UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

කොළඹ ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරය මගින් ජනපති ජන්ම දිනය වෙනුවෙන් සංඝමිත්තා ශ්‍රද්ධාකර පදනම හා සංවිධානය කළ ආශීර්වාද පූජාවක් සම්බෝධි විහාරස්ථානයේ දී පැවැත්විණි. එහිදී ජනාධිපතිපතුමන් වෙත දොඩම්පහළ චන්දසිරි මහා නා හිමියන් විසින් පිරිත් පැන් දෙමින් ආශීර්වාද කළ අවස්ථාව. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක නාපාන පේමසිරි මහ නාහිමියන් සහ දරණාගම කුසලධම්ම හිමියන් ඇතුළු සඟරුවනද, මැති ඇමැතිවරු ද එම අවස්ථාවට සහභාගි වූහ. - ඡායාරූපය - සුදත් මලවීර

විතාරන්දෙණියේ වජිරවංස හිමියන් ලියූ ‘දැහැමි දිවිය’ කෘතියේ මුල් පිටපත පාර්ලිමේන්තුවේ කථානායක චමල් රාජපක්‍ෂ මහතාට පිළිගැන්වීමේ උළෙල පසුගියදා හම්බන්තොට සිංහගිරි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. එහිදී වජිරවංස හිමියන් එම කෘතිය කථානායකවරයාට පිළිගැන්වූ අවස්ථාව මෙම අවස්ථාවට කෘෂිකර්ම සංවර්ධන අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, දකුණු පළාත් සභා මන්ත්‍රී ආනන්ද විදානපතිරණ මහත්වරු ඇතුළු ගිහි, පැවිදි ආරාධිතයෝ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

හම්බන්තොට සිංහගිරි විහාරස්ථ සිංහගිරි දහම් පාසලේ ත්‍යාග ප්‍රදාන උළෙල සහ සිසු ලාංඡන පැළඳවීමේ උළෙල සිංහගිරි විහාරාධිපති, සූරියවැව ජාතික පාසලේ ආචාර්ය ශාස්ත්‍රපති, විතාරන්දෙණියේ වජිරවංස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිංහගිරි විහාරස්ථානයේ දී පැවැත්විණි. එහිදී හම්බන්තොට මහ නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ජයග්‍රාහී ශිෂ්‍යාවකට ත්‍යාගයක් ප්‍රදානය කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ. ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ආනන්ද විදානපතිරණ, දකුණු පළාත් සභා මන්ත්‍රී සිරිපාල ජයවීර යන මහත්වරු ද මීට සහභාගි වී සිටියහ.

කොළඹ 05 නාරාහේන්පිට ශ්‍රී බෝධිරාජ දහම් පාසලේ පුරා වසර 30කට අධික කාලයක් දහම් ගුරු සේවයෙහි යෙදුණු කුසුමා මේඝසූරිය (මැද) හා සුජාතා ගුණවික්‍රම සහ සේන සුවදරත්න යන ගුරුවරුන් සඳහා විශේෂ උපහාරයක් පසුගිය දා පැවැත්විණි. මෙම ගුරු උපහාර උළෙල නාරාහේන්පිට ශ්‍රී බෝධිරාජ දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුවන් විසින් පවත්වන ලදී. අඑම අවස්ථාවට නාරාහේන්පිට ශ්‍රී හත්බෝධිවිහාරාධිපති හා දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති ගලගම ධම්මරංසි හිමිගේ සහ නියෝජ්‍ය ප්‍රධානාචාර්යවරුන් වන සාමවිනිසුරු එස්. දන්නන්ගොඩ මහතා සහ රේණුකා නිශාන්ති මෙනෙවිය ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුවෝ සහභාගී වූහ.

දෙමටගොඩ තරුණ සංසදය විසින් තිඹිරිගස්යාය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ දහම් පාසල් අතර පැවැත් වූ විවාද තරගාවලියෙන් කොළඹ 05, හැව්ලොක්ටවුන්හි ඉසිපතනාරාම විහාරස්ථ ශ්‍රී සරණපාල දහම් පාසල ශූරතාව හිමි කරගන්නා ලදී. සමස්ත තරගාවලියේ දක්‍ෂතම කථිකයාට හිමි සම්මානය ශ්‍රී සරණපාල දහම් පාසලේ විවාද කණ්ඩායමේ නායක අවිශ්ක උදාර විසින් දිනා ගන්නා ලදී. ජයග්‍රහණය කළ කණ්ඩායම මෙහි සිටිති. ඉදිරිපෙළ වමේ සිට, උපුල් පත්මේන්ද්‍ර මයා (ආචාර්යය) අනුශාසක කිහිඹියේ විජිත නා හිමි, ප්‍රධානාචාර්ය වග විජිතවංස හිමි, චන්දන පුෂ්පකුමාර මයා (ආචාර්ය) පසුපෙළ වමේ සිට, ගද්‍යා යෝෂිකා, සචිනි විජේසේකර, අවිශ්ක උදාර, දිල්ශාන් මධුවන්ත, සඳුනි දුලාංජලී, අමෝධ්‍යා නිලාංජලී යන අයයි.
- ප්‍රධානාචාර්ය, වග විජිතවංස හිමි

 
 

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් මස 25 වැනි දා සඳුදා අපරභාග 12.00 ට ලබයි.
26 වැනි දා අඟහරුවාදා අපරභාග 01.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 25 වැනි දා සඳුදා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 02 වැනිදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 25

New Moonඅමාවක

දෙසැම්බර් 02

First Quarterපුර අටවක

දෙසැම්බර් 09

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]