UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සාහිත්‍ය උළෙලින් ජය ලද්දෝ

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සාහිත්‍ය උළෙලින් ජය ලද්දෝ


සමස්ත ලංකා ගද්‍ය පද්‍ය ගායනා තරගයේ කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය ලබා ගත් සී.බී. තරිඳු දිල්ශාන් රත්නායක
 

සමස්ත ලංකා ගද්‍ය, පද්‍ය ගායනා තරගයේ ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය ලබාගත් ආර්.එම්. කේ.ජී. එම්.ජේ. කුඹුක්ගහදෙණිය

සමස්ත ලංකා කථික තරගයේ කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය ලබාගත් එල්. තමාෂා ඉසුරි ලියනගේ

සමස්ත ලංකා කථික තරගයේ ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය ලබාගත් ආර්. නිසල් සංකල්ප

කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් දීප ව්‍යාප්ත පාසල් /දහම් පාසල් දරු දැරියන් වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන ගද්‍ය, පද්‍ය, ගායනා , රචනා තරග වලට අමතරව ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 150 වන ජන්ම ශත සංවත්සරය 2014 වර්ෂයට යෙදීම නිමිත්තෙන් පැවැත්වූ කථික තරගය,බෞද්ධ චිත්‍ර ප්‍ර‍්‍රදර්ශනය සහ බෞද්ධ කෙටි නාට්‍ය තරගාවලියේ අවසාන ජයග්‍රාහකයන් තේරීම සහ ත්‍යාග ප්‍රදානෝත්සවය වෙනුවෙන් 2014 සැප්තැම්බර් මස 26,27 සහ 28 යන දිනයන්හි “සාහිත්‍ය උළෙලක් “ පවත්වන ලදී.

බොරැල්ලේ පිහිටි කොළඹ තරුණ බෞද්ධ සංගම් මූලස්ථානයේ ප්‍රධාන ශාලාවේදී එම උත්සව පවත්වන ලදී.

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති සුරේන් අභයගුණසේකර මහතාගේ මඟ පෙන්වීම යටතේ දියත් කරනු ලැබු එම උළෙල සංගමයේ සිංහල සාහිත්‍ය කමිටු ලේකම් සුනිල් සිරිසේන හා සංගමයේ උප සභාපති කුසුමබන්දු සමරවික්‍රම යන මහත්වරුන් ඇතුළු කමිටු සාමාජිකත්වයේ කැපවීම තුළින් ඉතා සාර්ථකව අවසන් කිරීමට හැකිවිය.

ගද්‍ය,පද්‍ය,රචනා, කථික හා චිත්‍ර තරග ජයග්‍රාහකයන්ගේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨාධිපති මහාචාර්ය එච්.එම්. ඩී.ආර් හේරත් මහතාය.

කෙටි නාට්‍ය තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාය.

තෙදිනක් පුරා පැවැත්වූ එම උළෙලේ විශේෂ අංගයක් වූයේ බෞද්ධ ජාතක කථා තේමා කරගෙන පැවැත්වූ චිත්‍ර තරගයේදී සංගමයට ඉදිරිපත් වු චිත්‍ර 3000 ක් අතුරින් අවසන් වටයට තෝරාගත් චිත්‍ර 100 කින් ප්‍රදර්ශනය තැබීමත් පාසැල් සිසුන් හා නාට්‍ය විෂයය කෙරේ උනන්දුවක් දක්වන අය සඳහා එක්දින වැඩමුළුවක් සංවිධානය කිරීමත්ය.

අවසාන වටයට තේරුණු නාට්‍ය 6 අතරින් පළමුවන ස්ථානය දිනාගත් පානදුර පුණ්‍යෙීදය දහම් පාසල ඉදිරිපත් කළ “දඬුවම නාට්‍යයද දෙවන ස්ථානය, කොළඹ 10, ආනන්ද බාලිකා විද්‍යාලය, ඉදිරිපත් කළ “වස්ත්‍ර” නාට්‍යයද තෙවන ස්ථානය කොළඹ 07, මියුසියස් විද්‍යාලය ඉදිරිපත් කළ “මිරිඟු දිය” නාට්‍යයට ද හිමිවිය.

මෙම සියලු තරගයන් සඳහා රට පුරා පිහිටි පාසල් හා දහම් පාසල් වලින් තරගකරුවන් 10,000 කට අධික පිරිසක් සහභාගි වූහ. මෙහි සෑම තරගයකම ජයග්‍රාහක ජයග්‍රාහකයින්ට සහතික පත් සහ වටිනා ත්‍යාග පිරිනමන ලදී.

මෙම තරගාවලියේ ප්‍රථම ස්ථාන දිනාගත් ජයග්‍රාහකයින්ගේ නාම ලේඛනය

සමස්ත ලංකා ගද්‍ය පද්‍ය ගායනා කනිෂ්ඨ අංශයයේ ප්‍රථම ස්ථානය

ඩී.බී. තරිඳු දිල්ශාන් රත්නායක
ශ්‍රී ධම්මජෝති දහම් පාසල
පුරාණ රජමහා විහාරය,
නල්ලච්චිය

ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය

ආර්.එම්.කේ. ජී.එම්. ජේ. කුඹුක්ගහදෙණිය
ශ්‍රී මහා මහේන්ද්‍ර දහම් පාසල
ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන,
හූරීකඩුව, මැණික්හින්න

සමස්ත ලංකා කථික තරගය කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය

එල්.තමාෂා ඉසුරි ලියනගේ
ශ්‍රී විමලාරාම නන්දාලෝක දහම් පාසල,
තලාවිටිය,
පරකඩුව

ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය

ආර්. නිසල්, සංකල්ප
ශ්‍රී සුදර්ශනාරාම දහම් පාසල
ශ්‍රී සුදර්ශනාරාමය,රණහිංකන්ද
දැරණියගල

සමස්ත ලංකා ගද්‍ය රචනා කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය

එස්.ඩී.ඩී. මදුෂානි හේමසිංහ
ශ්‍රී සුමනතිස්ස දහම් පාසල,
විපුලඤාණ මාවත
ඇහැලියගොඩ

ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථාන

කේ.ජී.ආර්. අයි. රාජපක්ෂ
ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය
ඉබ්බාගමුව

සමස්ත ලංකා පද්‍ය රචනා ප්‍රථම ස්ථානය

එම්.ජී.කේ.එච්. අමරසිංහ
ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය
ඉබ්බාගමුව

සමස්ත ලංකා ගද්‍ය රචනා ගුරුභවතුන් ප්‍රථම ස්ථානය

අනෝමා සමරසේකර,
විපස්සනා භාවනා මධ්‍යස්ථානය
විදර්ශනා මාවත, ගලවිලවත්ත,
හෝමාගම

සමස්ත ලංකා චිත්‍ර තරගය කනිෂ්ඨ අංශයෙන් ප්‍රථම ස්ථානය

උදාර ඉන්දීවර සේනාධිපති
ශ්‍රී සුමංගල දහම් පාසල
කහඳවැලිපොත
හිඳගොල්ල

ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථාන

ඩබ්.පී.එස්. චාමිකා ධර්මරත්න
ශුද්ධවූ පවුලේ බාලිකා විද්‍යාලය
කුරුණෑගල

 

  ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය ඔක්තෝබර් 30 වැනිදා අපරභාග 09.18 ට ලබයි. 31 වැනිදා සිකුරාදා අපරභාග 07.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 31 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06

Second Quarterඅව අටවක

නොවැම්බර් 14

Full Moonඅමාවක

නොවැම්බර් 22


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]