UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිවන් මඟ අනුපූර්ව ප්‍රතිපදාවකි

නිවන් මඟ අනුපූර්ව ප්‍රතිපදාවකි

මෙම ලිපියේ මුල් කොටස ඉල් පුර  පසළොස්වක පෝදා පත්‍රයේ පළවිය.

එය මට බරපතළ තෑග්ගක් ගෙනාවේ කියා ඉතින් ඒ අනුවයි මම මේ දානය පිළිගැන්වුවේ” කියා ඇය පිළිතුරු දුන්නා. ඒ අවස්ථාවේදි සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා”

පුදුමයි,ආශ්චර්යයක්, ඔබ එහෙම නම් මේ වාගේ මහත් ඍද්ධි ශක්තින් ඇති මහේශාඛ්‍ය වෙසමුණිූ මහරජු සමඟ ඔබ කථාබස් කරනවාද” ඒ අවස්ථාවේදි ඊට පිළිතුරු දෙන නන්දමාතාව ප්‍රකාශ කරනවා” ස්වාමීනී එපමණක් නොවෙයි මා පිළිබඳව කිය යුතු ආශ්චර්ය අද්භූත සිදුවීම් තවත් තිබෙනවා” යනුවෙන් කියමින් එකින් එක ගෙනහැර දක්වන්නට වූවා. ස්වාමීනි මට නන්ද කියා එක පුතෙක් හිටියා. ඔහු මට හරිම ප්‍රියයි. මගේ සිත ඇද බැඳගෙන ජීවත් වුණා. රටේ රජතුමා දවසක් මොනවා හරි කරුණකට බලහත්කාරයෙන් ඔහුව පාගලා දැම්මා. ඒ මගේ දරුවා අල්ලා ගත් වේලාවෙහිවත්, හිරගෙට දාලා වධබන්ධන පමුණුවන අවස්ථාවේවත්, ජීවිතය විනාශ කරපු අවස්ථාවේවත්, ඒ විනාශ කරන වේලාවේවත්, මගේ සිතේ කිසිම විපර්සායක් වුණේ නැහැ” මෙය අසා සිටි සැරියුත් හාමුදුරුවෝ””එක්කත් මහා පුදුම ආශ්චර්යක් නේ නන්ද මාතාවෙනි”කියා කරුණු දැක්වූවා, ඊළඟට නන්ද මාතාව උත්තර දෙනවා“ ඒ පමණකුත් නොවෙයි. ස්වාමීනි, මගේ ස්වාමිපුරුෂයා කලුරිය කළේ දැනට කලකට පෙර දැන් ඔහු යක්ෂ ආත්ම භාවයක් ලබා ඉන්නවා. සමහරදාට ඔහු මා ඉදිරියේ ඉස්සර මා සමඟ ජීවත් වූ ආකාරයෙන් මට පේනවා. ඒ වුණත් මගේ සිතේ වෙනසක් ඒ නිසා වෙන්නේ නැහැ ස්වාමීනි” ඒ අවස්ථාවේත් සැරියුත් හාමුදුරුවෝ නන්ද මාතාව අමතා ඒකත් මහා පුදුම දෙයක්නේ යනුවෙන් උත්තර දුන්නා. නැවතත් නන්ද මාතාව තවත් එවැනි සිදුවීමක් සැරියුත් මහරහතන් වහන්සේට පැහැදිලි කළා.”මා ඉතා ළාබාල අවධියේ මේ සැමියා මා විවාහ කර ගත්තා ඒත් ස්වාමීනි, කිසිදු දවසක කිසිදු අවස්ථාවක ඒ මගේ සැමියාගෙන් තොරව වෙනත් පුරුෂයෙකු දිහා සිතින් වත් සිතා බැලුවේ නැහැ. ශරීරය පිළිබඳ කියන්ට ම දෙයක් නැහැනේ ස්වාමීනි, යනුවෙන් ඇය විසින් ප්‍රකාශ කරන කල්හි සැරියුත් හාමුදුරුවෝ එම කරුණෙහි ඇති අසිරිමත් පුදුම සහගත බව ප්‍රකාශ කළා, නැවතත් නන්ද මාතාව ප්‍රකාශ කළේ “ස්වාමීනි, තවත් කරුණක් කියන්නට තිබෙනවා. මම යම් දිනෙක යම් අවස්ථාවක උපාසිකාවක් බවට පත් වෙන බවට ප්‍රතිඥාවක් දුන්නාද? එදා සිට මේ වනතුරු කිසිදු ශික්ෂාපදයක් කැඩුවේ නැහැ’ යනුවෙන් ප්‍රකාශ කළා. තවත් අසිරිමත් පුදුම එළවන කරුණක් ඇති බව ප්‍රකාශ කරමින් තමන් මේ බුද්ධ ශාසනයෙහි කාමයන්ගෙන් වෙන්වී අකුසල කර්මයන්ගෙන් දුරු වී යම් පමණ කැමැති වේලාවක් සිවුවෙනි ධ්‍යානය දක්වා වූ ධ්‍යානවලට සමවැදි කාලය ගත කිරීමේ ශක්තිය ඇතිව ජීවත් වන බවද ඇය සැරියුත් මහරහතන් වහන්සේට ප්‍රකාශ කළාය.මේ සියල්ලටම හේතුවන සත්‍ය තත්වය කුමක්ද යන්නට කරුණූු දක්වන ඇය ප්‍රකාශ කරනවා “ස්වාමීනි, බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද යම් බඳු වූ ඔරම්භාගිය සංයෝජන ධර්ම පහක්වේද, ඒ සියල්ල ම ස්වාමීනි කිසිවක් ඉතිරිව නොතබා මා විසින් දුරු කර ඇත” යනුවෙන් කරුණු ප්‍රකාශ කළා. මේ සියල්ල අසා සිටි සැරියුත් මහරහතන් වහන්සේ නන්ද මාතාව සමඟ මේ දැහැමි කථා සල්ලාපයෙහි යෙදී ඇය ප්‍රසාදයට පත් කර ආසනයෙන් නැගී සිට ආපසු වැඩියා.

