UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජාතික නාමල් උයන

ජාතික නාමල් උයන

වර්ග කිලෝමීටර් හැටපන්දහස් හයසියදහයක් තරම් වූ කුඩා ගොඩ බිම් තිරුවකින් හෙබි ශ්‍රී ලංකාව ලෝකයේ විවිධ කලාපයන් තුළ විද්‍යාමාන වන විවිධ දේශගුණික තත්ත්වයන්ගෙන් පෝෂිත වූවකි. එම දේශගුණික ගතිකත්වයන් ද සමබරය. ලෝකප්‍රකට ඓතිහාසික රංගිරි දඹුළු පුරවරයට යාබද දඹුල්ල නගරයේ සිට කිලෝමීටර් පහළොවක් තරම් දුරකින් පිහිටි මංපෙත ඔස්සේ ගිය තැන හමුවන ජෛව විවිධත්වයෙන් යුත් මහා වනස්පෙතියකි. අක්කර දෙදහසකින් යුත් භූමි භාගයක් පුරා මෙම වනපෙත සිය අණසක පතුරවාගෙන ඇත. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ වර්තමානයේ දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් නෙත් සිත් පුබුදු කරවන සුවදායක පරිසරයක මිහිරියාව ගතට සිතට කාවද්දන ජාතික නාමල් උයන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාගල ගල්කිරියාගම උල්පතගම නම් වූ සුන්දර ග්‍රාමයේ පිහිටා ඇත. යාපනය ඒ – 9 මාර්ගයේ ඇති මඩාටුගම හන්දියෙන් වමට හැරී ආඩියාගල දෙසට කිලෝමීටර් 07ක් පමණ ගිය පසු ජාතික නාමල් උයන නම් වූ මෙම සුන්දර වනස්පතිය වෙත ළඟා විය හැක.

මෙහි මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර් 972ක් වන අතර ( අක්කර 2000කි) එයින් අක්කර 260 ප්‍රදේශයක නා ගස්වලින් යුත් මෙම වන පියසේ අක්කර 600ක් පමණ වපසරියක පිහිටා ඇති වසර මිලියන දස ලක්‍ෂ පන්සිය පනහකට වඩා වැඩි ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් රෝස තිරිවානා කඳු වැටිය සොබාදහමේ විස්මිත නිර්මාණයක් ලෙසත්, ඓතිහාසික මෙන්ම භූගෝලිය හා පාරිසරික වැදගත්කම නිසා ම මෙම සුවිශේෂි පරිසර පද්ධතිය 2005 අප්‍රේල් 26 වන දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් ශ්‍රී ලංකාවේ 03වන සංරක්‍ෂිත වනාන්තරය ලෙස රජය මඟින් ප්‍රකාශයට පත්කර ඇති ජෛව විවිධත්වයෙන් ඉතා පොහොසත් භූමියක් ලෙසින් හැඳින්විය හැකිය.

අනාදිමත් කාලයක පටන් ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව පූජනීයත්වයෙන් සලකන නා ගස මංගල, සුමන, රේවත, සෝභිත යන පසේ බුදුවරුන් වහන්සේලා නා ගස් සෙවණේ බුද්ධත්වය ලැබූ බවත්, මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වන්නේ ද නා ගස් සෙවණේ බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.

නා ගස ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් වන අතර මෙහි ඇති පූජනීය වටිනාකම සංස්කෘතික වටිනාකම ඖෂධීය වටිනාකම නිසා ම ශ්‍රී ලංකාවේ ජාතික වෘක්‍ෂය ලෙස 1986 ජූලි මාසයේ 25වෙනි දින රජය මඟින් ප්‍රකාශයට පත් කරන ලදී.

නා වනය තුළ කළුවර, මිල්ල, මොර, වෙළං පානක්කා ආදී වටිනා වෘක්‍ෂයන් ද අගිල්, මීමන ශාක, බිං කොහොඹ, මී රැස්ස, කොරකහ, පනංපෙති වටිනා ඖෂධීය ශාක ද දක්නට ලැබෙන අතර මෙහි හඳුනා ගත් දේශීය ඖෂධ ශාක පැළෑටි 72ක් පමණ වේ. මෙහි හඳුනා ගත් පක්‍ෂීන් වර්ග 18 කි. මෙම වනය තුළ කොටියා වලසා හැරුනු කොට අලියාගේ සිට අනිකුත් සියලුම සතුන් මෙහි ජීවත් වෙයි. තවත් මෙය පර්යේෂණ සහ ගවේෂණ තත්ත්වයේ පවතී.

