UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අ.පො.ස. (සා. පෙළ) විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014 බුද්ධ ධර්මය -1 අභ්‍යාසය - 06

අ.පො.ස. (සා. පෙළ) විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014

බුද්ධ ධර්මය -1 අභ්‍යාසය - 06

ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න

අංක 01 -20 දක්වා ඇති ප්‍රශ්නවල වඩාත් නිවැරැදි පිළිතුරු තෝරා එම පිළිතුරට යටින් ඉරක් අඳින්න.

01භාරතීය සමාජයේ චතුර්වර්ණ ලෙස හැඳින්වූයේ,

(1) අර්ථ,ධර්ම, ප්‍රතිභා, නිරුක්ති (2) බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛද්‍ය, ශුද්‍ර (3) බ්‍රාහ්මණ, වෛශ්‍ය, රථකාර, පුක්කුස (4) බ්‍රාහ්මණ,ක්ෂති‍්‍රය, ශුද්‍ර, චණ්ඩාල

02. සතරවේදය, නීති ශාස්ත්‍රය, ආගමික චාරිත්‍ර විධි පුහුණු වූයේ,

(1) ක්ෂත්‍රිය දරුවන්ය (2) වෛශ්‍ය දරුවන්ය (3) පංචම ගෝත්‍රික දරුවන්ය (4) බ්‍රාහ්මණ දරුවන්ය.

03. තැනින් තැන ඇවිදිමින් තම මතවාදයක් තහවුරු කර ගැනීමෙන් ජනපි‍්‍රයත්වයට පත්වූයේ,

(1) ජටිලයන්ය (2) නිගණ්ඨයන්ය (3) ආජීවක හා පරිබ්‍රාජක පිරිස්ය (4) තාපස, පරිබ්‍රාජක පිරිස්ය

04.සතුන් මැරීම, සොරකම, යාග කිරීම, දන්දීම ආදී කිසිම ක්‍රියාවක යහපත් හෝ අයහපත් ඵලයක් නැති බව ප්‍රකාශ කළේ.

(1) මක්ඛලී ගෝසාලය (2) පකුධ කච්චායනය (3) පූර්ණ කස්සපය (4) අජිත කේස කම්බලීය

05.බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුර ගමනේදී ශාක්‍යයන් ගේ අධික මානය බිඳ දේශනා කළ ජාතකය වන්නේ,

(1) වෙස්සන්තර ජාතකය (2) චන්දකින්නර ජාතකය (3) මහා ධර්මපාල ජාතකය (4) සඳකිඳුරු ජාතකය

06.දෙව් මිනිස් ආදී සද්පුරුෂ දහම්හි යොදවන උත්තරීතර ගුණය බුදුන් වහන්සේගේ,

(1) තාදි ගුණයයි (2) අසරණ සරණ ගුණයයි (3) පුරිසදම්මසාරථි ගුණයයි (4) යථාවාදී තථාකාරි ගුණයයි

07.ස්වාමීනි, මගේ පුතාට වූ විපත දෙස බලනු මැනවි. ඔහුව බේරා ගැනීමට බෙහෙත් ස්වල්පයක් දෙනු මැනවැයි කියන්නට වූයේ

(1) කිසාගෝතමියයි (2) පටාචාරාවයි (3) රජ්ජුමාලායි (4) ප්‍රජාපතී ගෝතමියයි

08.බුදුරජාණන් වහන්සේ අවසන් වස් කාලය ගත කළේ,

(1) බේලුව නම් ගමෙහිය (2) චාපාල චේතිය අසලය (3) විශාලා මහනුවරය (4) පාවා නුවරය

09. බුදුරජාණන් වහන්සේ බුදුවීමට පෙරදින දානය වැළඳුයේ

(1) චුන්ද කර්මාර පුත්‍රයාගෙනි (2) තපස්සු භල්ලුක දෙදෙනාගෙනි (3) සුජාතා සිටු දේවියගෙනි (4) අනේපිඬු සිටුතුමාගෙනි

10.බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ ස්ථානය ලෙස දක්වා ඇත්තේ,

(1) විශාලා මහනුවරය (2) මකුට බන්ධන නම් ස්ථානයේ (3) බේලුව නම් ගමේය (4) චාපාලචේතිය නම් ස්ථානයේය

11. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු බුදු සසුනෙහි ශාස්තෘවරයා විය යුතු යැයි බුදුරජාණන් වහන්සේ නම් කොට වදාළේ

(1) ආනන්ද මහ රහතන් වහන්සේය (2) මහා කාශ්‍යප මහ රහතන් වහන්සේය (3) සැරියුත් මහ රහතන් වහන්සේය (4) ධර්මය විනය යන දෙකයි

