UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්මාචාර්ය විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014 බෞද්ධ සමාජ දර්ශනය - අභ්‍යාසය - 6

ධර්මාචාර්ය විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014

බෞද්ධ සමාජ දර්ශනය - අභ්‍යාසය - 6

1. (අ) පරිභෝජනය, ආයෝජනය හා ඉතිරි කිරීම සඳහා ධනය කොටස් කළ යුතු ආකාරය දැක්වෙන පාලි ගාථාව ලියන්න.

(ආ) සිගාලෝවාද සූත්‍රයට අනුව නැගෙනහිර දිසාවෙන් නියෝජනය වන්නේ කවුරුන්ද?

2. (අ) ත්‍රිවිධ මානය නම් කරන්න.

(ආ) “යුද වැදීම සඳහා ත්‍රිවිධ මානය පදනම් වෙයි” යුදයට තුඩු දෙන අනෙක් මානසික සාධක දෙක නම් කරන්න.

3. (අ) ක්‍ෂත්‍රිය කුමාරවරුන් පැවිදි කිරීමේදී කරණවැමියාට ජ්‍යෙෂ්ඨත්වය ලබා දීමෙන් බුදුරජාණන් වහන්සේ අපේක්‍ෂා කළේ කුමක්ද?

(ආ) වර්ණ භේදයට එරෙහිව බුදුරජාණන් වහන්සේ තම ශාසනයෙහි ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති දෙකක් නම් කරන්න.

4. (අ) සක්විති රජුගේ සප්තරත්නයන් අතුරෙන් දෙකක් ලියන්න.

(ආ) මේ රත්න අතුරෙන් ජනතාව නියෝජනය වන්නේ කවර රත්නයකින්ද?

5. (අ) සක්විති රජකු විසින් අන් රජුන්ට කරන අනුශාසනාවේ ඇතුළත් මූලික කරුණු හතරක් නම් කරන්න.

(ආ) එම කරුණු අතුරෙන් රජු දරුවන්ගේ ස්වාධිපත්‍යය ආරක්‍ෂා වන්නේ කවර කරුණකින්ද?

6. (අ) බෝසතාණන් වහන්සේ අඛණ්ඩව ආරක්‍ෂා කළ සීලය කුමක්ද?

(ආ) එම සීලය රැකීමෙන් සුරැකෙන මානව අයිති නම් කරන්න.

7. (අ) ගුරුවරයා විසින් ශිෂ්‍යයකු වෙත දැක්විය යුතු සත්කාර පහක් සිගාලෝවද සූත්‍රයෙහි දැක්වේ. එයින් දෙකක් නම් කරන්න.

(ආ) ගුරුවරයකු වෙත නමස්කාර කරන ශිෂ්‍යයකු විසින් ඉටු කරන කාර්යය පහක් සිගාලෝවාද සූත්‍රයෙහි දැක්වේ. ඉන් එකක් ලියන්න.

8. (අ) පංච නියාම ධර්මයන්ගෙන් හතරක් නම් කරන්න.

(ආ) ගංගා නිරන්තරයෙන්ම පහළට ගලා බසී. මෙයින් පැහැදිලි වන්නේ කවර නියාම ධර්මයක්ද?

9. (අ) සාර්ථක රාජාණ්ඩුවක් පවත්වා ගැනීම සඳහා යෝග්‍ය රජකුගේ පෞරුෂ සංවර්ධනයට උපකාරී වන කරුණු දහයක් බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වේ. එයින් කරුණු හතරක් නම් කරන්න.

(ආ) සප්ත අපරිහාණීය ධර්ම අතුරෙන් ආගමික සුරක්‍ෂිතතාව ඇති කිරීමට හේතු වන කරුණු දෙක දක්වන්න.

10. (ආ) ”ධාර්මිකව තම අඹු දරුවන් පෝෂණය කරන්නා හට ශක්‍ර දේවේන්ද්‍රයා පවා නමස්කාර කරන බව“ පැවසෙන ගාථාව ලියා දක්වන්න. (ආ) පරිසරය පිළිබඳ බෞද්ධ චින්තනයේ දාර්ශනික පදනම වන්නේ.................. යි. හිස්තැන් පුරවන්න.

