UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සඳහිරු සෑයේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා ජනාධිපතිතුමාගේ සුරතින් නිදන් කළ වගයි

දශක තුනක කාලයක් අප මාතෘභූමිය වෙලා සිටි ත්‍රස්තවාදය නිමාකර ලක් දෙරණේ සාමය ස්ථාපිත කිරීම ඉතිහාසයේ සනිටුහන් කරනු වස් ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියේ ඉදිවන සඳහිරු සෑ රදුන්ගේ ගර්භයේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමේ පුණ්‍යෙ‍ාත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් (ඉකුත් 23 දා) පැවැත්විණි.

සිව් දෙසින් වැඩම කළ හය දහසකට අධික මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කැරිණි.

සැදැහැවත් ජනතාව අතිවිශාල පිරිසක් ඊට එක්ව සිටි අතර ඔවුහු මෙහිදී සාධුනාද දෙමින් පූජෝපහාර දැක්වූහ.

මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයද, ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය ද, අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද ඊට එක්වූහ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඉටු කරන සුවිශේෂී මෙහෙවර අගයමින් තායිලන්ත රජය විසින් එතුමා වෙත ආචාර්ය උපාධියක් පිරිනමන ලදී. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහ අභිවෘද්ධිය මෙන්ම ආදර්ශ පූර්වාත්මක ජාති හිතෛෂී, අභීත නායකත්වය උදෙසා තායිලන්ත රජතුමාගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබන සුරින්ද්‍ර රාජබට් විශ්වවිද්‍යාලය මඟින් එම ආචාර්ය උපාධිය පිරිනමා ඇත.

ජනාධිපතිතුමා වෙත එම අචාර්ය උපාධිය පිළිගැන්වීම එම විශ්වවිද්‍යාලයේ විශේෂ නියෝජිතයකු අතින් සිදු විය.

 

ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කළ ඓතිහාසික අවස්ථාව

සහභාගිවු මහ සඟරුවනින් කොටසක්

සහභාගිවු අතිවිශාල පිරිසෙන් කොටසක්

ජනාධිපතිතුමා වෙත ආචාර්ය උපාධිය පිළිගන්වමින්
ඡායාරූප - සුදත් සිල්වා

 
 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය නොවැම්බර් මස 29 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 04.39 ට ලබයි. 30 වැනි දා ඉරිදා පූර්වභාග 02.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 29 වැනි දා සෙනසුරාදාය.

මීළඟ පෝය දෙසැම්බර් 06 වැනිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 29

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 06

Second Quarterඅව අටවක

දෙසැම්බර් 14

Full Moonඅමාවක

දෙසැම්බර් 21


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]