකිරීමෙන් අනන්ත අපරිමාන අනුසස් ලැබෙනවා. මේ ගුණය සිහිකිරිමෙන් අනන්ත අපරිමාන අනුසස් ලැබෙනවා. අද අදම අනුසස් ලැබෙනවා. බිය දුරුවෙලා යනවා. කරදර බාධක අපල දුරුකර ගැනීමට හැකිය. මේ භාවනාවෙන් සත්‍යය ක්‍රියා කිරීමට පිළිවන්. තම නිවහනට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. වේදනාවෙන් සිටින අය බුදුගුණ භාවනාව සිහිකිරීමේදී වේදනාව නැතිවී යනවා. මෙලොවදීම අනුසස් ලැබෙනවා. සංසාර ගමනේදි අපායෙන් නිදහස් වෙනවා. අමාමහ නිවන් ලැබීමට විශේෂ භාවනාවක් වෙනවා.චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වෙන භාවනාවකි.

භාවනා පූර්ව කෘත්‍යයෙන් පසු මෙසේ සිතන්න.

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

1ස්වාමීනි ,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ හේතු පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

2. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආරම්මන පච්චඤාණය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

3. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අධිපති පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

4. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනන්තර පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

5. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සමනත්තර පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

6. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සහජාත පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

7.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අඤ්ඤ මඤ්ඤ පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

8. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිස්සය පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

9. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උපස්සය පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

10. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පුරේජාත පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

11. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පච්ඡාජාත ප්‍රත්‍ය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

12. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසේවන පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

13. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ කම්ම පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

14. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විපාක පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

ඉතිරි කොටස නවම් පුර අටවක (ජනවාරි 27වනදා) පත්‍රයේ පළ වේ.

 

 දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි මස 19 වැනිදා සඳුදා අපරභාග 9.59 ලබයි. 20 වැනිදා අඟහරුවාදා අපරභාග 6.44 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජනවාරි 20 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජනවාරි 27 වැනිදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 20

First Quarterපුර අටවක

ජනවාරි 27

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03

Second Quarterඅව අටවක

පෙබරවාරි 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]