UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

නාරාහේන්පිට ශ්‍රී අභයාරාමයේ කඨින පින්කම පසුගියදා සිදු කැරුණු අතර එම කඨින පෙරහර කොළඹ කොටුව ජනාධිපති මන්දිරයෙන් ආරම්භ කැරිණි. එම කඨින චීවරය පූජා කිරීමේ පුණ්‍ය කර්මය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් සිදු කරනු ලැබීය. එහිදී අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේට මල් පූජාව ජනාධිපතිතුමන් සිදු කළ අතර ප්‍රතිසංස්කරණය කරන ලද සංඝාවාසය සඟසතු කර පූජා කිරීමේ පින්කමටද ජනාධිපතිතුමා එක්විය. එහිදී කඨින චීවරය ජනාධිපතිතුමා විසින් මසනු ලැබූ අවස්ථාව. අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමි, පල්ලත්තර සුමනජෝති නා හිමි, වැලමිටියාවේ කුසලධම්ම නා හිමි, බෙංගමුවේ ධම්මදින්න නාහිමි ඇතුළු පූජනීය මහ සඟරුවන සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත් මහතාද එම අවස්ථාවට එක්වූහ.
ඡායාරූපය චන්දන පෙරේරා

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අදහසකට අනුව සෑම පුන් පොහෝ දිනකම අරලියගහ මන්දිරයේ දී පවත්වනු ලබන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 130 වැන්න ඉල් පුර පෝදා මැදමුලන නිවසේ දී පැවැත්විණි. ධර්ම දේශකයාණන් වහන්සේ උඩුවේ ධම්මාලෝක ස්වාමීන්වහන්සේ වූහ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය ද, මැති ඇමැතිවරුන් සහ සැදැහැවතුන් විශාල පිරිසක්ද ඊට එක්වූහ. ඡායාරූපය සුදත් සිල්වා

ඓතිහාසික තිස්සමහාරාම සෑ රදුන් වටා ඉදිකරන ලද ස්ථිර විදුලි පහන් පද්ධතිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ඉකුත් දා (05) විවෘත කිරීම සිදු කැරිණි. එහිදී තිස්සමහාරාම රාජමහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමියන් වෙත අටපිරිකර පූජා කළ අවස්ථාව. ඡායාරූපය සුදත් සිල්වා

හූරිකඩුව ශ්‍රී මහා මහේන්ද්‍ර දහම් පාසලේ අවසාන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ආර්.එම්. කේ.ජී. මුදිත ජයංග කුඹුක්ගහදෙණිය ශිෂ්‍යයා සමස්ත ලංකා පාලි ගද්‍ය හා පද්‍ය ගායනා තරගයේ ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේය. ඒ උදෙසා වූ සම්මානය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපාන පේමසිරි මහ නාහිමියන් අතින් එම සිසුවා ලබාගත් අයුරු. ඡායාරූපය – අසේල කුරුළුවංශ

වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පින්කම මහරගම මහින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරුණු අතර එම අවස්ථාවට වියට්නාම් ගිහි පැවිදි පිරිසක් ද සහභාගි වූහ. ඡායාරූපය - ශාන් රූපස්සර

ගම්පොල,දොළුව පන්විලතැන්න ශ්‍රී රණසීහාරාම විහාරස්ථ ශ්‍රී ඤාණතිලක රිවිදින දහම් පාසල මඟින් සිදුකරන සත්ව අභයදාන වැඩසටහන යටතේ ප්‍රධානාචාර්ය මයිලපිටියේ සමිද්ධිවංශ හිමිගේ අනුශාසනා පරිදි ධර්මාචාරිනී ඉන්ද්‍රානි එදිරිසිංහ මහත්මියගේ හා ධර්මාචාරිනී නෙළුම් කුමාරි අබේතුංග මෙනෙවියගේ සංවිධායකත්වයෙන් ප්‍රදේශවාසීන්ගේ ධන පරිත්‍යාගයෙන් මරණයට කැපවූ ගවයෙක් නිදහස් කරන ලදී.පසුගිය ඔක්තෝබර් 08 වැනිදා පී.ජී. නලින් ජයරත්න මහතා වෙත එම ගවයා භාරදෙන ලදී. ඉදිරියේදීත් මෙම අභයදාන වැඩසටහන ක්‍රියාත්මක කිරීම දහම් පාසලේ බලාපොරොත්තුවයි.
සටහන – ගාමිණී ගොඩකුඹුර

 
 

ඉල් මස අව අටවක පෝය

 ඉල් මස අව අටවක පෝය නොවැම්බර් මස 14 වැනිදා සිකුරාදා පූර්වභාග 07.32 ට ලබයි. 15 වැනිදා සෙනසුරාදා පූර්වභාග 10.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 14 වැනිදා සිකුරාදායි.

මීළඟ පෝය නොවැම්බර් 22 වැනිදා සෙනසුරාදා ය
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 14

Full Moonඅමාවක

නොවැම්බර් 22

First Quarterපුර අටවක

නොවැම්බර් 29

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]