UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කඨින පින්කම්

කඨින පින්කම්

කඳුබොඩ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය

කඨින පූජා මහා පින්කම නොවැම්බර් මස 01, 02 යන දෙදින තුළ සියනෑ විපස්සනා භාවනා සමිතිය හා සීල භාවනා සමිතිය මගින් සිදුකෙරේ. භාවනා මධ්‍යස්ථානාධිපති ඉඟුරුවත්තේ පියනන්ද මහා නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් අර්ධ ශතාධික මහ සඟරුවන විෂයෙහි කඨින චීවර පූජාව හා කප්රුක් අටපිරිකර සහිත මහා දක්ෂිණාව නොවැ. 02 වෙනි දින පැවැත්වේ. සර්වරාත්‍රික පරිත්‍රාන දේශනාව, විශේෂ ධර්මානුශාසනා, යනාදී පින්කම් මාලාව දෙදින තුළ සිදු කෙරේ.


මාවිත්තර සිරි තිසරණ ධර්මායතනය

පිළියන්දල, මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයේ කඨින පින්කම විහාරාධිපති ගැටමාන්නේ හේමාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදි නොවැම්බර් 02 වැනිදා සිදු කෙරේ.

පිළියන්දල ගාමිණී මහානාම මහතාගේ දායකත්වයෙන් ඔහුගේ නිවසින් පෙරහර පිටත්වේ. එදින සවස කොටපල අමරකිත්ති හිමියන් පවත්වනු ලබන බුද්ධ පූජාවද, රාත්‍රි මහ පිරිත් දේශනාවද, 03 වැනිදා හීල් දානය සහ දවල් කප්රුක් පූජාව සහිත කඨින චීවර පූජාව පුජා කෙරේ. රාත්‍රි 7 ට කඨිනානිසංස ධර්ම දේශනය පිටිගල විජිත නා හිමියන් විසිනි.


පිළිමතලාවේ ශ්‍රී ආනන්ද බෝධි විහාරය

යටිනුවර පිළිමතලාවේ හීරැස්සගල ශ්‍රී ආනන්ද බෝධි විහාරස්ථ, ධර්මෝදය පිරිවෙනේ කඨින චීවරය පූජාකිරීමේ පින්කම නොවැම්බර් 02 දින සිදු කෙරේ. 01 දින රාත්‍රි 7.00 ට අස්ගිරි මහා විහාර පිරිවෙනේ පරිවෙනාචාර්ය රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති මහරැඹෑවැවේ පාලිත හිමියන්ගේ ධර්ම දේශනාවක් පැවැත්වේ.

විහාරාධිපතිව වැඩ සිටි අපවත් වී වදාළ ඇටන්වල සෝමරතනාභිධාන නාහිමියන් වහන්සේට, පරලෝසැපත් දායක කාරකාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා 50 නමකට අධික මහ සංඝ රත්නය උදෙසා සපරිෂ්කර සංඝගත දක්ෂිණාවක් පවත්වනු ලැබේ.


දාමිත්ගමුව සුසිලාවාස ආරාමය

දාමිත්ගමුව, මිල්ලනිය, සුසිලාවාස ආරාමයේ වාර්ෂිකව සිදුකරන කඨින පින්කම මේ මස 31 සහ නොවැම්බර් 01 සිදුකිරීමට ආරාමාධිපතිනී පාදුක්කේ සුමිත්‍රා මෙහෙණින් වහන්සේගේ අනුශාසනා පරිදි කැටගොඩ සහ පනාපේ ප්‍රධාන දායක පවුල් දෙකක මූලිකත්වයෙන් සංවිධානය කොට ඇත.


ගුරුදෙණිය සුවිසුද්ධාරාමය

ගුරුදෙණිය සුවිසුද්ධාරාමාධිපති ගල්කැටිවල නන්දරතන හිමිගේ ප්‍රධානත්වයෙන් කඨින පින්කම මේ මස 31, නොවැම්බර් 01 දිනයන්හි පැවැත්වේ. 31 වෙනිදා සවස සෙත් පිරිතකි. පළමුවෙනිදා මහ සංඝරත්නය හතළිස්නමක් විෂයෙහි පිරිනමනු ලබන සපිරිකර සංඝගත දක්ෂිණාවකි.


