UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අ.පො.ස. (සා. පෙළ) විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014 බුද්ධ ධර්මය -1 අභ්‍යාසය - 03

අ.පො.ස. (සා. පෙළ) විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014

බුද්ධ ධර්මය -1 අභ්‍යාසය - 03

වඩාත් නිවැරැදි පිළිතුර තෝරා ලකුණු කරන්න

01. “අසවලා මට බැන්නේය. මා පරාජය කළේය” මේ අදහස ඇති ධම්ම පද ගාථාව වන්නේ ,

(1) නහිවේරේන වේරානි (2) අසාරේ සාර මතිනෝ (3) අක්කොච්ජිමං අවධිමං (4) චරං චේ නාධිගච්ජ්‍යෙ

02. භවනී ඒ භවත් ගෞතමයාණන් අප දකින්නට ඒම නොව අප එතුමා දැකීමට යාම සුදුසුයැයි ප්‍රකාශ කළේ.

(1) චංකී බ්‍රාහ්මණයාය (2) උපාලි ගෘහපතියාය (3) සකුලුදායි පිරිවැජියාය (4) සෝණදණ්ඩ බ්‍රාහ්මණයාය

(03) පුද්ගල සන්තානගත ක්‍රෝධ සහ වෛර සිතිවිලි පාලනය කරගත හැක්කේ,

(1) ක්ෂාන්ති පාරමිතාවෙනි (2) අධිෂ්ඨාන පාරමිතාවෙනි (3) වීරිය පාරමිතාවෙනි (4) උපේක්ෂා පාරමිතාවෙනි

(04) පද්මාකාර ජීවිතය නමින් හඳුන්වනු ලබන්නේ,

(1) සමාජයේ වැරැදි දකිමින් නිහඬව සිටීමය. (2) වැරැදි බහුල සමාජයක නිවැරැදිව ජීවත් වීමය

(3) වැරැදි කරන්නන්ට අනුබල දීමය (4) නිවැරැදි සමාජයේ නිවැරැදිව ජීවත්වීමයි

05.ප්‍රඥා භාවනාව යනුවෙන් හඳුන්වන්නේ,

(1) සමථ භාවනාවයි (2) පිළිකුල් භාවනාවයි (3) විපස්සනා භාවනාවයි (4) මෛත්‍රී භාවනාවයි

06.කායික හා මානසික උදාසීන බව පහළ වන්නේ,

(1) කාමච්ඡන්දයෙනි (2) ව්‍යාපාදයෙනි (3) විචිකිච්ඡාවෙනි (4) ථීනමිද්ධයෙනි

(07) පහත සඳහන් ගාථාවේ හිස්තැනට ගැළපෙන ගාථා පාඨය වන්නේ,

යො පටිච්ච සමුප්පාදං පස්සති – සො ධම්මං පස්සති යෝ ධම්මං පස්සති

(1) සො පටිච්ච සමුප්පාදං පස්සති (2) සො මංපස්සති (3) යො මං පස්සති (4) සෝ මං පටිච්ච සමුප්පාදං පස්සති

(08) අපට ඇතිවෙන ගැටලු විග්‍රහයේදී මෙන්ම විසඳීමේදී ආදර්ශ කොටගත හැකි වඩාත් ගැළපෙන ධර්මයකි.

(1) ආර්ය අෂ්ඨාංගික මාර්ගය (2) පටිච්ච සමුප්පාදය (3) ත්‍රිලක්ෂණය (4) කර්මය

09.බෞද්ධයාගේ ගේහසික ශීලය රැකීමෙන් තහවුරු වන මානව අයිතිවාසිකම් සංඛ්‍යාව වන්නේ,

(1) පහකි (2) දහයකි (3) අටකි (4) සතරකි

10.සාරධර්ම සංවර්ධනයකින් තොරව කා බී ජීවත්වීම උතුම් යැයි සිතන මිනිසුන් ගැන කවි ඇතුළත් ලෝවැඩ සඟරාව ලියන ලද්දේ,

(1) ශ්‍රී රාහුල හිමියෝය (2) වෑත්තෑවේ හිමියන්ය (3) වීදාගම හිමියන්ය (4) වනරතන හිමියන්ය

11.සිඟාල ගෘහපති පුත්‍රයාට දේශනා කළ සදිසා නමස්කාරයෙහි දකුණූ දිශාව නියෝජනය කරන ගුරුවරුන්ට සිසුන් විසින් ඉටුකරනු ලැබිය යුතු යුතුකම් වලට අයත් නොවන කරුණක් වන්නේ,

