UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර සිරි සමාධි දහම් පාසල

මහනුවර සිරි සමාධි දහම් පාසල

මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරයේ ආරම්භ කර ඇති සිරි සමාධි දහම් පාසල දූ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදෙන දහම් තක්සලාවකි.

1975 වසරේ ජනවාරි මාසයේදී ශාස්ත්‍රපති යටිනුවර සුමන නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද සිරිසමාධි දහම් පාසල ආරම්භක අවස්ථාවේදී ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 15 ක් අධ්‍යාපනය ලැබූහ. අද මෙහි දහම් අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව 1800 ඉක්මයි. වත්මනෙහි සිරි සමාධි දහම් පාසලේ ගුරු මණ්ඩලය 27 ක් පමණ වේ.

මෙම දහම් පාසල ආරම්භ කිරීමට එවකට මහනුවර නගරාධිපති වූ ඊ.ඇල්. සේනානායක සහ ජී.බී.ද සිල්වා යන මහත්වරුන්ගේ නොමසුරු උපකාරය ලැබී ඇත.

කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරස්ථානයේ දායක සභාවේ සභාපති ලෙස සමස්ත ලංකා සාමවිනිසුරු ඩී.ජේ. ජයවික්‍රම මහතා කටයුතු කරයි.

විහාරස්ථ ශාසන සේවා සමිතියේ සහ කාන්තා ධර්ම සමාජයේ පූර්ණ දායකත්වය ඇතිව සිරිසමාධි දහම් පාසලට අවශ්‍ය ප්‍රතිපාදන සියල්ලක්ම පාහේ අද වන විට සම්පූර්ණ කොට ඇති බව කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති යටිනුවර සුමන හිමියෝ පවසති.

සිරිසමාධි දහම් පාසල 1995 දහම් පාසල් තේරීමේ සමස්ත ලංකා තරගාවලියෙන් 2 වැනි ස්ථානය දිනා ඇති අතර 1999 වසරේදී සමස්ත ලංකා දහම් පාසල් ශ්‍රේණි විභාග ප්‍රතිඵල වලින් මුළු දිවයිනම නියෝජනය වන පරිදි 03 වැනි ස්ථානය ලබා ඇත.

2000 දී මෙහි ඉංගී‍්‍රසි දහම් පාසලද ආරම්භ කොට ඇත. ඉංගී‍්‍රසි දහම් පාසල් අතර 2003 වසරේදී සමස්ත ලංකා දක්ෂතම දහම් පාසල් ශිෂ්‍යයා ලෙස අල්විස් ශිෂ්‍යයා 1 වන ස්ථානය ලබා ඇත.

මෙම දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සව වලදී ශාසන සේවා සමිතියේ සභාපති සමස්ත ලංකා සාමවිනිසුරු දේශබන්ධු අශෝක මුණවීර මහතාගේ පූර්ණ අනුග්‍රහය නොඅඩුව ලැබෙන බව යටිනුවර සුමන නා හිමියෝ පවසති.

මෙම දහම් පාසලේ සෑම කටයුත්තකදීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව , ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මහනුවර මහදිසාපති, ගාමිණී සෙනෙවිරත්න , හා ප්‍රාදේශීය ලේකම් කරුණාරත්න යන මහත්වරුන් ගේ සහාය ලැබෙන බවද උන්වහන්සේ පවසති.

මෙම දහම් පාසලේ ඉදිකිරීම් කටයුතුවලදී මහනුවර කිංස්පාර්ක් හෝටලයේ අධිපති ආචාර්ය රෝහණ කුමාර මහතාගේ මනා සහායක්ද ලැබෙන අතර මෙම දහම් පාසලේ සෑම වර්ෂාවසානයකදීම දහම් පාසල් විභාගවලින් හා ධර්මාචාර්ය විභාග වලින් සිසුසිසුවියන් සියයට 80 ක් පමණ සමත්වන බව සුමන නාහිමියෝ පෙන්වා දෙති.

දහම් පාසලේ සෑම කටයුත්තකදීම මධ්‍යම පළාත් සභා මන්ත්‍රී චානක අයිලප්පෙරුම මහතාගේ නොමසුරු උපකාරද ලැබෙන අතර මෙහි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ,පොසොන් බැතිගී ප්‍රසංගය සෑම වර්ෂයකදීම පැවැත්වේ. ශීල සමාදාන කටයුතු හා දහම් පාසලේ ළමයින් සමස්ත ලංකා හා දිස්ත්‍රික් තරගවලට ඉදිරිපත් කිරීමද වර්ෂයක් පාසා අඛණ්ඩව සිදු කැරේ. දිනෙන් දින සිසුන් සංඛ්‍යාව වර්ධනය වන සිරි සමාධි දහම් පාසලේ දූ දරුවන් සමස්ත ලංකා හා දිස්ත්‍රික් මට්ටමේ ජයග්‍රහණ හා ත්‍යාග රැසක් දිනා ඇත.


යටිනුවර සුමන හිමියන් සමඟ ආචාර්ය මණ්ඩලය


සිරි සමාධි දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවෝ

 

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය නොවැම්බර් මස 29 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 04.39 ට ලබයි. 30 වැනි දා ඉරිදා පූර්වභාග 02.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 29 වැනි දා සෙනසුරාදාය.

මීළඟ පෝය දෙසැම්බර් 06 වැනිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 29

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 06

Second Quarterඅව අටවක

දෙසැම්බර් 14

Full Moonඅමාවක

දෙසැම්බර් 21


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]