ක්‍රිස්තු පූර්ව 02වන සියවසේ දී අනුරාධපුර මුල් යුගයේ රජකම් කල දේවානම් පියතිස්ස මහ රජතුමා විසින් පිහිටුවන ලද බෞද්ධ සිද්ධස්ථානයක් තිබූ බවත් එය 08වන සියවසේ 04වන දප්පුල රජ සමය දක්වා විවිධ රජවරුන්ගේ අනුග්‍රහයෙන් පෝෂණය වී ඇත. හෙළ රජ දවසින් පසු වසර සිය දහස් ගණනක් දැව ජාවාරම් කරුවන්ගේ සහ නිදන් හොරුන්ගේ දඩයක්කරුවන්ගේ පාරාදීසයක්ව තිබූ මෙම ඓතිහාසික, පාරිසරික, භූගෝලීය හා ජාතික වශයෙන් වැදගත්කමක් තිබූ නා මූකලාන ජාතික සම්පතක් බවට පත් කරලීමේ ගෞරවය හිමිවන්නේ 1991 මාර්තු මස 28වෙනි දා එවකට නා මූකලාන ලෙස නම් දැරූ මෙම වනස්පෙතියේ පදිංචියට පැමිණි වනවාසි රාහුල හිමියන්ටයි. තම ජීවිතය පරදුවට තබමින් විවිධ අභියෝග මැද ඉතා දුෂ්කරව අවම පහසුකමක් වත් නොමැතිව මේ රටේ ජාතික සම්පතක් බවට පත්කිරීමට උන්වහන්සේ කළ කැපවීම නොවන්නට මෙම සුන්දර වනපොත විවිධ උපද්‍රවවලින් විනාශ වී යාමට ඉඩ තිබුණි.

විසි එක්වෙනි සියවසේ මෑත භාගයේ මේ රටේ පුරවැසියෙක් වගේම බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක් විසින් විනාශයට පත් වීමට ගිය මේ උතුම් ජාතික සම්පත ජාතියට හඳුන්වා දී එය ජාතිය වෙනුවෙන් සංරක්‍ෂණය කොට ආරක්‍ෂා කර තැබීමේ උදාර වගකීම සිදු කිරීම සියලුදෙනාගේ සම්මානයට පාත්‍ර වීමට කරුණකි. ඒ නිසාම ශ්‍රී ලංකාවේ උසස්ම විශිෂ්ටතම සම්මානයක් වන 2004 ජනාධිපති පරිසර සම්මානයෙන් වනවාසී රාහුල හිමියන් පිදුම් ලැබීම මෙහි දී සඳහන් කළ යුතු කරුණකි.

මේ අපූර්ව පරිසර පද්ධතියකින් යුත් නාමල් උයනේ වටිනාකම මිල කළ නොහැකි බව හා එය දැනුම් ගබඩාවක් පුරවා තිබෙන පාරිසරික විශ්වවිද්‍යාලයක් මෙන්ම පර්යේෂණාගාරයක් බව රාහුල හිමියන් හඳුනාගෙන මෙය මතු පරපුර වෙනුවෙන් ආරක්‍ෂා කර තැබීමේ ක්‍රියාදාමය නොනවත්වාම 1991 සිට මේ දක්වා මේ රටේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල නොමද සහය ලබාගෙන ලෝක ප්‍රජාව දැනුවත් කරමින් පවතින රජයන් සමඟ සහ විවිධ ආයතනයන්ගෙන් සහය ලබාගෙන ඉදිරියට යමින් තිබේ.