අඹතැන්න සුභද්‍රාරාමය

අඹතැන්න හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහජන විහාර කඨින පින්කම නොවැම්බර් 1, 2 දිනයන්හි විහාරාධිපති අධිකරණ සංඝනායක පිරිවෙන්පති බටුගොඩ සංකිච්චායන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ. කේ. බණ්ඩාරනායක


කතරගම කිරිවෙහෙර රජමහ විහාරය

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජා පින්කම මේ මස 30 හා 31 යන දිනයන්හි පැවැත්වීමට කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රාචාර්ය කොබවක ධම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.

30 දින කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ ධර්ම ශාලාව සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවද එදින රාත්‍රී කඨින චීවරය රැගත් කඨින පෙරහර ගම්මානවල ගමන්කර අලුයම විහාරස්ථානයට පැමිණේ. විහාරස්ථානයේදී කඨිනානිසංස ධර්ම දේශනාව කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරි තලගල ඤාණින්ද හිමියන් විසින් පවත්වනු ලැබේ. දහවල් ශතාධික මහා සංඝරත්නය වෙනුවෙන් අටපිරිකර සමඟ මහාදානය පිළිගැන්වීමෙන් පින්කම් කටයුතු අවසන් වෙයි.


කොබවක ශී‍්‍ර සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාමයේ වාර්ෂිකව පවත්වනු ලබන කඨින පින්කම් මාලාව නොවැම්බර් මස 01-02 දෙදින පැවැත්වීමට කටයුතු යොදා ඇත. කොබවක ශ්‍රී සුමනාරාම විහාරාධිපති හා ප්‍රවාහන අමාත්‍යාංශයේ මගී සංගම් උපදේශක දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි 01 වැනි දින රාත්‍රී කොබවක, උඩුමුල්ලේ පදිංචි මල්ලිකා ජයසිංහ මහත්මියගේ නිවසින් පෙරහර ගමන් ආරම්භකර කොබවක ශ්‍රී සුමනාරාමයට පැමිණීමට නියමිතය.02 වැනි දා දවල් කඨින වස්ත්‍රය සඟ සතුකොට පූජා කිරීම හා මහා සංඝරත්නය උදෙසා සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්වේ.


තිස්මඩ ශ්‍රී ධර්ම විජයාරාමය

යටිනුවර – තිස්මඩ ශ්‍රී ධර්ම විජයාරාමයේ කඨින පූජෝත්සවය, විහාරාධිපති තිස්මඩ මහින්ද මා හිමියන්ගේ අනුශාසනා පරිදි නොවැම්බර් 5,6 දෙදින පුරා විශේෂ පින්කම් මාලාවක් පැවැත්වේ.

නොවැම්බර් 05 දා පසුදාට පහන්වනතුරු සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවකි. 06 දා අලුයම නෙල්ලිගහවත්ත මහත්මියගේ නිවසේ සිට පිටත්වන කඨින පෙරහර විහාරස්ථානයට පැමිණේ. කඨින චීවර පූජාවද දවල් මහා සංඝගත දක්ෂිණාවද පැවැත්වේ.


මහව ශ්‍රී බෝධිමළු නිකේතනය

මහව හොරපේතුඩුවේ ශ්‍රී බෝධිමළු ධර්ම නිකේතනයේ කඨින පින්කම මේ මස 31 වැනිදා පැවැත්වීම විහාරාධිපති මහව සීලකන්ධ හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ. තුඩුවේගෙදර චන්ද්‍රසිරි මහතාගේ හා පවුලේ සැමගේ දායකත්වයෙන් කඨින පෙරහර ආරම්භ වි පළමුවැනිදා විහාරස්ථානයට පැමිණ කඨින චීවර පූජාව සිදුකෙරේ. එදින හීල දානය හා දවල් දානය මහ සංඝ රත්නය වෙත පූජා කරනු ලබන අතර රාත්‍රි 7 ට කඨිනානිසංස ධර්ම දේශනාව දෙකටන චන්ද්‍රසිරි හිමියන් පවත්වනු ලැබේ.


