UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් අව අටවක 2014 මාර්තු 24 වන දා

 

සැනසීම ලබමු

බෞද්ධ ගෘහස්ථයා බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ ගිය අයෙක් වේ. එම බෞද්ධ ගෘහස්ථයාට උතුම් තුනුරුවනට වඩා, තුනුරුවන හැර අගනා වටිනා උතුම් දෙයක් වෙනත් නොමැත.

පුද්ගල දියුණුවට හේතුවන, උපකාරි වන තවත් බොහෝ දෑ ලොව තිබිය හැකිය. ඒ සියලු භෞතික සම්පත්වලට වඩා මෙලොව සහ පරලොව දෙලොවම දියුණුවට හේතුවනුයේ උතුම් තිසරණය වේ. ‘නත්ථි මෙ සරණං අඤ්ඤං බුද්ධො මෙ සරණං වරං නත්ථී මෙ සරණං අඤ්ඤං ධම්මො මෙ සරණංවරං, නත්ථී මෙ සරණං අඤ්ඤං සංඝො මෙ සරණං වරං “ යනුවෙන් බෞද්ධ ගෘහස්ථයා සැම මොහොතකම කල්පනා කරනුයේ මට බුදුරජාණන් වහන්සේගේ පිහිට හැර අන් පිහිටක් පිළිසරණක් නැත. එමෙන්ම ධර්මරත්නයේ පිහිට හැර වෙනත් පිහිටක් නැත. එසේම සඟරුවනෙහි පිහිට හැර වෙනත් පිහිටක් නැත. යනුවෙන් මොහොතක් පාසා සිහිකිරීම සිරිතය. එමගින් සිහි කෙරෙනුයේ බෞද්ධයාට තෙරුවන්හි පිහිට හැර අන් පිහිටක් නැත යන්නය.

බෞද්ධයාට ඇතිවන දුක් කරදරවලදී ඒ සියලු දුක් කරදර විසඳා ගැනීමට තම තමන්ගේ හදවත්හි තැන්පත් කර ගනු ලබන්නේ උතුම් තුනුරුවනය.

තෙරුවන් උදෙසා මෙසේ ගෞරව උපහාර දක්වන බුද්ධිමත් බෞද්ධයා අන්කවර හේතුවක් නිසාවත් තිසරණයෙන් බැහැර නොවීමට වග බලා ගනිති.

විහාර මන්දිරය, බෝමළුව, චෛත්‍යය ආදි පූජනීය ස්ථානයකදී වුවද බෞද්ධයා එහිදී හැසිරුණු ලබන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින ස්ථාන සේ සැලකීමෙනි. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිනසේ වැඳුම් පිදුම් කරමින් කටයුතු කිරීම ද බෞද්ධයාගේ සිරිතය.

උතුම් තුනුරුවන කෙරෙහි පවතින ගෞරවය පෙරදැරිකර ගනිමින් පූජා උපහාර දැක්වීම සඳහා සැදැහැවත් ජනතාවගේ සිත් නැඹුරු වෙයි.කවර ආකාරයෙන් පැවැත්වෙන බෞද්ධ ආගමික පින්කමක් වුවද සැබවින්ම තෙරුවන් කෙරෙහි පවතින සැබෑ ශ්‍රද්ධාව ගෞරවය නිසාම ඊට නිසි ගෞරව උපහාර දැක්වීමට පෙළඹෙයි.

බෞද්ධයා තෙරුවන් කෙරෙහි ගෞරව දක්වන නිසාම මනා ගුණ දහමින් හෙබි ජනතාවක්ද වෙයි.

විහාරස්ථානයට පිවිසෙන බෞද්ධයා මෙහිදී ද තෙරුවන් කෙරෙහි දක්වනුයේ මහත් ගෞරවයකි.

අපේ රටේ දහම් පාසල් අධ්‍යාපනය ලබාදීමේදී බොහෝ විට දහම්පාසල පවත්වා ගෙන යනු ලබන්නේ විහාරස්ථානය කේන්ද්‍රස්ථානය කර ගෙන ය. දහම් පාසල් අධ්‍යාපනය හදාරන දහම් පාසල් ශිෂ්‍යයා පවා නිරන්තරයෙන් කුඩා කල පටන් තෙරුවන් කෙරෙහි මහත් ශ්‍රද්ධාවෙන් කටයුතු කිරීමට පුහුණුවක් ලබන්නේද එසේ විහාරස්ථානය කේන්ද්‍රස්ථානය කර ගනිමින් දහම් පාසල පවත්වාගෙන යන බැවිනි.

මෙසේ බලන විට බෞද්ධ සමාජය වෙත පරපුරෙන් පරපුරට උරුම වන මහඟු දායාදයක් ලෙස තුනුරුවන කෙරෙහි මහත් ශ්‍රද්ධාවෙන් කටයුතු කිරීමට අවස්ථාව සැලසෙයි.

ඒ නිසාම ගුණ නුවණින් පිරි දරු පරපුරක් සමාජයට කවදත් දායාද කෙරෙන ආයතන අතර දහම්පාසලට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි.

ඇතැම්විට දහම් පාසල් අධ්‍යාපනයට ස්වකීය දරුවා යොමු කරවිය යුතු සතියේ එකම දිනය වන සෙනසුරාදා හෝ ඉරිදා දින තම දරුවා දහම් පාසලට නොයවා ඇතැම් මව්පියවරු අතිරේක පන්ති සඳහා දරුවා යොමු කරවනු ලැබේ. දරුවා වෙත අධ්‍යාපනය ලබාදීම මව්පිය වගකීමය. එහෙත් ගුණ දහමින් දරුවා පෝෂණය කිරීමද දැනුම ලබාදීම මෙන්ම සිදුවිය යුත්තකි.

එබැවින් මව්පිය වැඩිහිටි පරපුරෙහි ප්‍රධාන වගකීමක් වනුයේ තම දරුවා කුඩා කල පටන් ආගමික අධ්‍යාපනය කෙරෙහිද යොමු කරවීමය.

දරුවා වෙත දහම් පාසල තුළින් ලැබෙන සුචරිත වර්ධනය වෙනත් ආකාරයකින් උදාකරගත නොහැකිය.

ගුණ නැණ බෙලෙන් යුතු දරුපරපුර අනාගත වගකීම් දැරීමටද සුදුසු වන බැවින් තෙරුවන් වෙත පූජෝපහාර දැක්වීමටත්, දහම් අධ්‍යාපනය වෙත දරුවන් නැඹුරු කරවීමටත් උත්සාහ කළ යුතුය.

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු මස 23 වැනිදා ඉරිදා අපරභාග 8.10 ට ලබයි.
24 වැනිදා සඳුදා අපරභාග 6.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 24 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මාර්තු 30 වැනිදා
ඉරිදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]