රෝස තිරිවානා නිධිය සහ එහි ගුණාත්මක පැති ගණනින් 7ක් වූ රෝස තිරුවානා කඳු පේළිය මුහුදු මට්ටමේ සිට මීටර් 180 හා 300 අතර උසකින් පිහිටා ඇත. භූ විද්‍යා පර්යේෂණයන්ට අනුව මෙම රෝස තිරුවානා කන්දට වසර මිලියන දස ලක්‍ෂ 550කට වඩා වැඩි ප්‍රාග් ඓතිහාසික යුගයට නෑකම් කියන ඉතිහාසයක් ඇත. ඉන්දියාවේ රජකම් කළ ෂාජහාන් රජු ඔහුගේ ශ්‍රේෂ්ඨ නිර්මාණයක් වන ඉන්දියාවේ ටාජ් මහල් ප්‍රාසාදය සඳහා මෙම කන්දෙන් රෝස තිරුවානා ලබාගෙන ඇත. මෙය මිල කළ නොහැකි අපේ රටේ ආරක්‍ෂා කළ යුතු ජාතික වස්තුවකි.

රෝස තිරුවානා නැතහොත් මද රතු දියතරිප්පු වූ කලි කොන්දේසි විරහිත ආදරයට සම්බන්ධ අර්ධ මැණික් වර්ගයකි. එය සෑම වර්ගයේම ආදරය කරුණාව සඳහා වූවකි. ස්වයං ආදරය පවුල් ක්‍රියාවෙන් කාමුක නොවන ශෘංගාරය හා කොන්දේසි රහිත ඕනෑම අවස්ථාවක දී කරුණාව වෙනුවෙන් ශක්තිය වැඩිකර දෙන්නකි. එය ආදරය කරුණාවට ජවය දෙයි. ආතතිය අඩු කරයි. එය පී‍්‍රතිදායක හා කරුණාව පිහිටි පාෂාණයකි. අධ්‍යාත්මික ගැටලුවල දී එය ආදරය කරුණාව ළඟාකර දෙයි. එය ආත්ම විශ්වාසය ඇති කරයි. ස්වයං වටිනාකම වැඩි කරයි. එය හැඟුම් සමබර කර සාමය ගෙන දෙමින් ආතතිය හා සාංකාව සමනය කරයි. චිත්තවේගි කම්පන සුවකරයි. එය භය තරහ ඉවත් කිරීමට ඉවහල් වෙයි. එය ආදරය කරුණාව නොමැතිකම හා නොසලකා හැරීම ඉවතලා අසීමිත කරුණාව ගෙන දීමේ ශක්තියක් ඇත. සාවද්‍ය වරදකරු යන හැඟීම සමනය කිරීමට එයට හැකියාව ඇති බව පැවසේ. මෙය එම පවුලට අයත් පාෂාණයකි. එහි ඇති ආදරය කරුණාව හා සාමය ඇති කිරීමේ බලයට පවුලේ හෝ කණ්ඩායමේ සමගිය ඇති කරමින් අසීරු අවස්ථාවක් සමඟියට පරිවර්තනය කිරීමේ හැකියාව ඇත.

එහි ශක්තිය සිඹ ගැනීමක් හෝ රංගනයක් හෝ ළමයෙකුට තනිවම ඇවිදීමට හැකිවන තෙක් ඔහු අල්ලාගන්නා මවගේ අත හා සමාන සුවයක් ගෙන දෙයි. රෝස තිරුවානාවල ශක්තිය ආදරය කරුණාව හා විශ්ව ශක්තිය ගෙනදේ. එය වේදනාකාරී ආදර අත්දැකීම් සමනය කරනවා පමණක් නොව යමෙකුට ආදරය ආකර්ෂණය කර ගැනීමට ද ඉවහල් වෙයි.

රෝස තිරුවානාවලින් වඩා වැදගත් ම ශක්තිය වනුයේ හෘදය සුවකිරීමේ බලයයි. විවාහයට හා ආදරයට අදාළ ෆෙන්ෂුයි සුව කිරීමේ ක්‍රියාවලියේ දී එය විශාල වශයෙන් උපයෝගී කරගනු ලැබේ. ක්‍රි.පූ. 600 තරම් ඉහත කාලයේ සිටම මෙය ආදරයට පලඳීන මැණික් පාෂාණයක් සේ භාවිතා කර ඇත.