රදාවඩුන්න චිත්ත විවේකාශ්‍රමය

රදාවඩුන්න, ඉඹුලකන්ද, චිත්ත විවේකාශ්‍රමයේ කඨින පින්කම හා අභිනවයෙන් ඉදිකළ චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පින්කම නොවැම්බර් 1 හා 2 දිනවල සිදු කෙරේ. නොවැම්බර් 01 දින සවස 6 ට බෝධි පූජාමය පින්කමකින් ආරම්භව මෙම පින්කම් මාලාවේ රාත්‍රී 7 ට රුවන්ගිරිය ආරඤ්ඤ සේනාසනාධිපති බුත්තල බුද්ධදත්ත හිමි විසින් පවත්වන ධර්ම දේශනාවද, රාත්‍රී 9.00 සිට පසුදා පහන්වනතුරු පවත්වන පරිත්‍රාන ධර්ම දේශනාව ද, 2 වැනිදා පාන්දර 3 ට කඨින පෙරහරද පත්වන අතර එදින උදෑසන 6 ට කඨින චීවර පූජාව හා මහා සංඝරත්නයට දන් පූජාවද සිදු කෙරේ.


වත්තල ගංගාතිලක විහාරය

වත්තල හේකිත්ත ගංගාතිලක පුරාණ විහාරස්ථානයේ කඨින චීවර පුණ්‍යෙීත්සවය සරුබිම සීවලී හිමියන්ගේ අනුශාසකත්වයෙන් ඉකුත් දා පැවැත්විණ. මෙවර පින්කමෙහි ප්‍රධාන දායකත්වය ඉසිලූ ලස්ල කිතුලපේ පල්ලියවත්තේ මහතාගේ නිවෙසින් පිටත්ව පෙරහරින් වත්තල – මට්ටක්කුලිය ප්‍රදේශ ඔස්සේ විහාරස්ථානයට වැඩමවන ලද කඨින වස්ත්‍රය එහිදී මහා සංඝරත්නයට පූජා කැරිණි, කඨින පින්කම් මාලාවට සමගාමීව සුනිල් විජේතුංග , සංඛ දිසානායක, ඩී.අංජන පෙරේරා, එන්.වී.ටී. ශාන්ත යන පින්වතුන් විසින් චෛත්‍ය ද්වාරයන්හි අභිනවයෙන් තනවන ලද බුදු කුටි හතරක්, දුමින්ද ඩයස් මහතා විසින් ටයිල් අතුරවන ලද ප්‍රධාන බුද්ධ මන්දිරයේ ගෙබිමත් සැදැහැවතුන්ගේ වන්දනාමානය උදෙසා සසුනට පූජා කිරීමද එහිදී සිදු විය. මෙම විහාරස්ථානය ආගමික සුහදත්වයේ තෝතැන්නක් වන අතර, මෙම කඨින පින්කමෙහි ප්‍රධාන දායක මහතාද අන්‍ය ලබ්ධිකයෙකු වීමද විශේෂ සිද්ධියකි.


ඒදඩුවාව පුරාණ විහාරය

ඒදඩුවාව පුරාණ විහාරයේ කඨින පින්කම මේ මස 31 හා නොවැම්බර් 01 දිනයන්හි විහාරාධිපති රාජකීය පණ්ඩිත මාතලේ අරියධම්ම හිමි ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.


දොම්පෙ භාවනා අසපුව

දොම්පේ පාළුගම, භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිකළ භාවනා කුටි පනහ හා ගොඩනැගිල්ල විවෘතකිරීමත් එයට සමගාමීව කඨින පින්කම පැවැත්වීමටත් කටයුතු යොදා ඇති බව මුංහේනේ මෙත්තාරාම හිමියෝ දන්වා සිටිති.

නොවැම්බර් 02 වැනිදා සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනාව හා 3 වැනිදා දවල් සඟසතු දානය පූජාකිරීම සිදුවේ. කඨින පින්කමේ මූලික දායකත්වය කඩවත පදිංචි ඒ.ජී. රණවක මහතා හා එම මහත්මියගේ අනුග්‍රහයෙනි.


