UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

මැදවච්චිය, උණගස්වැව, කිරිගල්ලාව ලිපිනයේ පදිංචි ටී. චන්දන උදයකුමාර යන එක් දරු පියා දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙයි. ඔහුට හැකි ඉක්මණින් “බී.හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව නිර්දේශ කර ඇත.

අසරණ තත්ත්වයට පත්ව සිටින මොහු වෙනුවෙන් වකුගඩුවක් හා වකුගඩු බද්ධ කිරීමට අවශ්‍ය මුදල් ලබාදීම සඳහා උපකාර කළහැකි පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන 077 8226157, 077 8092689, 0775369229 අංකයන්ට දැනුම් දී ලංකා බැංකුව මැදවච්චිය (3979791) යන ගිණුම් අංකයට හැකි උපකාරයක් කරන මෙන් චන්දන උදයකුමාර මහතා ඉල්ලීමක් කර සිටී.
 


අංක 83, බටකැත්තර, මඩපාත, කැස්බෑව ලිපිනයෙහි පදිංචි නිමල් විජේරත්න යන අය දරුණු වකුගඩු රෝගයකින් පීඩා විඳියි. ඔහුට “ඕ නෙගෙටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව නිර්දේශ කොට ඇත. මේ සඳහා විශාල මුදලක් වියදම් වන බවද දන්වයි.

ඔහුට “ඕ නෙගටිව් හෝ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ලබා දීමට හෝ මුදලින් ආධාරයක් කර ජීවිතය බේරා ගැනීමට දායක වීමට කැමති පින්වත් කෙනෙකු වේ නම් පහත 071 7770720, 077 3850899 දුරකථන අංකයට දන්වන්නැයි ද. මුදලින් ආධාරයක් කිරීමට කැමති අයෙකු වේ නම් පිළියන්දල සම්පත් බැංකු ශාඛාවේ ගිණුම් අංක 101954355073 දරන ගිණුමට මුදල් බැර කළ හැකි බව ද කියයි.


පුත්තලම කට්ටකඩුවේ පදිංචි වයස අවු. 29 ඩෙනිසන් සිල්වා යන අයගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති නිසා වකුගඩුවක් බද්ධ කළයුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර ඇත. ඒ සඳහා අවශ්‍ය “ “O”” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් දීමට කැමැති පරිත්‍යාගශීලියෙකු සිටීනම් දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.

ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් අවශ්‍යවන නිසා මුදලින් ආධාර කිරීමට කැමැති අය හැටන් නැෂනල් බැංකුවේ මූලස්ථාන ශාඛාවේ මෙම ගිනුම් අංකයට 003020617674 මුදල් බැර කළ හැකියි. වැඩි විස්තර 0729413152, 0719766083 අංකයෙන් විමසන්න.
 


හොරොව්පොතාන ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි තිදරු පියෙකු වන කේ. ඉලංගරත්න යන අයට වකුගඩුවක් බද්ධ කිරීම සඳහා අනුරාධපුර රෝහලේ වකුගඩු ඒකකයේ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇත. මෙම බද්ධ කිරීම ඉතාම ඉක්මනින් කිරීමට සිදුව ඇති බැවින් ඒ සඳහා පරිත්‍යාගශීලි අයෙකු වේ නම් 0773 297967, 025 5719621 දුරකථන අංකයට දන්වන ලෙස ඉල්ලා සිටී.



 


වේයන්ගොඩ, රුක්මලේ, රුවන්පුර, අංක - 213 බී, නිවසේ පදිංචි එච්.පී. දිලානි මේනකා චන්ද්‍රසේකර ( 25 හැවිරිදි) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. ඇයට හැකි ඉක්මනින් “බී හෝ ඕ” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍ය මතයයි. ඒ සඳහා යම් පරිත්‍යාගශීලී අයෙකු වේ නම් දුරකථන අංක 033 4914844, 075 6700275 වෙත දැනුම් දෙන මෙන් ඉල්ලා සිටියි.

 

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් මස 25 වැනි දා සඳුදා අපරභාග 12.00 ට ලබයි.
26 වැනි දා අඟහරුවාදා අපරභාග 01.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 25 වැනි දා සඳුදා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 02 වැනිදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 25

New Moonඅමාවක

දෙසැම්බර් 02

First Quarterපුර අටවක

දෙසැම්බර් 09

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]