ඇය විසින් සැරියුත් මහරහතන් වහන්සේ සමඟ අවසාන වශයෙන් කළ මේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ඇය සෝවාන් ඵලයට පත් වු දැහැමි උපාසිකාවක් බවයි.

ආර්ය මාර්ගයේ පළමු පියවර වන්නේ සෝවාන්මාර්ගයට එළඹීමයි. “සෝත හා ආපන්න “ යන වචන දෙක එක්වු කල්හි සෝතාපන්න යන වචනය සකස් වේ. සෝත යනු ප්‍රවාහයයි. හෙවත් ගංගාවක ගලාගෙන ඉදිරියට යන ජල පහරයි.මේ ජලපහරට ලක් වූ අය ගමන් ගන්නා අවසානය වන්නේ මහා සාගරය නමැති නිර්වාණයට යි. එයින් කියැවෙන්නේ සෝතාපන්න හෙවත් සෝවාන් පුද්ගලයා ආර්ය මාර්ගයට වැටුණූ අයයි. ඒ ආර්ය ශ්‍රාවකයා නැවත වෙනත් තෙරකට හෙවත් අභව්‍ය ස්ථානයකට ගොඩ වන්නේ නැහැ. අවසාන කෙලවර වන්නේ නිවනට පැමිණ වීමෙන්ය. එක්වරම නිවනට පත්වීමක් ගැන සිතීම දුෂ්කරය. ඒ නිසා බුදුදහමේ උගන්වන්නේ අනුපූර්ව ප්‍රතිපදාවකි. එය ඒ අනුව අනුපූර්ව ශික්ෂාවෙන්, අනුපූර්ව ක්‍රියාවෙන් හා අනුපූර්ව ප්‍රතිපදාවෙන් අවසාන ඉලක්කය වන නිවනට ක්‍රමානුකූලව පියවර සහිතව ළඟා වෙනවා. ඊට අදාළ වන මාර්ගය ලෙස බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වා දුන්නා.

 

ඉල් මස අව අටවක පෝය

 ඉල් මස අව අටවක පෝය නොවැම්බර් මස 14 වැනිදා සිකුරාදා පූර්වභාග 07.32 ට ලබයි. 15 වැනිදා සෙනසුරාදා පූර්වභාග 10.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 14 වැනිදා සිකුරාදායි.

මීළඟ පෝය නොවැම්බර් 22 වැනිදා සෙනසුරාදා ය
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 14

Full Moonඅමාවක

නොවැම්බර් 22

First Quarterපුර අටවක

නොවැම්බර් 29

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]