හාරිස්පත්තුව පුරාණ විහාරය

හාරිස්පත්තුව බෝතොට පුරාණ විහාරයේ කඨික පින්කම විහාරාධිපති මල්වතු මහා විහාර කාරක මහා සංඝ සභාවේ කාරක සභික බෙන්තර රේවත නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.


අලව්ව සුධර්මාරාම විහාරය

අලව්ව මාබෝපිටිය ශ්‍රී සුධර්මාරාම බෝධිඝර විහාරස්ථානයේ කඨින පින්කම නොවැම්බර් 1 දා පැවැත්වේ.

විහාරාධිපති තෙලිකඩ ධම්මිස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි දායක සභාව මේ පින්කම පවත්වයි.


තෙලවල – විජයරූපාරාම ධර්මායතනය

මොරටුව – කටුබැද්ද, තෙලවල විජයරූපාරාම ධර්මායතනයේ කඨින පින්කම ඔක්තෝබර් 25 වෙනි දින සිට නොවැම්බර් 01 හා 02 වැනිදා දින දක්වා ධර්මයතනාධිපති කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් මහරගම පදිංචි සඳුන් රත්නවර්ධන මහතා හා කුමාරි සිගේරා මහත්මියගේ ප්‍රධාන දායකත්වයෙන් පැවැත්වේ.

නොවැම්බර් 02 වැනිදා කඨින පෙරහර ගමන් කරන අතර එදින දවල් සඟරුවන විෂයෙහි චීවර පූජාව හා දක්ෂිණාවද රාතී‍්‍ර 7 ට රාජකීය පණ්ඩිත හකුරුවෙල සිරිධම්ම හිමියන් විසින් කඨිනානිශංස ධර්ම දේශනාව පවත්වයි.


පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් විහාරස්ථානයේ කඨින පුණ්‍යෙීත්සවය ඔක්තෝබර් මස 31 වනදා හා නොවැම්බර් 1වනදා පැවැත්වේ. 31 වනදා රාතී‍්‍ර පරිත්‍රාණ ධර්මදේශනාව ද රාත්‍රී කඨින මහා පෙරහර නුවර පාර, බුළුගහ හන්දිය අංක 616/3, දරණ ඇඩ්ලින් පතිරණ හා ශාන්ති පතිරණ මහත්ම මහත්මීන්ගේ නිවසට සැපත් ව කඨින චීවරය පිළිගෙන නුවර පාර තොරණ හන්දිය ඔස්සේ සෙනසුරාදා අලුයම විද්‍යාලංකාර පිරිවෙනට සැපත්වේ. සෙනසුරාදා උදේ 6.30ට කඨින චීවරය සඟසතු කොට පූජා කෙරෙන අතර වස්සාවාසික චීවර පූජාව ද පැවැත්වේ. සෙනසුරාදා උදේ 7.30ට මහා සංඝරත්නය විෂයෙහි සඟසතු මහා දානය පිරිනැමේ. විද්‍යාලංකාර පරිවේණාධිපති කොළම හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක කැලණිය විශ්ව විද්‍යාලයේ කුසලධම්ම නා හිමියන්ගේ හා විද්‍යාලංකාර ධර්ම විද්‍යාලයාධිපති සබරගමු විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියන්ගේ අනුශාසනා පරිදි විද්‍යාලංකාර උපාසක උපාසිකා සමිතිය මෙම පින්කම් සංවිධානය කරයි.


නින්දවෙල ශ්‍රී ධම්මාරාමය

කුලියාපිටිය, නින්දවෙල ශ්‍රී ධම්මාරාමයේ කඨින පින්කම හා අභිනව භාවනා මන්දිරය විවෘත කිරීම නොවැම්බර් මස 04 හා 05 දිනවලදී සිදුකෙරේ.

 

  ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය ඔක්තෝබර් 30 වැනිදා අපරභාග 09.18 ට ලබයි. 31 වැනිදා සිකුරාදා අපරභාග 07.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 31 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06

Second Quarterඅව අටවක

නොවැම්බර් 14

Full Moonඅමාවක

නොවැම්බර් 22


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]