UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණේ අභය දාන පින්කමෙන්...

ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණේ අභය දාන පින්කමෙන්...

කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි “ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ” මගින් වාර්ෂිකව සිදුකරනු ලබන අභයදානමය පින්කම මෙවරත් 2015 ජනවාරි මස 01 දින සවස ශ්‍රී කල්‍යාණ ධර්ම ආශ්‍රමදී භූමියේ දී පැවැත්විණි. සෑම වසරකම දෙසැම්බර් 25, 26 සහ 27 තෙදින පුරා කතරගම පූජාභූමියේ දී පැවැත්වෙන පින්කම් මාලාවෙන් අනතුරුව දෙසැම්බර් 31 දින ශ්‍රී කල්‍යාණ ධර්ම ආශ්‍රම භූමියේ දී සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පැවැත්වෙන අතර පසුදින සෑම වසරකම ජනවාරි 01 දින මහා අභයදානමය පින්කම පැවැත්වේ. ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණේ ප්‍රධාන අනුශාසක මිරිහානේ නන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මත එම අභයදානමය පින්කම සංවිධානය කරනු ලබයි. ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණේ දායක දායිකාවන් ඇතුළු පරිත්‍යගශීලීන්ගේ මූල්‍යමය ආධාර මගින් මරණයට කැපවී සිටි කිරි ගවයින් මුදාගෙන දුෂ්කර පළාත්වල දිළිඳු පවුල් සඳහා බෙදාදීම සිදුකරනු ලබයි. 2015 ජනවාරි මස 01 දින පැවති අභයදානමය පින්කමේ දී මරණයෙන් මුදාගත් කිරි ගවයින් 150 ක් පමණ දිළිඳු පවුල් සඳහා ලබා දුන්හ.

“ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණේ” මෙවර අභයදානමය පින්කම වෙනුවෙන් විශාල මුදලක් වැය කර තිබේ. ඒ සඳහා ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණේ දායක දායිකාවන් මෙන්ම දානපතියන් මෙන්ම පරිත්‍යාගශීලීන්ගේ ආධාර ලැබිණි. අපවත් වී වදාළ කෝට්ටේ ශ්‍රී දේවානන්ද නාහිමියන් විසින් ආරම්භ කරන ලද එම මහඟු පින්කම මෙවර පැවැත්වූයේ 56 වෙනි වරටය.

 

පින්කමට සහභාගිවු මහ සඟ රුවන

මිරිහානේ නන්ද හිමියන් විසින් ආශිර්වාද පතමින්...

පින්කමට සහභාගි වු සැදැහැවතුන්ගෙන් කොටසක්

 
 

 දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි මස 19 වැනිදා සඳුදා අපරභාග 9.59 ලබයි. 20 වැනිදා අඟහරුවාදා අපරභාග 6.44 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජනවාරි 20 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජනවාරි 27 වැනිදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 20

First Quarterපුර අටවක

ජනවාරි 27

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03

Second Quarterඅව අටවක

පෙබරවාරි 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]