UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුපුරැස්ස ශ්‍රී විමලානන්ද දහම් පාසල

පුපුරැස්ස ශ්‍රී විමලානන්ද දහම් පාසල


ප්‍රධානාචාර්ය කොහොවල නන්ද හිමි සමග ආචාර්ය මණ්ඩලය



දහම් පාසල් දරු දැරියන්ගෙන් කොටසක්

ගම්පල රාජධානියේ පුපුරැස්ස ගම්මානයේ පිහිටා ඇති ශ්‍රී සුබ්‍රමනියම් විහාරස්ථ ශ්‍රී විමලානන්ද දහම් පාසල ප්‍රදේශයේ බෞද්ධ හින්දු ජනතාවගේ දිවි පෙවතට ආශිර්වාදයක් වී තිබෙයි.

1982 වර්ෂයේ එහි විහාරාධිපතිව සිටි කැකුලන්දෙ විමලානන්ද නා හිමියන් විසින් දායක සභාව සමඟ ආරම්භ කරන ලද මෙම දහම් පාසල පසුව අඩපණ වී වැසී ගොස් ඇත. 2010 දී විහාරවාසී ලෙස පත්වූ කොහොවල නන්ද හිමියන් සහ විහාරාධිපති කරගල සෝරත හිමියන්ගේ අනුශාසනා මැද දායක සභාවේ ආර්.එම්. දිසානායක මහතා සමඟ එකතුව මෙම දහම් පාසල නැවත ආරම්භ කරන ලදී.

එය අද වන විට පුපුරැස්ස ,හුණුගල, පරණපට්ටිය, ඩෙල්ටා 1/2/3 ජනපද නැඩිෂා ජනපදය වලින් දරු දැරියන් 150 ක් දහම් අධ්‍යාපනය ලබති. දහම් අධ්‍යාපනයට අමතරව කලාප දිස්ත්‍රික්ක කොට්ඨාස දහම් තරග වලින් ජය ලබා දරු දැරියන්ගේ දහම් අධ්‍යාපනය සමඟ හැදියාව වැඩිහිටියන්ට සැලකීම අනාගතයේ සමාජයට මුහුණ දෙන අයුරු පුරුදු පුහුණු කරති.

අද වන විට දායක සභාවේ ලේකම් එම් . සෙනවිරත්න, භාණ්ඩාගාරික ජී.රම්බණ්ඩා, උපලේකම් ධනුෂ්ක උදය කුමාර මහත්වරු ඇතුළු දායක සභාව සමඟ විහාරවාසී නායක හිමි ප්‍රධානාචාර්ය කොහොවල නන්ද හිමියෝ වූහ.

විවිධ ආර්ථික අපහසුතා මධ්‍යයේ විවිධ දක්ෂතා ඇති දරු දැරියන් මෙම දහම් පාසලේ ඉගෙනුම ලබති.

 

 

 

 
මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු මස 30 වැනි දා ඉරිදා පූර්වභාග 02.33 ට ලබයි.
31 වැනිදා සඳුදා පූර්වභාග 00.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු මස 30 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 07 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]