UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තලගල ගිරිභණ්ඩ පූජාවෙන් මොනරාගල දිසාවේ විහාරස්ථාන 200කට මෙවර පූජා භාණ්ඩ

2003 වසරේදී තන්තිරිමලේ (මහවිලච්චිය) විහාරස්ථාන 25කට ද 2006 වසරේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 80ක ද 2008 වසරේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල වැලිකන්ද , සිරිපුර විහාරස්ථාන 110ක ද 2010 වසරේදී අම්පාර දිසාවේ විහාරස්ථාන 180ක ද 2012 වසරේදී බදුල්ල දිස්ත්‍රික්කයේ රිදි මාලියද්ද , මීගහවෙල , කන්දකැටිය,ලුණුගල , හල්දුම්මුල්ල ආදි විහාරස්ථාන රැසකට ‘ගිරි භණ්ඩ ලබා දීම සිදුවිය.

ඉතිරිය»

භික්ෂුණී සමාජය ආරම්භ වූ බිනර පොහොය

මහා ප්‍රජාපතී ගෝතමිය ආනන්ද හිමියන්ට කරුණු පවසා උන්වහන්සේගේ මාර්ගයෙන් කාන්තාවන්ට බුදුසසුන තුළ පැවිද්ද ලබාදෙන ලෙස ඉල්ලා සිටියාය. ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් සියලු තොරතුරු සැල කළහ. එහිදී ද බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම තෙවරක්ම ප්‍රතික්ෂේප කළහ. එහෙත් ආනන්ද හිමියන්ගේ බලවත් උනන්දුව මත මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රමුඛ කාන්තා පිරිසට බුදු සසුනේ පැවිදිවීමට භාග්‍යය උදා වුණි. තවද මහා ප්‍රජාපතී ගෝතමිය අෂ්ට ගරු ධර්ම පිළිගනී නම් එයම එතුමිය ගේ පැවිද්ද හා උපසම්පදාව පිහිටීමට හේතුවන බවද බුදුරදුන් ආනන්ද හිමියන්ට වදාළ සේක.

ඉතිරිය»

ධර්ම දේශනාව:

තමා විසින්ම අවබෝධ කරගත යුතු වන්නේය

සකල සතවෙත සුපතළ කරුණා දයාවෙන් උතුම් සඳහම් දෙසූ අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අද වැනි බිනර පුර පසළොස්වක් පෝදිනක. මහා ප්‍රජාපතීගෝතමී ප්‍රධානව පන්සියයක් කාන්තාවන්ට සම්බුද්ධ ශාසනයේ පැවිදි වන්නට අවසර ලබාදෙමින් භික්ෂූණී ශාසනය පිහිටුවා වදාළ සේක.

ඉතිරිය»

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 4

සිදුහත් උපත සිදුවූ බුද්ධභූමි වන්දනාවේ සිව්වන කොටසයි මේ. ඉකුත් බිනර පුර අටවක පෝදා (සැප්තැම්බර් 02) පත්‍රයේ ලුම්බිණි පුදබිම සහ වැදගත් ස්ථාන කීපයක් අපි වන්දනා කළෙමු. කොටස් වශයෙන් පළවන මෙම බුද්ධ භූමි වන්දනාවේදී අසිරිමත් බෝසත් සිරිත සිහියට නගා ගනිමු.

ඉතිරිය»

මහා කාරුණික බුදුරජාණන් වහන්සේ

අප සියලු දෙනාම ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනකට වැටුණු උදවියයි. අප කලින් කොහේ හරි ලෝකෙක ඉපදිලා ඒ ජීවිතයෙන් චුත වුණා. ඉන්පස්සේ අප මේ මනුෂ්‍ය ලෝකයට ආවා. කවදාහරි දවසක අප මරණයට පත්වෙලා තව කොහේ හරි ලෝකයක කර්මානුරූපව උපදීවි. මෙහි පටන් ගත් කෙළවරක් හෝ අවසානයෙක් හෝ නො පෙනෙන බවයි බුදුරජාණන් වහන්සේ වදාළේ. එය සියලු සත්ත්වයන්ට පොදු දෙයක්. මේ සංසාර ගමනේදී අපට හැමදාම මේ මනුෂ්‍ය ලෝකෙම උපදින්න ලැබෙන්නේ නැහැ. එක ආත්මයක නිරයේ, තව ආත්මයක පේ‍්‍රත ලෝකයේ, තව ආත්මක තිරිසන් සතුන් අතර, තව ආත්මයක දෙවියන් වෙලා උපදින්නටත් සිදු වෙනවා. අපේ උපත තීරණය කරන්නේ අප රැස්කළ කර්මය විසින්.

ඉතිරිය»

 

මෙහෙණ සසුන් දොර මෙසේ විවර විය  සිතුවම - සරත් නන්ද කුමාර

 

 බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 08 වැනිදා සඳුදා පූර්වභාග 05.04 ට ලබයි. 09 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 07.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 08 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 16 වැනිදා අඟහරුවාදා  ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16

Full Moonඅමාවක

සැප්තැම්බර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]