UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

උඳුවප් පුර අටවක 2014.11.29

දෙලොව යහපත

උතුම් තෙරුවන් කෙරෙහි වූ අවබෝධයෙන්, ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් සරණ ගිය බෞද්ධයා හැම විට, හැම මොහොතකම තෙරුවන් කෙරෙහි ප්‍රසාදයෙන්ම කටයුතු කරනු ලැබේ. 'නත්ථි මෙ සරණං අඤ්ඤං බුද්ධෝ මෙ සරණං වරං' ....ආදි වශයෙන් තමා වෙත බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රයේ පිහිටයි. පිළිසරණයි යනුවෙන් කල්පනා කරමින්ම ජීවිතය පවත්වා ගෙන යාමද බෞද්ධයාගේ සිරිතය.

බොහෝ විට මෙලොව උපත ලබන මනුෂ්‍යයා බෞද්ධයකු වශයෙන් ඔහු මෙලොවට බිහිවීමට පෙර සිටම ඔහු තෙරුවනෙහි ආශිර්වාදය නොඅඩුව ලබති. මව් කුසෙහි සිටියදීම තුණුරුවන්ගේ ආශිර්වාදය මව්කුස වැඩෙන දරුවාට ලබා ගැනීම අතීතයේ සිට පැවැත එන බෞද්ධ සම්ප්‍රදායයි. මෙලොවට එසේ බිහිවන දරුවකුගේ ජීවිතයේ සෑම අභිවෘද්ධිදායක අවස්ථාවකදීම තෙරුවන්හි ආශිර්වාදය ලබා ගනී.

එසේ බලන විට බෞද්ධයා උපතේ සිට මරණය දක්වා පමණක් නොව, මරණයෙන් පසුවත් තෙරුවන් මූලික කර ගනිමින් ආගමික වශයෙන් විවිධ පුණ්‍ය ක්‍රියා සිදුකරමින් ආගමික ජීවිතය තුළින් ආධ්‍යාත්මික සුවය අපේක්ෂා කරනු ලැබේ. පරපුරෙන් පරපුරට එවන් උදාර චාරිත්‍ර ඉටු කිරීමට බෞද්ධයා ලද ආභාෂය කෙසේ සිදුවීදැයි ඇතැම් විට බොහෝ දෙනා කල්පනා කරනු ලැබේ. බෞද්ධයා කවදත් මව්පිය, වැඩිහිටි ආදීන් අනුගමනය කරමින් ඒ උතුම් චාරිත්‍ර කෙරෙහි නිසි අවබෝධයක් ලබනුයේ ආදර්ශයෙන්මය.

ශාන්තිනායක තථාගත බුදුපියාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයට පත්වීමෙන් පසුව තමන් වහන්සේට සෙවන සැලසු බෝධින් වහන්සේ දෙස අනිමිස ලෝචන පුජාව නම් වූ කළගුණ සැලකීමේ සද්ක්‍රියාව ලොවට ආදර්ශයෙන් පෙන්නුම් කර වදාළේ අපගේ ශාස්තෘවරයාණන් වහන්සේ වන ලොව්තුරා බුදුපියාණන් වහන්සේය. එවක් පටන් කළගුණ සැලකීමේ සද්ක්‍රියාව බෞද්ධ ජනසමාජය ආදර්ශයට ගනිමින් ඒ අනුව කටයුතු කරනු ලැබේ. වසර දෙදහස් හයසියයක් පමණ ගෙවී ගියද අද පවා බෞද්ධ ජන සමාජය බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුදු සිරිත අනුව යමින් කළ ගුණ සැලකීමේ උදාර ක්‍රියාව සිදු කිරීම අනාගත පරපුරටද මහත් ආදර්ශයක් වනු ඇත. මෙසේ බලන විට කළගුණ සැලකීම බෞද්ධකමට පමණක් නොව මිනිස් කමටද බෙහෙවින් අර්ථවත් වැඩදායක ක්‍රියාවක් වනු ඇත. කළ ගුණ සැලකීම, කළගුණයට ගරු කිරීම මනුෂ්‍යයා සතු වගකීම බව අමතුවෙන් කිව යුතු නොවේ.

සමාජයේ යහපත අගයන කවර අයකු තුළ වුවද වැඩිය යුතු ගුණ දම් වර්ධනය කිරීම මනුෂ්‍යයා සතු වග කීමය . මිනිස් යන නාමය මනුෂ්‍යයා සතු වන්නේද, මනසින් ඔහු උසස් වන හෙයිනි. සිතීමේ ශක්තිය සතු මනුෂ්‍යයා බුද්ධිමත්ව කටයුතු කළ යුතු වේ. එසේ කිරීමෙන් තමන් ආධ්‍යාත්මික ශක්තිය උපදවා ගැනීමටද උනන්දු විය යුතුය. මිනිසත් භවයක් ලබා ගත් පමණින් සතුටු විය යුතු අතර එම ලබාගත් මිනිසත් භවය සසර පුරා සුවපත් කර ගැනීමටද මනුෂ්‍යයා උත්සාහ කළ යුතුය. එසේ කිරීමෙන් පමණක් එබඳු තැනැත්තාගේ මෙලොව සහ පරලොව යන දෙලොවම ජීවිත සුවපත් වනු ඇත. තමන් කරන, කියන, සිතන දේ තමා පසුපස එන සෙවණැල්ල මෙන් සසර පුරා ගමන් කරන හෙයින් තිදොර සංයමය හැම විට තමා වෙත යහපත උදාකරවයි.

දුලභ වූ මිනිස් දිවියක් ලබාගත් මනුෂ්‍යයා සතු වගකීම වනුයේ සුවපත් ජීවිතයක් ගත කිරීමට බුද්ධිමත්ව කල්පනා කිරීමය. සිතා බැලීමය.

මිනිස් ජීවිතය ආලෝකමත් කර ගැනීමට නිරන්තරයෙන් උත්සාහ කළ යුත්තේ තමා විසින්මය. බාහිර දියුණුවත්, ආධ්‍යාත්මික දියුණුවත් සලසා ගත හැකි වන්නේ එවිටය. එබැවින් බියකරු සසර කතරෙන් එතෙරවීමට අපේක්ෂා කරන බෞද්ධයා හැම විට තෙරුවන් වෙත පැහැදී තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන් ගෞරවයෙන් කටයුතු කර දෙලොව යහපත උදාකර ගත යුතුය.

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය නොවැම්බර් මස 29 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 04.39 ට ලබයි. 30 වැනි දා ඉරිදා පූර්වභාග 02.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 29 වැනි දා සෙනසුරාදාය.

මීළඟ පෝය දෙසැම්බර් 06 වැනිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 29

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 06

Second Quarterඅව අටවක

දෙසැම්බර් 14

Full Moonඅමාවක

දෙසැම්බර් 21


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]