UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

මැදින් පුර පසළොස්වක පුන් පොහෝදිනය සිරිපා වන්දනාවට පැමිණී ලක්‍ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාධු නද මධ්‍යයේ සිරිපා මළුව වටා අභිනවයෙන් ඉදිකළ රන්වැට විවෘත කරනු ලැබීය. එම රන්වැට එකක් අඩි 5 1/2 බැගින් උස රන් ආලේපිත කණු 310 කින් සමන්විතය. මෙවර සිරිපා වන්දනාවාරය ආරම්භ වී ගතව මාස කිහිපය තුළ ලක්‍ෂ 20 කට ආසන්න සැදැහැවතුන් පිරිසක් සිරිපතුල වන්දනා මාන කළ බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නා හිමියෝ පැවසූහ. සිරිපා වන්දනාවේ පැමිණෙන වන්දනා කරුවන්ට පුරා මාස හයක් අඛණ්ඩව දන්සල් ලබාදීමට වැඩපිළිවෙළක් ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා මහගිරිදඹ ආශි‍්‍රතව ගොඩනැගිල්ලක් ඉදිකරන බවත් උන්වහන්සේ කීහ.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් නල්ලතන්නිය කල්ප වෘක්‍ෂ විහාරස්ථාන භූමියේ රෝපණය කිරීම මැදින් පුර පසළොස්වක පොහෝ දිනය දා ශ්‍රී පාදස්ථානාධිපති සබරගමුව පළාත් ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. ශ්‍රී පාද නල්ලතන්නියේ ශ්‍රී සිරිපා වාරයේ හා අවාරයේ වන්දනා කළ හැකි එකම විහාරස්ථානය කල්ප වෘක්‍ෂ විහාරස්ථානය වන අතර බෝධි අංකුරය නල්ලතන්නියේ සිට පෙරහරකින් විහාරස්ථානය වෙත වැඩම කරනු ලැබීය. මෙම අවස්ථාවට කල්පවෘක්‍ෂ විහාරස්ථානයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමි ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

බුදුසරණ පුවත්පතේ මාධ්‍යවේදිනියක වන ජම්මික ප්‍රබෝධනී වැලිකල මහත්මිය විසින් ලියන ලද ‘පුර පසළොස්වක පොහොයක අසිරිය’ නමැති කෘතිය පසුගිය දා එළිදැක්විණි. එහි මංගල පිටපත පොතෙහි කතුවරිය විසින් කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය දේවාලේගම මේධානන්ද ස්වාමීන් වහන්සේට පිළිගැන්වූ අවස්ථාව. වසරක් පුරා උදාවන පුර පසළොස්වක පොහොය දොළහේ සහ අධි පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම පිළිබඳ සඳහන් එම කෘතිය සරසවි ප්‍රකාශනයකි.

 
 

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් මස 14 වැනිදා සඳුදා අපර භාග 01.11 ට ලබයි.
15 වැනිදා අඟහරුවාදා අපරභාග 01.10 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 14 වැනිදා සඳුදා ය.
මීළඟ පෝය
අප්‍රේල් 22 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22

New Moonඅමාවක

අප්‍රේල් 28

First Quarterපුර අටවක

මැයි 07


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]