UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙව්දුවක් වැනි බිරිඳට නොමළ සැමියකු වන්න

දෙව්දුවක් වැනි බිරිඳට නොමළ සැමියකු වන්න

අංගුත්තර නිකායේ, ද්විතීය, භාගයේ ‘ප්‍රථම සංවාස සූත්‍ර‍්‍රයේදී ‘ ගිහි ජීවිත ගත කරන ආකාර හතරක් පිළිබඳව විස්තර කෙරෙන අතර ඉන් පළමුවැන්න නම් ‘ඡවෝ ඡවාය සද්ධීං සංවසති’ යන ආකාරයට මළ මිනියක්, මළ මිනියක් සමඟ ගත කරන ආකාරයේ ජීවිතයයි. ඉන් අනතුරුව උන්වහන්සේ විස්තර කරන්නේ මළ මිනියක්, දේවතාවියක් සමඟ ගත කරන ආකාරයේ ජීවිතයකි. (එනම් “ඡවෝ දේවියා සද්ධීං සංවසති’ යන ආකාරයේ ජීවිතයයි) තුන්වන ක්‍රමය දෙවියෙක් මළ මිනියක් සමග ගත කරන ජීවිතය වන අතර හතරවන ක්‍රමය දෙවියෙක් දෙව්දුවක් සමග ගත කරන ජීවිතයයි

අප තථාගත ලොවුතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ගිහි ජීවිතය අති සාර්ථක ලෙස ගත කරන ආකාරය මනාකොට විස්තර කරනු ලබයි. එබඳු ගිහි ජීවිතයක් ගත කරන තැනැත්තාට පරලොව ජීවිතය අනිවාර්ය වශයෙන්ම යහපත් කර ගැනීමට හැකියාව ඇති අතර කෙටි කාලයක් තුළදී සසර දුකින් නිදහස්වීමට ද වාසනාව උදාවේ.

අංගුත්තර නිකායේ, ද්විතීය, භාගයේ ‘ප්‍රථම සංවාස සූත්‍ර‍්‍රයේදී ‘ ගිහි ජීවිත ගත කරන ආකාර හතරක් පිළිබඳව විස්තර කෙරෙන අතර ඉන් පළමුවැන්න නම් ‘ඡවෝ ඡවාය සද්ධීං සංවසති’ යන ආකාරයට මළ මිනියක්, මළ මිනියක් සමඟ ගත කරන ආකාරයේ ජීවිතයයි. ඉන් අනතුරුව උන්වහන්සේ විස්තර කරන්නේ මළ මිනියක්, දේවතාවියක් සමඟ ගත කරන ආකාරයේ ජීවිතයකි. (එනම් “ඡවෝ දේවියා සද්ධීං සංවසති’ යන ආකාරයේ ජීවිතයයි) තුන්වන ක්‍රමය දෙවියෙක් මළ මිනියක් සමග ගත කරන ජීවිතය වන අතර හතරවන ක්‍රමය දෙවියෙක් දෙව්දුවක් සමග ගත කරන ජීවිතයයි.

මේ අතරින් මළ මිනියක් දේවතාවියක් සමඟ ගත කරන ජීවිතය පිළිබඳව විමසා බැලිය යුතුය.මේ ආකාරයේ ජීවිත ගණනාවක් ශ්‍රී ලංකා සමාජය තුළ දක්නට ලැබේ. විශේෂයෙන්ම වර්තමාන සමාජයේ මේ තත්වය ඉතාමත් බහුල ලෙස ක්‍රියාත්මක වේ. වර්තමාන පවුල් සංස්ථාව තුළ මෙවැනි ස්වාමි පුරුෂයන් බහුතරයක් සිටින හෙයින් සමාජය ප්‍රපාතයට යමින් තිබේ. මෙවැනි ස්වාමි පුරුෂයන්ගේ ස්වභාවය නම් පස් පව් කිරීමයි. ඒ අනුව ස්වාමියා සතුන් මරයි. සොරකම් කරයි. වැරැදි කාම සේවනය කරයි. බොරු කියයි. මත්වතුර හා මත්ද්‍රව්‍ය පානය කරයි. එමෙන්ම පවිටු ගතිගුණ වලින් යුක්ත වෙයි. එනම් වෛර කිරීම, පලිගැනීම, එකටෙක කිරීම, ඊර්ෂ්‍යා කිරීම අන්‍ය මත නොඉවසීම පරුෂ වචන කීම ආදි පවිටු ගතිගුණයි. එමෙන්ම ගුණමකු කම, කළ ගුණ නොදන්නා කම, කුහකකම ආදියයි. ඔහු ජීවත් වන්නේ ලෝභ ආකාරයටමයි. මසුරු මලින් යුක්තවයි. එපමණක්ද නොව ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රෝශ නින්දා පරිභව කරයි.