පිළිතුරු

1. (අ) එකෙන භොගෙ භුඤ්ජෙය්‍ය - ද්වීහි කම්මං පයෝජයෙ

චතුත්ථං ච නිදාපෙය්‍ය - ආපදාසු භවිස්සති

(ආ) මවුපියෝ

2. (අ) සෙය්‍ය මානය, සදිස මානය, හීන මානය

(ආ) තණ්හාව, වෛරය හා පළිගැනීම

3. (අ) කුලමානය බිඳීම

(ආ) සියලුම කුලවල අයට බුදු සසුනෙහි පැවිදිවීමට අවසර දීම

සියලුම කුලවල දායකයන්ගෙන් ප්‍රත්‍යය පිළිගැනීම

4. (අ) චක්‍ර, හස්ති

(ආ) ගෘහපති රත්නයෙනි

5. (අ) ප්‍රාණඝාතය නොකරන්න. සොරකම් නොකරන්න, කාමමිථ්‍යාචාරයෙහි නොයෙදන්න. මුසාවාදයෙන් වළකින්න.

(ආ) රට සුපුරුදු පරිදි පාලනය කරන්න යන කරුණෙනි.

6. (අ) මුසාවාදයෙන් වැළකීමයි

(ආ) අර්ථාන්විත සන්නිවේදනයට ඇති අයිතිය/ නොරවටනු ලැබීමට ඇති අයිතිය

7. (අ) මනාව හික්මවීම, හොඳීන් ඉගැන්වීම

(ආ) උපස්ථාන කිරීම

8. (අ) බීජ නියාමය, උතුනියාමය, කම්ම නියාමය, ධම්ම නියාමය

(ආ) ධම්ම නියාමයයි

9. (අ) දානය, සීලය,පරිත්‍යාගය, සෘජුබව

(ආ) පුරාණ සිද්ධස්ථාන රැකගැනීම

ආගන්තුක පැමිණෙන ආගමික උතුමන් වෙත රැකවරණය හා පහසුකම් සැපයීම

10. (අ) යෙ ගහට්ඨා පුඤ්ඤකරා - සීලවන්තා උපාසකා

ධම්මේන දාරං පොසෙන්ති – තං නමස්නාමි මාතලි

(ආ) පටිච්චසමුප්පාද න්‍යායයි.

11 කොටස

01. 1. ආර්ද්ධ වීර්යයෙන් යුක්ත තැනැත්තාගේ එක් දිනක ජීවිතය වූවද ශ්‍රේෂ්ඨ බව පවසන ධම්මපද ගාථාව ලියන්න.

11. සාර්ථක, ආර්ථික,ජීවිතයක් සඳහා ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේදී ඉදිරිපත් කරන ලද සම්පදා හතර නම් කරන්න.

111. සමතුළිත ආර්ථිකයක් ගොඩ නගා ගැනීමට බුදු දහම ඉදිරිපත් කරන උපදේශ පරීක්ෂාවට ලක් කරන්න.

02. 1. විවාහ ජීවිත ගත කරන අඹු සැමියන් කාණ්ඩ හතරක් ඇති බව බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙයි. එම කාණ්ඩ හතර නම් කරන්න.

11. සප්ත භාර්යාවන් නම් කරන්න.

03. 1. කරණීය මෙත්ත සූත්‍රයේදී බෞද්ධයන් විසින් සුවපත් වේවා යි ප්‍රාර්ථනයට ලක් වන ජීව කොට්ඨාශ හතරක් නම් කරන්න.

11. ශිෂ්‍යයා විසින් ගුරුවරයාට ඉටු කළ යුතු යුතුකම් සිගාලෝවාද සූත්‍රය ඇසුරින් ලියන්න.