රෝස තිරුවානා පෘථිවියට, විශ්වයට සහ දෙවිලොවට අධ්‍යාත්මික වශයෙන් බොහෝ දුරට අනුගත වෙයි. මෙය පුද්ගලයෙකු විසින් ආත්මිය වශයෙන් මෙන්ම අන්‍යයන් කෙරෙන් හා ස්වභාව ධර්මයා තුළින් දකිනු ලබන සුන්දරත්වයට දක්වන සෙනෙහස උද්දීපනය කරයි. මෙහිදී විශේෂයෙන් ම අදාළ වන්නේ චිත්‍ර, සංගීතය හා ලිඛිත වචනය වැනි පරිකල්පනය පුබුදුවාලන සුන්දරත්වයයි. වරදකට සමාව දීම දිරිමත් කරනු ඇතැයි විශ්වාස කරන මෙය කෝපය, අමනාපය හා වෛරය පහකර ගැනීමෙහිලා උපකාරී වෙයි. සම පැහැපත් කිරීමටත්, පිළිස්සුම් හා බිබිලි දැමීම සමනය කිරීමටත් කායික වශයෙන් හදවත සමිමත් කිරීමටත් කරකැවිල්ල තුරන් කිරීමටත් හදවත, පෙනහලු, වකුගඩුව හා අඩ්රිනලින් ආශි‍්‍රත ගැටලු සමනය කිරීමටත් උපකාරි වෙයි. නිෂේධනාත්මකතාව දුරු කරන රෝස තිරුවාණා විද්‍යුත් චුම්බක ක්‍ෂේත්‍රවලින් සහ වෙනත් පරිසර ඤෂක කාරකවලින් අත්වන බලපෑම වළකාලන්නේ ඒ වෙනුවට ආදර සෙනෙහස ළඟා කරදීමෙනි. මෙය වැඩිහිටියන් මෙන්ම ළමයින්ට හිතකර විස්මයජනක නිධි කාරක ස්ඵටිකයකි. මනරම් සිහින මවමින් රැදුරු ස්වප්නවලින් ඔවුන් ආරක්‍ෂා කිරීමට මේ ස්ඵටිකයට හැකියාව ඇත.

ඔබට හා ඔබගේ හෘදයේ ඇති වී තිබෙන කරුණාවට උදව් කිරීමට රෝස තිරුවානාවට ඉඩහරින්න. එවිට ඔබට යා යුතු දුරට යන්න එය ඉවහල් වේවි. ඔබගේ පවුලේ උදවියට හා ඔබට කරුණාව සාමය සතුට ගෙන දීමට රෝස තිරුවානාවට ඉඩ හරින්න සියලුම ජීවීන් ස්වභාව ධර්මය පරිසරය පෘථුවිය සහ මුළු විශ්වයම රෝස තිරුවානා වලින් නික්මෙන ශක්තියෙන් සුව කිරීමට ඉඩ හරින්න. පෘථුවියෙහි වැඩදායී චලනයන් වැඩිකරගැනීමට කුඩා ප්‍රමාණයකින් හෝ ඔබට හැකි ආකාරයකට ක්‍රියා කරන්න. මනුෂ්‍ය සංහතියේ උන්නතිය උදෙසා රෝග තිරුවානා කඳු වැටිය සමස්ත ප්‍රජාවගේ හිතසුව නිසි අයුරින් ගවේෂණයට ලක් කොට ආරක්‍ෂා කර තබා ගැනීමට සියලුම මානව වර්ගයාගේ අවධානය යොමු වේවායි පතමු.

ලෝකයේ විවිධ රටවල් අතරින් ජපන් ජාතිකයින් විශේෂයෙන් මෙම රෝස තිරුවානා නිධියේ ඇති (පවර් එනර්ජි) ශක්තිය ලබා ගැනීමට පැමිණෙන අතර ඔබට තව දුරටත් මේ පිළිබඳව සියලුම ගවේෂණාත්මක තොරතුරු අන්තර්ජාලයට පිවිසීමෙන් අධඵඥ Qභචපබල වෙබ් සයිට් පරිශීලනය කිරීමෙන් ද තොරතුරු ලබා ගත හැක.

 

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් මස 14 වැනිදා සඳුදා අපර භාග 01.11 ට ලබයි.
15 වැනිදා අඟහරුවාදා අපරභාග 01.10 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 14 වැනිදා සඳුදා ය.
මීළඟ පෝය
අප්‍රේල් 22 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22

New Moonඅමාවක

අප්‍රේල් 28

First Quarterපුර අටවක

මැයි 07


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]