මේ ආකාරයෙන් කටයුතු කරන මේ පුද්ගලයා නිරන්තරයෙන්ම පාප කර්ම රැස්කර ගනී. මත්ද්‍රව්‍ය පානය කරමින් අහිංසක බිරියට පහර දෙන්නේ මෙවැනි මළමිනී වර්ගයට අයත් වූ පිරිසය. මෙවැනි පුද්ගලයන් නිසා පවුලකට, ගමකට, රටකට, ලෝකයකට සිදුවන විනාශය ඉමහත්ය.

මෙවැනි පවුලක සිටින ස්වාමි දියණිය දේවතාවකි. ඇය ඇතැම් විට ධාර්මික ගති වලින් යුක්තය. දැඩි ඉවසීමකින් යුක්තය. කරුණාවන්තය.මෛත්‍රී‍්‍රසහගතය. අන් අයගේ දියුණුව දැක සතුටු වේ. අන් අයට වෛර නොකරයි.තමන්ට වෛර කරන අයටද මෙත් සිත පතුරවයි. පරෝපකාරි කෙනෙකි. දුක් විඳිමින් තම අහිංසක දරු පවුල රැක බලා ගනිමින් වාසය කරයි. කෝපයට පත් නොවේ.දන්දීම ඉහළින්ම සිදු කරයි. ඇය මහා සංඝයාට ශ්‍රද්ධාවෙන් දෙයි. තම ස්වාමියා එයට තදින්ම විරුද්ධ වුවත් ඇය ශ්‍රද්ධාවෙන් මසුරමල දුරුකොට දන්දෙයි. කිසිදිනක ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දොස් නොකියයි. මහා සංඝරත්නයේ ගුණ කියයි. යම් යම් අඩුපාඩු එක භික්‍ෂුවකගෙන් හෝ දෙදෙනෙකුගෙන් හෝ කීප දෙනෙකුගෙන් සිදුවුවත් ඒවා ඉස්මතු නොකොට මහා සංඝරත්නයේ ගුණ කියයි.

මෙවැනි උදාරතර ස්වාමි දියණියන් නිසා ඒ පවුල ආරක්‍ෂා වෙයි. සමාජයට කෙසේ හෝ යහපත් දරුවන් බිහි වෙයි. පෙර කරන ලද යම් අකුසලයකට මළමිනි වැනි ස්වාමි පුරුෂයන් ලැබුණත් ඒ අය යහපත් ලෙස ජීවත්වීම නිසා ඊළඟ භාවය සුගතිගාමී කරගත හැකියි. මේ ජීවිතය යහපත් කරගත හැකියි.මෙවැනි පවුල්වල සිටින ඒ ස්වාමිපුරුෂයන් ඉක්මනින්ම ධර්ම මාර්ගයට පැමිණේවා. යහපත් පියාණන්ලා බවටම පත්වේවා! දෙලොව යහපත සලසා ගනිත්වා! සියලු දෙනාටම සසර දුක නිමා වේවා

 

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් මස 14 වැනිදා සඳුදා අපර භාග 01.11 ට ලබයි.
15 වැනිදා අඟහරුවාදා අපරභාග 01.10 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 14 වැනිදා සඳුදා ය.
මීළඟ පෝය
අප්‍රේල් 22 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22

New Moonඅමාවක

අප්‍රේල් 28

First Quarterපුර අටවක

මැයි 07


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]