111. සිගාලෝවාද සූත්‍රයේ දැක්වෙන ධනය විනාශ වීමට මං පාදන කරුණු නම් කර ඒවා ධනය විනාශ වීමට හේතු වෙන ආකාරය පැහැදිලි කරන්න.

පිළිතුරු

1. 1. යො චෙ වස්සසතං ජීවෙ - කුසීතං හීනවීරියං
එකාහං ජීවිතං සෙය්‍යො - වීරියමාරභිතෙ දළහං

11. උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණමිත්තා, සමජීවිකතා

111. නිෂ්පාදන කටයුතුවලදී උට්ඨාන සම්පදාවත් සංරක්ෂණයේදී ආරක්ඛ සම්පදාවත් පරිභෝජනයයේදී සමජීවිකතාවත් අනුගමනය කිරිමට උපදෙස් දී තිබීම.

පරිභෝජනයේදී එකෙන භොගෙ භුඤ්ජෙය්‍ය ආදී වශයෙන් ආදායමෙන් හතරෙන් එකක් ද ආයෝජනයේදී ද්වීහි කම්මං පයෝජයේ යනුවෙන් ආදායමෙන් භාගයක් ද, සංරක්‍ෂණයේදී චතුත්ංච නිදාපෙය්‍ය ආදී වශයෙන් තැන්පත් කිරීම හතරෙන් එකක් ද යොදවන ලෙස උපදෙස් දී තිබීම

යදී කසියා යදි වණිජ්ජය යදි රාජ පොරිසෙන යදි ඉස්සත්ථෙන යදි සිප්පඤ්ඤරේන තත්ථ දක්ඛො හොති අනලසො තත්‍රෑපාය වීමංසාය සමන්නාගතො යනුවෙන් ව්‍යාපාරයක සාර්ථකත්වයට හේතුවන කරුණු පෙන්වා දිය හැකිය.

02. 1. ඡවො ඡවාය සංවසති, ඡවො දෙවතාය සංවසති, දෙවො ඡවාය සංවසති, දෙවො දෙවියා සංවසති

11. වධකසම භාර්යාව, චොරිසම භාර්යාව, අය්‍යසම භාර්යාව, මාතුසම භාර්යාව, භගිනිසම භාර්යාව, සබිසම භාර්යාව, දාසිසම භාර්යාව

111. න හි වෙරෙන වෙරානි - සම්මන්තීධ කුදාචනං
අවෙරෙන ච සම්මන්ති – ඒස ධම්මො සනන්තනො

03. 1. ථසාවථාවරා දීඝා මහන්තා මජ්ක්‍ධිමා රස්සකා අණුකා ථුලා දිට්ඨා අදිට්ඨා යෙච දුරෙ වසන්ති යෙ අවිදුරෙ (වසන්ති භූතා ආදි සත්වයින්)

11. ගුරුවරයා දුටු විට නැගී සිටීම
උපස්ථාන කිරීම
උපදෙස් පිළිපැදීම
අවශ්‍ය කටයුතු කර දීම
මැනවින් ඉගෙනීම

111. සුරා පානය හා මත්ද්‍රව්‍යය භාවිතය
අවේලාවෙහි වීදි සංචාරය
නිතර නිතර නැටුම් ගැයුම් බැලීමට යාම
සූදුව, පාප මිත්‍ර සේවනය, අලසකම

යමෙක් ඉහත සඳහන් කරුණුවලට අනුව කටයුතු කළහොත් ඔහුගේ ධනය විනාශ වී යනු ඇත. සුරාපානය, සූදුව මෙන්ම පාප මිත්‍ර සේවනයෙන්ද අලසකමින් යුතුව ක්‍රියා කිරීමෙන්ද ධනය විනාශ විය හැකිය.

 

වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය මැයි මස 06 වැනි දා අඟහරුවාදා අපරභාග 07.34 ට ලබයි.
07 වැනිදා බදාදා අපර භාග 09.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 07 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
මැයි මස 14 වැනි දා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 07

Full Moonපසෙලාස්වක

මැයි 14

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]