12.සැදැහැවත් කුල පුත්‍රයෙකු විසින් දැක සංවේග උපදවාගත යුතු ස්ථාන වන්නේ,

(1) තථාගතයන් ආයු සංස්කාරය අතහැරිය තැන, බුදු වූ තැන, පිරිනිවන් පෑ තැන

(2) තථාගතයන් ,අවසන් වරට දන් වැළඳූ තැන, දම්සක් පැවැත් වූ තැන

(3) තථාගතයන් , උපන් තැන, බුදු වූ තැන, දම්සක් පැවැත්වූ තැන, පිරිනිවන් පෑ තැන

(4) තථාගතයන් බුදු වූ තැන, දම්සක් පැවැත්වූ තැන , පිරිනිවන් පෑ තැන

13.බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ

(1) වෙසක් පුර පසළොස්වක පෝය දිනකය (2) පොසොන්පුර පසළොස්වක පෝය දිනකය (3) නිකිණි පුර පසළොස්වක පෝය දිනකය (4) ඇසළපුර පසළොස්වක පෝය දිනකය

14.ලද දෙයින් සෑහීමකට පත්වීම, තාන්නමාන්න ලැබීමෙන් උඩඟු නොවීම යන ගති ලක්ෂණ වලින් හෙබි රහතන් වහන්සේ,

(1) මොග්ගලීපුත්ත මහ රහතන් වහන්සේය

(2) පූතිගත්ත තිස්ස මහරහතන් වහන්සේය

(3)චක්ඛුපාල මහ රහතන් වහන්සේය

(4) මහා කාශ්‍යප මහරහතන් වහන්සේය

15. ‘මම පෙර රූපය නිසා උදම්ව සිටියෙමි. මං මුළා වී සිටියෙමි”යි සිතූ භික්ෂුණිය වන්නේ,

(1) මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය (2) උප්පලවණ්ණා තෙරණිය (3) භද්දකච්චායනා තෙරණිය (4) ඛේමා තෙරණිය

16.සත්තසතිකා සංගීතිය සඳහා අනුග්‍රහය දැක් වූ රජතුමා වන්නේ,

(1) කාලාශෝක රජතුමාය (2) ධර්මාශෝක රජතුමාය (3) අජාසත්ත රජතුමාය (4) දේවානම්පියතිස්ස රජතුමාය

17. “වරක් වළඳා අවසන් කොට ඉතිරි වූ ආහාර තවත් ගමකට ගොස් වැළඳීම කැපය” යනුවෙන් හඳුන්වා ඇත්තේ,

(1) කප්පති ගාමන්තර කප්පෝ (2) කප්පති අනුමති කප්පෝ (3) කප්පති ද්වංගුල කප්පෝ (4) කප්පති ආවාස කප්පෝ

18.පළමු ධර්ම සංගායනාව පැවැත්වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් ,

(1) අවුරුදු 100කට පසුවය (2) අවුරුදු 218 කට පසුය (3) මාස තුනකට පසුය (4) අවුරුදු 15 කට පසුය

19.විනය පිටකයට අයත් ග්‍රන්ථයක් වන්නේ,

(1) සංයුක්ත නිකාය (2) යමකප්ප්‍රකරණය (3) පාරාජිකා පාලි (4) අංගුත්තර නිකාය

20. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කළේ

(1) වෙසක් පුර පසළොස්වක පෝය දිනකයි (2) පොසොන් පුර පසළොස්වක පෝය දිනකයි (3) දුරුතු පුර පසළොස්වක පෝය දිනකයි

(4) ඇසළ පුර පසළොස්වක පෝය දිනකයි

පිළිතුරු

01.(2) බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර

02.(4) බ්‍රාහ්මණ දරුවන්ය

03. (3) ආජීවක හා පරිබ්‍රාජක පිරිස්ය

04.(3) පූර්ණ කස්සපය

05.(1) වෙස්සන්තර ජාතකය

06.(2) අසරණ සරණ ගුණයයි

07.(1) කිසා ගෝතමියයි

08.(1) බේලුව නම් ගමෙහිය

09.(3) සුජාතා සිටු දේවියගෙනි

10.(2) මකුට බන්ධන නම් ස්ථානයේය

11.(4) ධර්මය විනය යන දෙකයි

12.(3) තථාගතයන්, උපන් තැන, බුදු වූ තැන, දම්සක් පැවැත්වූ තැන, පිරිනිවන් පෑ තැන

13. (1) වෙසක් පුර

පසළොස්වක පෝය දිනකය

14.(1) මොග්ගලීපුත්ත මහ රහතන් වහන්සේ ය

15.(4) ඛේමා තෙරණිය

16.(1) කාලාශෝක රජතුමා

17.(1) කප්පති ගාමන්තර කප්පෝ

18.(3) මාස තුනකට පසු

19.(3) පාරාජිකා පාලි

20.(2) පොසොන් පුර

පසළොස්වක පෝය දිනකයි.

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය නොවැම්බර් මස 29 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 04.39 ට ලබයි. 30 වැනි දා ඉරිදා පූර්වභාග 02.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 29 වැනි දා සෙනසුරාදාය.

මීළඟ පෝය දෙසැම්බර් 06 වැනිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 29

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 06

Second Quarterඅව අටවක

දෙසැම්බර් 14

Full Moonඅමාවක

දෙසැම්බර් 21


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]