UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

2013 සමස්ත ලංකා අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරගාවලියේ මූලික පිරිවෙන් අතර ප්‍රථම ස්ථානය දිනාගත් අත්තනගල්ල රාජමහා විහාරස්ථ ශී‍්‍ර පතිරාජ පිරිවෙන අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍යය තරගවලින් ලද කුසලානය අත්තනගල්ල රජමහා විහාරාධිපති ශ්‍රී පතිරාජ පරිවේනාධ්‍යක්ෂ මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් වෙත ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවයේදී අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පිරිනැමූ අවස්ථාව.විද්‍යාලංකාර පරිවේණාධිපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, විද්‍යෝදය පරිවේනාධිපති බළංගොඩ සෝභිත නා හිමි, ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මින්න නා හිමියෝ ද ඊට එක් වූහ.
 

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කඨින පින්කම මහනුවර කටුකැලේ ලේඩි බ්ලේක් ආරාමාධිපතිනි කොත්මලේ සුධර්මා සිල්මෑණියන්ගේ හා මහනුවර ලයනල් ගුණතිලක මහතාගේ දායකත්වයෙන් පැවැත්විණි. පෙරහරකින් වැඩමවා ගෙන ආ කඨින චීවරය, ශ්‍රී දළදා සමිඳු මෙවර තේවාව බාර සොළොස්මස්ථානාධිපති ශාස්ත්‍රපති වේඩරුවේ උපාලි නාහිමියන් වෙත පූජා කිරීමෙන් පසු උපාලි නාහිමියන් කෙටි අනුශාසනාවක් කළ අයුරු. ශ්‍රී දළදා සමිඳු තේවාවෙහි නියුතු අස්ගිරි මහා විහාර කාරක සභික අරඹේගම සරණංකර , අස්ගිරි මහ විහාර පරිවෙනාධිපති නියෝජ්‍ය ලේඛකාධිකාරි ශාස්ත්‍රපති නාරන්පනාවේ ආනන්ද යන නාහිමිවරු ද මෙහි සිටිති.
කේ. බණ්ඩාරණායක

 
 

 ඉල් පසළොස්වක පෝය

ඉල් පසළොස්වක පෝය නොවැම්බර් මස 06 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.37 ට ලබයි. 07 වැනිදා සිකුරාදා පූර්වභාග 03.55 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය නොවැම්බර් 14 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06

Second Quarterඅව අටවක

නොවැම්බර් 14

Full Moonඅමාවක

නොවැම්බර් 22

First Quarterපුර අටවක

නොවැම්බර් 29


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]