UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනපති මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගනියි

ජනපති මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගනියි


ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහා නා හිමියන් බැහැදුටු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙත උන්වහන්සේ විසින් ආශිර්වාද පිරිනැමූ අවස්ථාව.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 14 වනදා විහාරස්ථාන කිහිපයකට ගොස් මහා සංඝරත්නය හමුවී ආශිර්වාද ලබා ගත්තේ ය.

නුගේගොඩ පාගොඩ ශ්‍රී විද්‍යාවිජයාරාමය වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තහිතර මහානායක අග්ගමහා පණ්ඩිත රාජකීය පණ්ඩිත දවුල්දෙන ඥානිස්සර මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය. අනතුරුව ජනාධිපතිතුමා පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක මහා විහාරය වෙත පැමිණ සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය. පසුව කලපලුවාව ගෝතම තපෝවනය වෙත පැමිණි ජනාධිපතිතුමා, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ශ්‍රී කල්‍යණිවංශ නිකායේ මහානායක දොඩම්පහල චන්ද්‍රසිරි මහා නායක හිමිපාණන් වහන්සේ ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය. බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වෙත ද පැමිණි ජනාධිපතිතුමා, ආගමික වතාවත්වල නිරතව මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

කෝට්ටේ ශ්‍රී නාග විහාරය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආගමික වතාවත්වල නිරතව මාදුළුවාවේ සෝභිත හිමියන් බැහැ දැකීමෙන් පසු මහා සංඝරත්නය සුබාශිංසන පළ කළේය. කොළඹ හුණුපිටිය ගංගාරාමය වෙත ගොස් ගල්බොඩ ඤාණිස්සර නා හිමියන් බැහැදැක උන්වහන්සේ සමඟ පිළිසඳරක නිරත වූයේය. උන්වහන්සේ ප්‍රමුඛ සඟරුවන සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිතුමා වෙත ත්‍රිවිධරත්නයේ ආශිර්වාද පළ කළේය. බම්බලපිටිය සිරි වජිරාරාමයේදී ආගමික වතාවත්වලට සහභාගි වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තිරිකුණාමලයේ ආනන්ද මහා නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය

 

 දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි මස 19 වැනිදා සඳුදා අපරභාග 9.59 ලබයි. 20 වැනිදා අඟහරුවාදා අපරභාග 6.44 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජනවාරි 20 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජනවාරි 27 වැනිදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 20

First Quarterපුර අටවක

ජනවාරි 27

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03

Second Quarterඅව අටවක

පෙබරවාරි 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]