UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පාතේගම ඤාණිස්සර හිමියන්ගේ නවතම කෘති දෙකක් දොරට වැඩීම

පාතේගම ඤාණිස්සර හිමියන්ගේ නවතම කෘති දෙකක් දොරට වැඩීම

පුවත්පත් සේවනය

කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිවරයෙකු වන ලලිත් පි‍්‍රයංකර නිදහස් මාධ්‍යවේදියෙකු වශයෙන් ලියූ නවතම කෘතිය මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි පුවත්පත් සේවනය යි. එම කෘතිය දොරට වැඩීමේ උත්සව මේ මස 28 වැනිදා පස්වරු 3.00 ට කොළඹ 07 නිදහස් මාවතේ පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරය්දී පැවැත්වෙයි. මෙහි මූලාසනය මාදුළුවාවේ සෝභිත නා හිමියන් ය. විශේෂ දේශනය පවත්වනු ලබන්නේ ශාස්ත්‍රපති පණ්ඩිත දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියන් ය. මාධ්‍යවේදී ධර්ම ශ්‍රී තිලකවර්ධන සහ මාධ්‍යවේදී පරාක්‍රම ඒකනායක මෙම උත්සවයේ කෙටි දෙසුම් පවත්වන අතර වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී වජිර ජයවර්ධන විසිනි.

ගිහි ගෙදරට බුදු බණ (බෞද්ධ ග්‍රන්ථය)

අනුරාධපුර බුද්ධශ්‍රාවක විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන් සමඟ මාධ්‍යවේදිනී වාසනා සුරංගිකා විතානගේ සති අන්ත ප්‍රධාන ටැබ්ලොයිඩ් පුවත්පතක් සඳහා කළ සාකච්ඡා ඇසුරින් සම්පාදිත ‘ ගිහි ගෙදරට බුදු බණ’ බෞද්ධ ග්‍රන්ථය මාර්තු 28 වැනිදා සවස 3.00 ට කොළඹ 07 “නිදහස් මාවතේ” ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී දොරට වඩී.

මහරගම, නාවින්න සාහිත පොත් පියසෙහි නවතම ප්‍රකාශනයක් වන මෙම ග්‍රන්ථ ජය සතුට හා සැනසුම අපේක්ෂා කරන සෑම කෙනෙකු විසින් ම කියවිය යුතු අගනා ග්‍රන්ථයකි. මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම උළෙලේ ප්‍රධාන දෙසුම ශාස්ත්‍රපති පණ්ඩිත දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියන් විසින් පවත්වනු ලබති.

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු මස 23 වැනිදා ඉරිදා අපරභාග 8.10 ට ලබයි.
24 වැනිදා සඳුදා අපරභාග 6.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 24 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මාර්තු 30 වැනිදා
ඉරිදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]