(1) ගරු කිරීමයි (2) මනාව ශිල්ප ඉගැන්වීමයි (3) උවටැන් කිරීමයි (4) වතාවත් කිරීමයි

12.පැරැණි ශ්‍රී ලාංකික ගොවි ජනතාව ශ්‍රී මහ බෝ සමිඳුට කළ විශේෂ පූජාවකි

(1) පිච්ච මල් පූජාව (2) සුවඳ පැන් පුජාව (3) අග්‍රශෂ්‍ය පූජාව (4) බෝධි පූජාව

13.සමාජය දැළක් සේ බැඳී පවත්නා බව ප්‍රකාශ වන සූත්‍රයයකි

(1) මංගල සූත්‍රය (2) සිඟාලෝවාද සූත්‍රය (3) පරාභව සූත්‍රය (4) ව්‍යග්ගපජ්ඣ සූත්‍රය

14.මිහින්තල, පර්වතය අසල කරන ලද ගිරිභණ්ඩ පූජාව ලෙස හඳුන්වන්නේ,

(1) කිරිපිඬු පූජාවයි (2) අග්‍රශෂ්‍ය පූජාවයි (3) විවිධ පූජා වස්තු පුජාවයි (4) ආලෝක පුජාවයි

15. කිත්සිරිමෙවන් රජු දවස මෙරටට වැඩම කරවනලද ඓතිහාසික වස්තුවකි

(1) පාත්‍රා ධාතුන් වහන්සේ (2) ශ්‍රී මහා බෝධින් වහන්සේ (3) පිරුවානා පොත් වහන්සේ (4) දන්ත ධාතුන් වහන්සේ

16.සංසාර සාගරයෙන් එතරට යෑම සඳහා උපකාර වන ධර්ම කරුණු ගණන,

(1) අටයි (2) දොළහයි (3) දහයයි (4) විසිහතරයි

17.බෝසතාණන් වහන්සේ තම ජීවිතයම පරිත්‍යාග කිරීම

(1) පාරමිතාව නම් වේ (2) දාන පාරමිතාව නම් වේ (3) දාන උප පාරමිතාව නම් වේ (4) දාන පරමත්ත පාරමිතාව නම් වේ

18.ඕනෑම ක්‍රියාවක නිරතවීමේදී ඇතිකරගත යුතු වීර්ය හඳුන්වනු ලබන්නේ,

(1) වායෝ ධාතුව ලෙසයි (2) පරක්කම ධාතුව ලෙසයි (3) ආරම්භක ධාතුව ලෙසයි (4) නික්ඛම ධාතුව ලෙසයි

19.බෝසතාණන් වහන්සේ අධිෂ්ඨාන පාරමිතාව පිරූ ආකාරය ප්‍රකට වන ජාතක කථාවකි .

(1) තේමීය ජාතකය (2) මඝමානවක ජාතකය (3) වණ්ණුපථ ජාතකය (4) ලෝමහංස ජාතකය

20.ධනෝපායන ක්‍රියාවලියේදී බුදු දහමට අනුව නොකළ යුතු වෙළෙඳාමක් අතරට අයත් නොවන්නේ,

(1) සත්ත්ව වෙළෙඳාමය (2) මස් වෙළෙඳාමය (3) මල් වෙලෙඳාමය (4) මත්ද්‍රව්‍ය වෙළෙඳාමය

පිළිතුරු

01.(3) අක්කොච්ඡිමං අවධිමං

02.(4) සෝණදණ්ඩ

බ්‍රාහ්මණයාය

0 3.(1) ක්ෂාන්ති පාරමිතාවෙනි

04.(02) වැරැදි බහුල සමාජයක නිවැරදිව ජීවත් වීමය

05. (3) විපස්සනා භාවනාවයි

06. (4) ථීනමිද්ධයෙනි

07.(1) සො පටිච්ච සමුප්පාදං පස්සති

08.(2) පටිච්ච සමුප්පාදය

09.(1) පහකි

10.(3) වීදාගම හිමියන්ය

11. (2) මනාව ශිල්ප ඉගැන්වීමයි

12.(3) අග්‍රශෂ්‍ය පූජාව

13. (2) සිඟාලෝවාද සූත්‍රය

14.(3) විවිධ පූජා වස්තු පුජාවයි

15.(4) දන්ත ධාතුන් වහන්සේ

16. (2) දොළහයි

17. (4) දාන පරමත්ත පාරමිතාවයි

18.(2) පරක්කම ධාතුව ලෙසයි

19.(1) තේමීය ජාතකය

20.(3) මල් වෙළෙඳාම

 

 

  ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය ඔක්තෝබර් 30 වැනිදා අපරභාග 09.18 ට ලබයි. 31 වැනිදා සිකුරාදා අපරභාග 07.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 31 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06

Second Quarterඅව අටවක

නොවැම්බර් 14

Full Moonඅමාවක

නොවැම්බර් 22


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]